මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු බවත්, ඒත් සමගම ප්‍රජාතන්ත්‍රීය සහ යහපාලනය මූළික කර ගනිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ලක් කල යුතු යැයි පවසමින් 100කට අධික සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම්ලත් ‘විදීයේ විරෝධය‘ ව්‍යාපාරය පසුගිය මාසයකට ආසන්න කාලයක් ලංකාවේ විවිද ස්ථානවල සැරිසරමින් සිය යෝජනාද සමග ජනතාව දැනුවත් කරමින් සිටියි. ඒ අතරතුර ඊයේ(04) රාත්‍රී වීදියේ විරෝධය ව්‍යාපාරයේ සංවිධායක මණ්ඩලයේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ප්‍රසංග ප්‍රනාන්දු යන අයගේ නිවෙස් වලට මරා දමන ලද බල්ලන්ගේ හිස් කිසියම් පිරිසක් විසින් ගෙනවිත් දමා තිබේ.

කෙසේ නමුත් වීදියේ විරෝධය ව්‍යාපාරයේ මීගමුව පැවති වැඩසටහන පැවැත්වුනේ ද පසුගිය 4වනදා සවසය. එයට මීගමු පොලීසියේ බාධා කිරීම් රැසක් සිදු වූ අතර එම අවස්ථාවේදී ගරාජ් අංක සහිත ජීප්රථ කිහිපයක් ඒ අසලින් ධාවනය වූයේ ද පොලීසිය බලා සිටිය දීමය.

එයටත් පෙර හලාවත පැවති වැඩසටහනට ද බාධා කිරීම් සිදු වූ අතර පොලීසිය පුන පුනා පවසා සිටියේ ‘අපි කියන විදිහට කරේ නැතිනම් ඔබලාගේ ආරක්ෂාව තහවරැ කළ නොහැකියි‘ යන්නයි.

මෙවැනි නිවට ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ කවුරැන්ද කියා පසුගිය කාලයේ්ම සිදු වූ සිදුවීම් වලින් පැහැදිලි විය. වියරැ වැටි ඇති පාලකයන් සහ ඔවුන්ගේ බත්බැලයන් මෙලෙස කටයුතු කිරීම අරැමයක් නොවුනත් මේ නරැම පාලකයන්ගේ කට දෙපැත්තෙන් සෑම විටම වැක්කෙරෙන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි වදන්ය. ඒ නරැමකම මෙවැනි නිවටයින්ගේ උපන් ලක්ෂණයක් වන අතර එය ලබන 8වනදායින් අවසන් කරන්නට ජනතාවට සිහිය සහ කල්පනාව උදාවේවා යි අපි ප්‍රාර්ථනා කරමු.