‘‘මෙගා ෆෝන් බෑ, සිංදු කියන්න, කෑ ගහන්න බෑ, වීදි නාට්‍ය බෑ.. කරනවා නම් අවසර ගන්න ඕන..නැති නම් අපිට ආරක්ෂාව දෙන්න බෑ….‘‘
මෙවැනි බොහෝ දේ කියමින් ‘වීදියේ විරෝධය‘ කඩාකප්පල් කිරීමට පසුගිය 03වනදා හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උත්සහා කලේ ය. ඒ විදීයේ විරෝධය හලාවත දී පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී ය.

මෙම උත්සහය තුළ දක්නට ලැබුනේ පසුගිය නොවැම්බර් 21දා හම්බන්තොට දී, එහි නගරාධිපතිවරයා විසින් දැලි පිහි, පිස්තෝල රැගෙන පැමිණ වීදියේ විරෝධය කණ්ඩායමට පහර දී පසුව මාධ්‍ය ඉදිරියට පැමිණ කියූ කතා හෙවත් බොරැය. එනම්, ඔහු මාධ්‍යට කීවේ ‘මම ඇහුවා වීදි නාට්‍යක් කරන්න නගර සභාවේ අවසර තිබෙනවාද? පොලීසියෙන් අවසර ගත්තා ද? ‘‘ වැනි කියමන්ය.

වීදි නාට්‍යක් කිරීමට අවසර අවශ්‍ය නැති බව, මීට අවුරුදු ගණනකට පෙර වීදියේ ම කෑ ගසමින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විරෝධතා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් හොදින් දනී. නමුත් ඒ හම්බන්තොට නගරාධිපති, රාජපක්ෂගේ බත්බැලයා උවත් ඒවා නොදන්නේ බත්බැලයෙක් නිසාමය.
නමුත් අපි පුදුම වන්නේ නිල ඇදුම් ඇදගෙන, පොලීසිය සාමකාමී වැඩසටහන කඩාකප්පල් කරමින් විශේෂයෙන් වීදි නාට්‍යක් කිරීමට ත් අවසර ගත යුතු යැයි පැවසීමය. එපමණක් නොව පොලීසිය කියන ලෙස කලේ නැතිනම් ආරක්ෂාව සැලසීමට නොහැකි බවත්ය. පොලීසිය එසේ කියන්නේ නිරායුද, නීතිගරුක මිනිසුන්ටය. ජනතාවගේ මුදල්වලින් යැපෙමිනි.

දැන් එරාජ් වැනි මැර තක්කඩීන් පිස්තෝල සමග පැමිණ නිරායුද මිනිසුන්ට තර්ජනය කරමින් පහර දී කියන දේම පොලීසිය ද කීමෙන් පැහැදිලි වන්නේ පොලීසිය ද අද වන විට රාජපක්ෂගේ ඔඩොක්කුවේ හුරතල් වන බවය. එයට පහත වීඩියෝවෙන් මනාවට පිළිබිබු වෙයි.