එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති පහන් දැල්වීමෙහි දී ලසන්ත වික්‍රමතුංග ගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේ ය. ලසන්ත ඝාතනය කරන ලද්දේ කව්රුන්දැයි තමා දන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට තුන්තාවක් කියා සිටි බව කී ලාල් වික්‍රමතුංග එම අවස්ථාවන්හිදී එම තොරතුර අධිකරණයට ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටි බව ද වැඩිදුරටත් කියා සිටියා ය.

කලු ජනවාරියට තිත තබමු! වැඩසටහනෙහි ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් සහ අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මාධ්‍යවේදීන් සිහි කර ඔවුන්ට යුක්තිය ඉටුකිරීමට බලකරමින් එම පහන් දැල්වීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුරවැසි බලය සංවිධානය කළ එම වැඩසටහන කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල පැවති අතර විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියේ ය.

DSC_2657

DSC_2658

DSC_2676

DSC_2697

DSC_2720

DSC_2821

DSC_2852

More Photos here

Image Credit: Amila Gamage