කාත්තංකුඩි පොලීසියේ යැයි පැවසෙන බණ්ඩාර නැමැත්තා
කාත්තංකුඩි පොලීසියේ යැයි පැවසෙන බණ්ඩාර නැමැත්තා
මොන රෙද්දක් කරනවද දන්නේ නෑ. මුං දන්නේ නෑ අපි ගැන. මුංට දෙන්න ඕන බිම පෙරලගන‘ යැයි ඊයේ(21) මඩකලපුවේ, කාත්තංකුඩි, කාර්මික විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකට පැමිණි සිවිල් ඇදුමින් සැරසුනු කාත්තංකුඩි පොලීසියේ බණ්ඩාර නැමැත්තෙකු කියමින් සිටියේය. විරෝධය සංවිධානය ක තිබුණේ මඩකලපුවේ කාන්තා කණ්ඩායම් විසිනි. විරෝධතාවයට හේතු වී තිබුණේ යාපනයේ,කයිට්ස් හි දූෂණය කර මරා දමා තිබූ විත්‍යා දැරියගේ ඝාතකයන්ට වහාම දඩුවම් දිය යුතු යැයි ද එවැනි දූෂණ සහ මරා දැමීම් වලක්වාලීමට ආණ්ඩුවට බලකිරීමත්ය.

කාන්තාවන් 80කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි එම විරෝධතාවයට බුද්ධි අංශ නිළධාරීන් මෙන්ම සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරීන්ද පැමිණ සිටියේය. එම සිවිල් ඇදුමින් පැමිණ සිටි පොලිස් නිළධාරීන්ගේ මූලික කාර්ය වී තිබුණේ විරෝ්ධතාවයේ නිරත කාන්තාවන් ඡායාරෑප සහ වීඩියෝ කිරීමය.

සාමාකාමීව පැවති එම විරෝධතාවය අතර එසේ පැමිණ සිටි සිවිල් ඇදුම් සැරසුණු පොලිස් නිළධාරීන්ගෙන් එක් අයෙක් වන ‘බණ්ඩාර‘ නැමැත්තෙක් අනෙක් පොළිස් නිළධාරීන් සමග ‘මොන රෙද්දක් කරනවද දන්නේ නෑ. මුං දන්නේ නෑ අපි ගැන. මුංට දෙන්න ඕන බිම පෙරලගන‘ යැයි සිංහලෙන් කියමින් සිටියේ ය. නමුත් එතැන සිටි කිසි අයෙකුට ‘සිංහල නොතේරෙන‘ නිසා එය වැටහුනේ නැත.

එය බරපතලය

එය පැමිණ සිටි අයට නොතේරුනත් කියමන බරපතලය. ඔවුන් පැමිණ සිටියේ කුමක් හෝ සිදුවුවහොත් පහර දීමටය. එම වචන තුළ ඇත්තේ එයය. මෙවැනි නරුම පොලිස් නිළධාරින් සිටින නීතිය ක්‍රියාත්මක ආයතනයක් මිනිසුන්ගේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතින් පිළිගනීද? සාමකාමීව විරෝධතාවයේ යෙදෙන මිනිසුන්ට පහර දිය යුුතු බව ප්‍රකාශ කරන මෙවන් නිළධාරීන් පිළිබදව යහපාලනය කියන්නේ කුමක්ද?

මෙවැනි සිදුවීම් රාජපක්ෂ පාලන කාලය තුළ සෑම ස්ථානයකම දක්නට ලැබිණි. නමුත් රාජපක්ෂ පාලනය අවසන් වී ඇතත් මෙවැනි ලෙස සිවිල් ඇදුමින් සැරසුනු නිළධාරින් පසුගිය මැයි 18 දා මුල්ලිවෛක්කාල්වලත් දක්නට ලැබිනි. එහ පැමිණි සියලු අයගේ ඡායාරෑප ගැනීමට ඔවුන් උත්සුක වූ අයුරු දක්නට ලැබුණු අතර ඇතැම් අවස්ථාවල පැමිණ සිටි පිරිස්ගේ විස්තර ගැනීමටත් ඔවුන් උනන්දු විය.

එසේම පසුගිය 8වනදායින් පසුව කොළඹ ඇතුලු අනෙකුත් ප්‍රදේශවල පැවති රැස්වීම්, විරෝධතා සියල්ලටම මෙවැනි බුද්ධි අංශ යැයි කියා ගන්නා පිරිස් පැමිණ සුපුරුදු රාජපක්ෂ පාලන කාලයේ සිදුකල සියලු දේවල් කිරීමට උත්සහ කළේය.

මෙයින් පෙනෙන්නේ රාජපක්ෂ ගෙදර ගියාට රාජපක්ෂ විසින් ආරම්භ කරමින් පෝෂණය කළ මර්දන ක්‍රියාවලිය සදහා සකස්කල යාන්ත්‍රණය තවමත් එසේම ක්‍රියාත්මක වන බවය.

මොවුන් හදුනාගැනීම සදහා එතැන සිටි එවැනි අයගේ ඡායාරෑප සියල්ල මෙසේ ප්‍රසිද්ධ කරමු.

edit

2

3

4

5

6