Image: Vikalpa file

ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී වුනු තත්ත්වයක් තුළ යාපනය මාධ්‍ය සමාජය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසමින්, ඉල්ලීමක් සිදුකර ලිපියක් යොමු කර තිබේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ‘මාරුවෙන් මාරුවට පාලනයට පැමිණි පාර්ශවයන් නමට විභාගයක් පැවැත්වීම සඳහා කොමිසම් සභාවන් පත්කිරීම එම කොමිසම් මඟින් පවත්වන විමර්ශණ කටයුතුවලින් විසඳුමක් ලැබෙනු ඇතැයි ඝාතනයට පත්වූ, අතුරුදහන්වූ මාධ්‍යවේදීන්ගේ සහකරුවන් විසින් සාක්‍ෂි හා කටඋත්තර ප්‍රකාශයන් ලබාදී තිබුණි. එම විභාග කොමිසම්වලට හා එහි වාර්තාවලට සිඳුවුයේ කුමක් දැයි අද වනතෙක් කිසිඳු තොරතුරක් නැත.

මෙවැනි තත්වයකදී අතුරුදහන්වූවන් ගැන විභාග කටයුතු නැවැත ආරම්භ කරන බවට ඔබතුමන් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්‍ධයෙන් පවසා තිබුණි. එය යාපනය මාධ්‍ය සමාජය විසින් හෘදයාංගව පිළිගන්නවා. නමුත් හුදෙක් නමට පමණක් වූ විභාගයක් ලෙස හෝ කුණු කූඩයට දැමීමට හෝ නොතිබිය යුතු යැයි අප ඉල්ලා සිටින්නෙමු.‘ යනුවෙනි.

පහත දැක්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යොමු කල එම ලිපියේ සිංහල අනුවාදයයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,

2000 වසර අවසානයේදී මාධ්‍යවේදී මයිල්වාහනම් නිමලරාජන්ගේ ඝාතනයත් සමඟ ව්‍යාප්ත වූ දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව වසර විස්සක කාලයක් තුල උතුර – නැගෙණහිර පළාත්වල බොහෝ දෙනෙකු ඝාතනය වීමට හා අතුරුදහන්වීමට මඟ පාදාදී තිබුණි. විශේෂයෙන් යාපනයේ දී මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ඝාතනයට පත්වුණි. ඇතැමුන් අතුරුදහන් වුණි. මාධ්‍ය ක්‍රියාකරුවන්ද ඝාතනයට ලක් වූ අතර මාධ්‍ය ආයතන රැසක්ද බොහෝ අවස්ථාවල පහරදීම්වලට ලක්වී තිබුණි.

ඒ අතර වන්නි යුද්දය පැවැති කාලය තුල මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු සලකුණක්වත් නැතිව ඝාතනයට පත්වුණි. ඔවුන් මාධ්‍යවේදීන් යැයි පිළිගැනීමට පවා අද වනතෙක් ප්‍රතික්‍ෂේප කරන කථාව දිගටම පවතියි. විශේෂයෙන් අවසන් යුද්ද යේදී මියගිය, අතුරුදහන්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක්‍රියාකරුවන් ගැන තහවුරු කළ හැකි තොරතුරු කිසිවක් නැතිව තිබේ.

මෙවැනි තත්ත්වයකදී නීතියට පටහැනි ලෙස සිඳුවූ ඝාතනයන්, පැහැරගෙන යෑම් සම්බන්‍ධයෙන් සඳහන් කළ හැකි අයුරින් කිසිඳු විභාගයක් පවත්වා නොමැත. සිඳුකළ අවස්ථාවලදී පවා ආරම්භ කර එය කුණු කූඩයට දමන ලදි.

නමුත් මාරුවෙන් මාරුවට පාලනයට පැමිණි පාර්ශවයන් නමට විභාගයක් පැවැත්වීම සඳහා කොමිසම් සභාවන් පත්කිරීම එම කොමිසම් මඟින් පවත්වන විමර්ශණ කටයුතුවලින් විසඳුමක් ලැබෙනු ඇතැයි ඝාතනයට පත්වූ, අතුරුදහන්වූ මාධ්‍යවේදීන්ගේ සහකරුවන් විසින් සාක්‍ෂි හා කටඋත්තර ප්‍රකාශයන් ලබාදී තිබුණි. එම විභාග කොමිසම්වලට හා එහි වාර්තාවලට සිඳුවුයේ කුමක් දැයි අද වනතෙක් කිසිඳු තොරතුරක් නැත.

මෙවැනි තත්වයකදී අතුරුදහන්වූවන් ගැන විභාග කටයුතු නැවැත ආරම්භ කරන බවට ඔබතුමන් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්‍ධයෙන් පවසා තිබුණි. එය යාපනය මාධ්‍ය සමාජය විසින් හෘදයාංගව පිළිගන්නවා. නමුත් හුදෙක් නමට පමණක් වූ විභාගයක් ලෙස හෝ කුණු කූඩයට දැමීමට හෝ නොතිබිය යුතු යැයි අප ඉල්ලා සිටින්නෙමු.

ප්‍රගීත් ගැන කථා කරන විට යාපනයදී අතුරුදහන්වූ රාමචන්ද්‍රන් සිට වන්නි අවසන් යුද්දයදී තොරතුරු කිසිවක් නැතිව අතුරුදහන්වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකරුවන් සියළු දෙනා ගැන ද විභාගයක් අවශ්‍ය බව අප ඉල්ලා සිටින්නෙමු.

එලෙසම ඝාතනයට පත්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක්‍රියාකරුවන් ගැන ද විභාගයක් අවශ්‍ය බව අවධාරණය කරන අතර, අපරාධකරුවන්ව නීතිය හමුවේ ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලා සිටින්නෙමු. තවද මාධ්‍යවේදීන්ව ඝාතනය කිරීම හා පැහැරගෙන යෑමේ සිද්ධියන් පවතින ආරක්‍ෂක ක්‍රමවේදයන් යටතේ පවත්වන විභාගයන් ගැන අපට විශ්වාසයක් නැත. එමනිසා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවල නිරීක්‍ෂණය යටතේ අපක්‍ෂපාති විභාගයන් පවත්වන්නයි අප ඉල්ලා සිටින්නෙමු.

යාපනය මාධ්‍ය සමාජය

ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය ඇසුරිනි