‘‘පහුගිය මැතිවරණ කිහිපයකම මම ඡන්දෙට හිටියේ මෙහෙ. මම ඡන්දේ දැම්මේ කෝප්පායි. උතුරු පළාත් සභාව වේලාවේ අප ඡන්දේ දාන්න ආවෙත් බයෙන්,පහුගිය ජනාධිපතිවරණයේත් එහෙමයි. නමුත් අද අපි ඔක්කොටම එහෙම බයක් දැනෙන්නේ නෑ . අපි ඡන්දෙ දැම්මා. ඡන්දේ දාලා ගෙදර ගිහිල්ලා අපේ වැඩක් කරගන්න පුලුවන්. ඉස්සර එහෙම නෙවේයි. කොයි වෙලාවෙත් කෑ ගහගෙන යනවා. හවසට ඇදරිනීතිය දායි කියලා අපි ඉන්නේ බයෙන්. දැන් හොදයි. මේක මේ විදහටම තියෙයි කියලා අපි හිතනවා. මේක යාපනේ කාලෙකින් තිබුණු සාමකාමී මැතිවරණයක් ‘‘ යාපනයේ, කෝප්පායි වල ඡන්දය ප්‍රකාශ කිීමට පැමිණි අයෙක් අප සමග පැවසීය.

මෙයට සමාන අදහස් අද(17) උදෑසන සිට අප යාපනය අර්ධද්වීපයේ, වඩ්ඩුකෝඩෙයි, මානිප්පායි, උඩුවිල්, තෙල්ලිප්පලෙයි, කන්කසන්තුරේ, වැල්වැටිතුරේ. චාවකච්චේරි වැනි ප්‍රදේශවල දි අසන්නට ලැබිණි. එසේම අද උදෑසන සිට ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණෙන බවත්, සුලු සිදුවීම් හැරෙන්නට, ඡන්ද ප්‍රකාශකිරීම බලපෑ හැකි, බරපතල ගණයේ ප්‍රචණ්ඩක්‍රියාවක් හෝ මැතිවරන නීති උල්ලංගණය කිරිමක් ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන විට වාර්තා නොවීය.

එසේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව යාපනයේ නගරයේත්, නගරයෙන් පිටත් කිසිදු අන්දමක මැතිවරන පෝස්ටර් ප්‍රදර්ශණය කිරිමක් දක්නට නොලැබුනු අතර එසේ ප්‍රදර්ශනය කර තිබූ ඇතැම් ස්ථානවල පවා පොලීසිය විසින් අද උදෑසන වන විට ඒවා ඉවත් කර තිබීමත් විශේෂත්වයකි. තොරතුරැවලට අනුව 60% වඩා ඡන්ද ප්‍රතිශතයක්, යාපනයේ ඡන්ද ප්‍රකාශ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

පහතින් දැක්වෙන්නේ සටහන් කරන ලද ප්‍රෙද්ශවල ඡන්දය භාවිතා කිරීමට පැමිණි ජනතාවයි.

IMAG1645

IMAG1660

IMAG1661

IMAG1672

IMG_8212

IMG_8222

IMG_8225

පහතින් දැක්වෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක අසල දමාගොස් තිබුණු පක්ෂවල නිළ ලාංඡන සහ මනාම අංක සළකුණුකරන ලද කාඩ්පත්ය

IMAG1637

IMAG1654

යාපනයේ සිට, සම්පත් සමරකෝන්