සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවටත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දීම පිණිස අතුරුදහන්කරවීම් යොදා නොගත යුතු බවටත් මතයක් ඇති කිරීම පිණිස මෙම දිනය යොදා ගනු ලැබේ. මෙම වසරෙහිදී ද ලොව පුරා අතුරුදහන්වීම්හි ගොදුරුබවට පත් වුවන්ට යුක්තිය ඉටු කරන සේ සහ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කරන සේ ඉල්ලා සිටිමින් මෙම අදට(අගෝස්තු 30) යෙදෙන එම දිනය සැමරේ.

එම ජාත්‍යන්තර දිනයට සමගාමීව මන්නාරමේදී අතුරුදහන්කිරීම්වලට එරෙහිව වැඩසටහනක් පැවත් වූ අතර එයට අතුරුදහන් වූවන්ගේ සමීපතමයින් සිය ගණනක් පැමිණ සිටියේ ය. එහිදී ඔවුන් විශේෂයෙන් ඉල්ලා සිටියේ පත් වූ නව පාලනය විසින් වසර ගණනාවක් වන තමන්ගේ වේදනාවට යුක්තිය ලබා දිය යුතු බවයි. එසේම එහීදී තමන්ට යුක්තිය ඉෂ්ඨ කර ගැනීම සදහා ජාත්‍යන්තර පරික්ෂණයක අවශ්‍යතාවය ද මතු කරන ලද අතර දේශීය පරීක්ෂණයක දී එහිදී ඇතිවුනු සහ ඇතිවිය හැකි විශ්වාසනීය භාවය පිළිබද ඔවුන් ප්‍රශ්ණ කර සිටියේ ය.

එම වැඩසටහන සංවිධානය කර තිබුණේ මන්නාරමේ සිවිල් සංවිධාන විසිනි.

පහත දැක්වෙන්නේ එහි ඡායාරෑප සටහනයි(මෙහි සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)

IMG_0066

IMG_0061

IMG_0051

IMG_0047

IMG_0045

IMG_0044

IMG_0041

IMG_0036

IMG_0032

IMG_0004

IMG_0084

IMG_0072

IMG_0080