ශ්‍රී ලංකාවේ සිදුකල යුද්ධයේදී සිදුවුනු යුද අපරාධ සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විභාග කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් පැවැත්වූ අත්සන් ව්‍යාපාරයේදී එයට මෙතෙක් එක්ලක්ෂ පනස්දාහකට අධික(150000) අත්සන් ප්‍රමාණයක් ලැබී ඇතැයි දෙමළ ක්‍රියාකාරී කමිටුවේ නායක මහාචාර්‍ය වි.පි. සිවනාදන් මහතා ග්ලෝබල් ටැමිල් පුවත් සේවයට පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කරන ලද විමර්ශන වාර්තාව පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ(17) දින සවස යාපනයේ පැවැත්වුනු අතර එහිදී අදහස් ප්‍රකාශ කරමින් සිවනාදන් මහතා මේ බව පවසා සිටියේය.

Jaffna

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පීඩාවට පත්වූ ජනතාව කෙරෙහි ද අවධානය යොමුකර තිබීමට ස්තූතිය පළකරන අතර අභ්‍යන්තර විභාග ක්‍රමවේදය පමණක් සිදු කිරිම ප්‍රමාණවත් නොවන බව එම වාර්තාවෙන් පෙන්වා තිබීම ගැන සතුට ප්‍රකාශ කළේය. එසේම ජාත්‍යන්තර විභාගයක් ඉල්ලා මෙතෙක් එක් ලක්‍ෂ පනස් දාහකට(150000) අධික අත්සන් ප්‍රමාණය ඇතුලත්, එහි මුල් පිටපත් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා වෙත භාර ඉතා ඉක්මණින් බාර දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසීය.

GTF74ගෝලිය දෙමළ සංසදය

මේ අතර ගෝලිය දෙමළ සංසදය පවසා සිටින්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ යෝජනාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේම ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ, යෝජිත දෙමුහුම්(Hybrid) අධිකරණ යේ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීම සමඟ සම්පූර්ණ ස්වාධීන විභාගයක් පවත්වා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, විභාග කටයුතු හා දඞුවම් ලබාදීමේ ක්‍රිමවේදය ජාත්‍යන්තරයෙහි මැදිහත්වීමකින් තහවුරු කිරීමේ යෝජනාවක් සම්මත කිරීම ද සාමාජික රටවල්වල වගකීමක් බව ද පවසා තිබේ. වාර්තාවේ සෑම යෝජනාවක්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලීමට සහයෝගය ලබාදෙන්නයි ශ්‍රී ලංකා රජය වෙත සාමාජික රටවල් ඉල්ලා සිටිය යුතු යැයි ගෝලීය දෙමළ සංසදය වැඩිදුරටත් පවසා තිබේ.

elangovan_CIතමිල්නාඩු කොංග්‍රස් පක්‍ෂ නායක ඊ.වි.කේ.එස්. ඉලන්කෝවන්

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් යන දෙදෙනා විසින් කළ අපරාධ ක්‍රියාවන් ගැන විභාග පැවැත්විය යුතු යැයි තමිල්නාඩු කොංග්‍රස් පක්‍ෂ නායක ඊ.වි.කේ.එස්. ඉලන්කෝවන් පවසා තිබේ. යුද අපරාධ පිළිබඳව තමිල්නාඩු පාර්ලිමෙන්තුවේදී යෝජනාවක් සම්මත කිරීම ප්‍රශංසනීය කරුණක් යැයි ඔහු සඳහන් කර තිබෙන බව එහි වැඩිදුරටත් සදහන් වේ.(GTN)

mangala-samaraweera1මේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා උපුටා දක්වමින් දෙරණ වෙබ් අඩවිය සදහන් කරන්නේ, ‘‘කෙසේ වෙතත් මේවන විට සිදුවීයයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝණයවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ජනවාරි මාසය වන විට ඒ පිළිබඳ අවසන් යාන්ත්‍රණය සකස් කොට මාස 18 ක් තුළ එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ (17) දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.‘‘

බෑං කින් මූණ්

මේ අතර බෑංකීන් මූණ් පවසා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුනු ශ්‍රී ලංකාවේ යුද ගැටුම හා සමබන්ධ වාර්තාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති නිසා ලැබී ඇති මෙම යහපත් තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යා යුතු බව ලංකා රජයෙන් ඔහු ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

‘ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා ශ්‍රී ලංකාව ආරක්‍ෂක මණ්ඩලයට යොමු කරන්න’

puthumaththalan_2009

යුද සමයේ සිදුකරන ලද බරපතල අපරාධ පිළිබඳ පූර්ණ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ සළසනු වස් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමුකරන ලෙස උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන පූජක ප්‍රජාවේ නියෝජිත පිරිසක් විසින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙන බව JDSLanka වෙබ් අඩවිය සදහන් කරයි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝණයන් පිළිබඳ විභාග කිරීම සඳහා දෙමුහුම් අධිකරණයක් නිර්දේශ කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන වාර්තාව බදාදා (16) ජිනීවාහිදී එළි දක්වීමට සමාන්තරව මහ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති මෙම ලිපිය සඳහා මඩකළපුවේ රදගුරු පොන්නයියා ජෝසෆ් සහ ත්‍රීකුණාමලයේ රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලෛ ඇතුළු උතුරු – නැගෙනහිර පූජක ප්‍රජාවේ සාමාජිකයන් 170 දෙනෙකු අත්සන් තබා තිබේ.