Featured Articles, Features, Puravasi Katha

රේන් රේන් ගෝ අවේ….

ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද?

ගිය සතියේ සිකුරාදා උදේ පාන්දර ඉඳලා වැස්ස. වැස්සට කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යට වුණාග මම උදේ දරුවව ඉස්කෝලෙට ඇරලලා වැඩට යන්න හිතාගෙන එළියට ආවත් පැය ගාණක් ට්‍රුෆික් එකේ ඉඳලා ඉඳලා ආපහු ගෙදර ආවාග කාසල් වීදියේ වට රවුම ළඟත් බෞද්ධාලෝක මාවතට ඇතුල්වෙන තැන කනත්ත වට රවුමත් වාහන වලට එගොඩවෙන්න බැරි තරමට වතුරෙන් යට වෙලා තිබුණා.

අපි වාහන හරවගෙන ගෙදර ආවා.

දරුවට ඉස්කෝලෙත් නෑග මට වැඩට යන්නත් නෑ.

අද සඳුදාග අදත් මගට ගිහින් වාහනේ හරවගෙන ආවා. ලොරි, ත්‍රීවීලර්, කාර්, ගංගාවල් වෙච්ච පාරවල් මැද්දෙ හිර වෙලා.

අදත් වැඩ නෑ. ළමයට ඉස්කෝලෙත් නෑ. මේ ඉතිං කොළඹ නගරයනෙ.

මගේ කාර්යාලය තියෙන්නෙ කොළඹ හතේ. ඒකනං තව මොකද? කී දෙනෙක්ගෙ ගෙවල් දොරවල් පවා යටවෙලාද? බස්වල යන මිනිස්සු මොන දුකක් විඳිනවා ඇත්ද?

වැස්සක් දෙකක් වැස්සම ඉතිං මුළු කොළඹම ජන ජීවිතය ඉවරයි. හරිම අභාග්‍යසම්පන්නයි.

ඉතිං නගර සභාවල නිලධාරීන්ට හරි ඔය එක එක ජාතියේ පළාත් පාලන ආයතනවල ඉන්න ළමයින්ට හරි නැත්තං අපේ කාර්ය බහුල ඇමතිවරුන්ට හරි දොස් කියලා පළක් නෑනෙ.

ඒගොල්ලන්ටත් මොකක් හරි මෝසම් හුළඟකට බනිනවා ඇරෙන්න කරන්න දෙයක් නෑනෙ…..

වහිනවා කියලත් මෙහෙම එක පාරට යකෙක් වගේ කඩා වැටෙන්න ඕනෙද?

ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද?

නදී