මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්, මාධ්‍ය සංවිධාන, සහයෝගය ලබා දෙන වෘත්තීය සමිති සහ පුරවැසියන් එක්ව විරෝධතාවයක් අද(29)පැවත්වීය. කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත් වූ  අතර පහත දැක්වෙන්නේ එහි ඡායාරෑප සහ වීඩියෝ සටහන්ය.


@Maatram
මේ එම විරෝධතාවයේ සටන් පාඨයි.

දෙදාස් පහේ – බක් මාසේ
මහපාරේ – මරා දැමූ
මාධ්‍යවේදි – සිවරාම්ට
යුක්තිය කෝ – යුක්තිය කෝ

සිවරාම්ගෙ – ඝාතකයෝ
තවම සිටී – නිදැල්ලේ
යුක්තිය කෝ – තවම නැතේ
යාහපාලනෙ – සද්ද නැතේ

දෙදාස් පහේ – බක්මාසේ
පැහැර ගත්ත – සිවරාම්ගෙ
සිරුර තිබුණෙ – කිඹුල ඇලේ
අධි රක්ෂිත – කලාපයේ

සොයව් සොයව් – ඝාතකයන්
සිවරාම්ගෙ – ඝාතකයන්
ජනමාධ්‍ය – මර්දනයට
එපා එන්න – යළිත්වරක්

ආණ්ඩුවට – අපි කියන්නේ
තවදුරටත් – නිහඩ නොවී
සිවරාම්ගෙ – ඝාතකයන්
අධිකරණෙට – අරන් එන්න

යහපාලනෙ – ආපු ගමන්
ඝාතකයන් – සොයන බවට
පොරොන්දු දී- ඇති පදමට
දැන් නිහඬයි – සද්ද වහල

මාධ්‍යයට – මුදාහැරපු
ආණ්ඩුවේ – ත‍්‍රස්තවාදෙ
නැති කරලා – දෙනව කිව්ව
පොරොන්දුවට – මොකද වුණේ

අපේ සොයුරු – තාරකීට
යුක්තිය ඉටු – නොකලෝතින්
අපි ඔක්කොම – එකතු වෙලා
ඇවිත් – සටන් වදිමු

IMAG3726

IMAG3728

IMG_0172

IMG_0140

Full Photo Set here

Image and Videos by: Maatram.org/ Rajesh