වසර 22ක(1994-2016) ඓතිහාසික ගමනකින් පසුව ලංකාවේ පුරවැසියන්ට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හිමිව තිබේ. පසුගිය 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවෙන් සම්මත විය. සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණතට අනුව 2016 සැප්තැම්බර් 30 වනදා ජනාධිපතිවරයා විසින් තොරතුරු කොමිසම පිහිටුවන ලදි. එසේ සම්මත වූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පණත පසුගිය 03වනදා සිට බලාත්මක කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ අතර පහත දැක්වෙන්නේ එම ගැසට්(S/T/E) නිවේදනයයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පණත බලාත්මකයි – මෙන්න ගැසට් පත්‍රය by Sampath Samarakoon on Scribd

කෙසේ නමුත් යම් සීමාවන්ට යටත්ව ඇති මෙම පණතින් උපරිම ඵල නෙළා ගැනීමට නම් පුරවැසියා සහ පුරවැසි සංවිධාන වඩාත්ම දැනුම්වත් වී බලාත්මක විය යුතුයි. එසේ නැති වුවහොත් දේශපාලන බලඅධිකාරය විසින් පාලනය කරන පණතක් ලෙස පැවතුනහොත් මෙයින් පුරවැසියන්ට සහ රටට වැඩදායක නොවනු ඇත. එබැවින් මෙම පණත සහ ඉන් ප්‍රයෝජන ගැනීම, පුරවැසියා ඒ සදහා යොමු කිරීමට පුරවැසි සංවිධානවලට ප්‍රභල කාර්යක් පැවරෙනු ඇත.

ලංකාවේ වසර 22ක තොරතුරු පණතේ ඉතිහාසයේ සියලුම සංධිස්ථාන

සබැදි සටහන්

#RTIsl | ‘සිහිනයටත් මගේ තියනවා අයිතියක්, දැනගන්න කිමෙක්දැයි සැබෑ නොවනා කරුණ‘[Video]

#RTIsl Time Line | තොරතුරු අයිතියේ ‘ගමන් මග’

#RTIsl | ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය’ ඊට අදාළ අනාගත දැක්ම වන්නේ, රහස්‍ය භාවයේ සංස්කෘතිය අවසන් කිරීමයි

#RTIsl තොරතුරු දැණගැනීමේ අයිතිය | පළමුව සම්මත කරමු!