1971 අපේ‍්‍රල් නැගිටීමේ 46වන සමරුව සම්බන්ධයෙන්, ජනතා විමුක්ති පෙරමු‍ණේ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ මහතා විසින් ඊයේ(05) කොළඹදී පැවති සමරු වැඩසටහනක දී අදහස් දැක්වී ය. ‘71 අප්‍රේල් සංසදය‘ විසින් සංවිධානය කර තිබූ එම සමරු වැඩටහනේ දී ලයනල් බෝපගේ මහතා විසින් දැක්වූ අදහස් වල ලිඛිත පිටපතක් ‘විකල්ප‘ වෙත එවා ඇති අතර එය පහතින් පළකරමු.

##

පළමුවෙන්ම මා ස්තූතිවන්ත වෙනවා 71 සහෝදරත්ව සංසදයේ සහෝදර සහෝදරියන්ට, 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් පවත්වන මෙම 46 වැනි සැමරුමේ දී, හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපය පිළිබඳව අදහස් ස්වල්පයක් දක්වන්නට මට ආරාධනා කිරීම ගැන.

1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් කථා කරන හැම විටකම පාහේ පැන නඟින මාතෘකාවක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වෙත නැඹුරු වී සිටි බවට. මේ සම්බන්ධයෙන් පිළිතුරු සොයා ගන්නට, මම කැමතියි ඊට සමාන්තර ප‍්‍රශ්ණයක් මතු කරන්නට. ඒ ප‍්‍රශ්ණය නම්, එදා පැවතුන ජාත්‍යන්තර හා දේශීය දේශපාලන බල කඳවුරු විසින්, එදා සිටි තරුණ පරම්පරාවට තමන්ගේ නවයොවුන් ප‍්‍රාර්ථනාවන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලද මූලික වෙනස්කම් සාක්‍ෂාත් කර ගන්නට, ඔවුන්ට සාමකාමී මාවතක් හෝ අවස්ථාවක් ලබා දුන්නාද යන්න යි. මෙයට පිළිතුරු සොයන්නට නම්, ඒ කාලයේ පැවති ජාත්‍යන්තර හා දේශීය දේශපාලන වාතාවරනයත්, ඒ කාලයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපයත්, සාකච්ඡුාවට ලක් කළ යුතු වෙනවා. අද ලැබී තිබෙන මෙම අවස්ථාව මා යොදා ගන්නේ, හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපය ගැන අදහස් ස්වල්පයක් දක්වන්නට පමණයි. එහෙත් 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් ඇති වගකීම්වලින් ජනතා විමුක්ති පෙරමුණ නිදහස් කරන්නටවත් මා නිදහස් වෙන්නටවත් එයින් අදහස් කරන්නේ නැහැ.

1960 දශකයේ, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත‍්‍රයේ වැදගත් වෙනස් වීම් ගණනාවක් ඇති වුනා. මේ වෙනස්වීම්, ජනතා විමුක්ති පෙරමුණේ උපතටත්, එහි විකාශනයටත් තදින්ම බල පෑවා.

ඒ කාලයේ ධනවාදය,…..සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න