Image by: NPR

පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘ අද දහවල් මහරගම තරුණ සේවා සභාවේ ආධාර එකතු කරන ස්ථානයේ තරුණයෙක් ලවුඩ්ස්පීකරයෙන් කියනු ඇසිනි. ‘එන්න කුමක් හෝ අරන් එන්න, අපේ ම අයට උදව් කරන්න, එන්න.‘‘ තවත් තැනක කියනු ඇසිනි.

මිනිස්සු ආපදාවකදී එකිනෙකාට උදව් කර කරගැනීම හොද දෙයක්. සියලු දේ ‘බදා ගන්න‘ කාලේ මේ වෙලාවෙ හරි ‘දෙන්න‘ හිතෙනවා නම් එ්ක වැදගත්. ‘මේවා අපේ ඒවා යකෝ, තොපි කොහොමද ඒවායේ ගෙවල් හදන්නේ‘ කියලා සිවුරු දාගත්තු මැරයො ගිහිල්ලා අනෙක් ජාතීන් ඉස්සරහ තග දාන කාලේ, හැකි පමණ ‘දීම‘ ‘බෙදා ගැනීම‘ අභ්‍යාස කිරීමත් ඒ සිවුරුකාර මැරයින්ට කියා දෙන හොදම පාඩමක්…!!! දැන් මේ එකතු කිරිල්ලයි, බෙදිල්ලයි තව දිනක කිහිපයකින් නතර වෙනවා. එකතු කරපු අයයි, බෙදපු අයයි සුපුරුදු විදිහටම ප්ලාස්ටික්, පොලිතින් අවමය කෙසේ වෙතත් සුපුරුදු අධිකමය තත්ත්වයෙන් ජීවිතේ ගෙනියනවා.

නමුත් කවදා හරි හිතුවද මේවා ‘ස්වාභාවික විපත්‘ නොවන වග. මේ ව්‍යසනයන් බරපතල වීමේ තත්ත්වය අපි විසින්ම ඇති කරන ලද්දක් බව. අඩුම තරමේ ගහකොල, වනාන්තර, කදු, ඇල දොළ..මහපොළව නොතකා සිදුකරන ඊනියා සංවර්ධනයේ එක් ප්‍රථිඵලයක් බව,

එ නිසා ආධාර එකතු කරන්න ෆයිට් කරා වගේ මේ වැඩේ අවසන් උනාම, පරිසරය, ගහකොල, කදු බෑව්ම්…මහපොළව නොතකා ලංකාවේ සිදුකරන, සිදු කරන්න ට නියමිත ඊනියා සංවර්ධන ව්‍යාපෘතිවලටත් විරුද්ධව පාරට එමුද? (උදාහරණයකට පොඩ්ඩක් ගිහින් බලමුද උමාඔය)

එය නැවත වරක් ව්‍යසනයකදී ඔබට ආධාර එකතුකිරීමට සිදුකරන්න වෙන කාලය අවම කරාවි…. ඔබේ අපේ සමීපතමයින් ඇස් ඉදිරියේ මහපොළව තුළ වැලලෙන එක නතර කරාවි. පරම්පරා ගණනාවකගේ ආදරණීය මතක රැදුනු ගේ දොර දියපහරට ගසාගෙන යන එක නතර වේවි.!

මහපොළව, පරිසරය නොතකන සංවර්ධනයට එරෙහිව, මහපොළවට, පරිසරයට ආදරය කරන්න දරුවන්ට, මිනිසුන්ට කියා දෙන්න පාරට එමුද?

එදාට මහපොළව හුස්ම ගනීවි. ගහකොළ හිනැහේවි..වැස්ස ඔහේ වැහැලා.. තමන්ගේ පාඩුවේ ගලා බසීවි…කැලේ තමන්ට ඕන විදිහට මිනිසුන්ටත් උදව් කරමින් සිසිල දේවී..ජීවත් කරාවි ලොවම……

ආධාර ද…? ජීවිතයේ සහ මහපොළවේ පැවැත්ම ද…?