Image Credit: JDSlanka

වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කුප්‍රකට නාමයක් ඇති ශ්‍රී ලංකා පොලිස් ඒකකයක් විසින්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි ව්‍යාපාරයක පෙරමුණේ සිටින දෙමළ කාන්තාවකට හිරිහැර කිරීම තව දුරටත් සිදු කරගෙන යන බව ජේඩීඑස් වෙබ් අඩවිය වාර්තාකර සිටියි.

නොනවත්වා හිරිහැර

අතුරුදහන් කරණ ලද තම ආදරණියන් පිළිබඳ නිවැරදි තොරතුරු සපයා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින්, නිදිවරමින් සිදුකරනු ලබන අවිහිංසාවාදී අරගලයේ නායකත්වය ගෙන කටයුතු කරණ මරියසුරේෂ් ඊශ්වරී සොයා, මුලතිව් ප්‍රදේශය වෙත අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිට පිටම පැමිණ ඇත.

අතුරුදන්වූවන් සොයන අරගලයේ ප්‍රමුඛ පෙළේ දෙමළ ක්‍රියාකාරිණියක වන මරියසුරේෂ් ඊශ්වරීට, අතුරුදහන් කරන ලද ආදරණියන් සොයන අවිහිංසාවාදී අරගලට නායකත්වය සැපයීම හේතුවෙන්, පසුගිය සතියේදී(14), නාදුනන පිරිමින් තිදෙනකු විසින් අඩත්තේට්ටම් කරමින්, පහර දී තර්ජනය කර ඇත.

පසුගිය 20 වැනි ඉරිදා, මරියසුරේෂ් ඊශ්වරී, සොයා දෙවරක් පැමිණි පොලිස් නිලධාරින්, පහරදීම පිලිබඳ කටඋත්තරයක් ලබා ගැනීමට යැයි පවසමින් ඇයට, පොලිස් ස්ථානය වෙත යාමට බලපෑම් කරණ ලදී. ඊශ්වරි, තමාට සිදු කරණ ලද පහරදීම ගැන ප්‍රකාශයක් ඒ වන විටත් පොලීසිය වෙත සිදු කර තිබු හෙයින් ද, සහ ඇයගේ නීතිඥයා ඇය සමග නොවූ හෙයින් ද, පොලිසිය වෙත යාම ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්වරීට සිදුකරණ ලද පහරදීම් හේතුවෙන් වූ කායික පීඩා සම්බන්ධ වෛද්‍ය වාර්තාවක්, කිලිනොච්චි මහරෝහලේ වෛද්‍ය බලධාරින් විසින් පසුගිය 15 වැනි අගහරුවදා පොලිසිය වෙත සපයා දී තිබේ.

සැමියා අතුරුදහන්

වාලයිගනමාඩම් මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගිය ඇගේ සැමියා වන මරියදාස් මරියසුරේස් 2009 වසරේදී මැයි මාසයේ සිට අතුරුදන් වී ඇත. උතුරේ ප්‍රාදේශීය මාධ්‍ය එවකට ප්‍රකාශ කර සිටියේ මරියදාස් ඇතුලු තවත් එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් බවයි. (ජේඩීඑස් ඇසුරිනි)