Image:Vikalpa/Sampath Samarakoon/ Bandarawela 2017

ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි.

මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී. භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ‍්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ.

එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස`දහා ගොවි බිම් ඇතුළු ව ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් සෘජුව අවතැන් වූ ජනතාවට මෙතෙක් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් සිදු කර නොමැත. නැවත පදිංචි කිරීමේ අක‍්‍රමිකතා හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් ලබා නොදීම ඇතුළු ගැටලූ බොහොමයකට මේ වන විට ජනතාව මුහුණ දී සිටී. මීට අමතර ව උමා ඔයේ පුහුල්පොළ හා මහතැටිල්ල ජලාශ ඉදි කිරීම හේතුවෙන් පහළ ප‍්‍රදේශයට ජලය ගලා යාම සීමා වීමෙන් උමා ඔයේ පහළ පිහිටි බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපාරය ඇතුළු ව කුඩා අමුණු යටතේ උමා ඔයේ ජලය ලබා ගෙන කි‍්‍රයාත්මක වන සුළු වාරි ව්‍යාපෘති 19 කට හා මහවැලි ව්‍යාපාරයේ ගොවි බිම් වලට ජලය සීමා වීමෙන් ගැටලූ ගණනාවකට ඉදිරියේ දී ගොවි ජනතාවට මුහුණ දීමට සිදු වේ.

උමා ඔය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උම`ග වන, අලූතින් ඉදි කරන මහතැටිල්ල ජලාශයේ සිට කර`දගොල්ල භූගත විදුලි බලාගාරය දක්වා සකස් කරන කිලෝමීටර් 15.15 ක් දිග ප‍්‍රධාන උමග කැණීමේ දී ප‍්‍රදේශ ගණනාවක් මහා ව්‍යසනයකට ගොදුරු විය.

සම්පූර්ණ ලිපිය සදහා පිවිසෙන්න

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය