ගිංතොට කලු නොවැම්බරයක් කරමින්(‍නොවැම්බර් 17 රාත්‍රියේ) ඊනියා කොල්ලකාරී දේශප්‍රේමීහූ මුස්ලිම් ජනයා වෙත මුදාහල ප්‍රචණ්ඩත්වයෙන් තවත් මැකිය නොහැකි කලු පැල්ලමක් එකතු කළහ.

පොලිස් ආරක්ෂාව දමා තිබූ රැයේ ඊනියා සිංහල දේශප්‍රේමී මැරයන් විසින් කල්ලි වශයෙන් එක්ව මුස්ලිම්වරුන්ට අයත් දේපල විනාශකරමින් සේම විනාශ කිරීමට පෙර එම ව්‍යාපාරික ස්ථානවල තිබු භාණ්ඩ කොල්ලකමින් සිය ගෝත්‍රික උමතුභාවය පෙන්නුම් කරන ලදී.

මෙම ඊනියා සිංහල දේශප්‍රේමී මැරයන්ගේ උමතුව හා දේශප්‍රේමීත්වයේ උපරිමය කොතෙක් ද යත් ඒ මුස්ලිම්වරුන්ගේම කිරි පැකට් බොමින්, සිසිල් බීම කිහිලිගසා ගනිමින්, මුදල්ද යටිමඩි ගසාගෙන ගිරිය කඩාගෙන සිහළ හඬ නංවමින් ඉමහත් පරිශ්‍රමයකින් හා ආයසයකින් සිංහල කම රැකගනු සඳහා ඔවුන් විසින් එකී මුස්ලිම්වරුන්ටම පහරදෙන රූපරාමු පහත සිසිටිවී දර්ශන ඔස්සේ ඔබට දැකිය හැකියි.