පසුගිය 29 දාට යෙදී තිබූ වෙසක් දිනය නිමිතිකර ගනිමින්, වෙසක් සතියට බාධා විය හැකි යැයි උපකල්පනය කලා යැයි කියමින් ‘යහපාලන’ ආණ්ඩුව අද(1) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීමට කිසිදු සංවිධානයකට හෝ දේශපාලන පක්ෂයකට අවසර ලබා දී තිබුණේ නැත. එසේ නමුත් ‘යහපාලනය ආණ්ඩුව කම්කරු දිනය කල් දැමීමට/ සැමරුම් අත්හිටුවීමට විරෝධය දක්වමින් ‘මැයි දිනය රැකගැනීම සදහා වෘත්තීය සමිති‘ කොළඹ කොටුවේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කම්කරු දිනය සැමරූහ.

එම කම්කරු දිනය සැමරුම සදහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන ගණනාවක් ද සහභාගී වී සිටීම විශේෂයකි. ඒ අතර වතුකරයේ ඉඩම් අයිතිය සදහා වන ව්‍යාපාර, රාජාංගනය වැව් සුරැකීමේ ව්‍යාපාර ආදී ප්‍රාදේශීය ගැටලු සදහා අරගල කරමින් සිටින බහුජන ව්‍යාපාරද එක්ව සිටීම විශේෂත්වයකි.

පහත පළවන්නේ එම අවස්ථා ‘විකල්ප’ කැමරාවේ සටහන් වූ ආකාරයයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට කම්කරු දිනය යාපනයේදී සමරමින් සිටින අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ කොටුවේදී කම්කරු දිනය සමරමින් සිටියි. එසේම එළඹෙන 7වන දිනද ජනතා විමුක්ති පෙරමුණ විසින් තවත් කම්කරු දින සැමරුමක් කොළඹ දී පවත්වන්නට සැළසුම් කර ඇති බවට පෝසටර් අලවා තිබීම ද සුවිශේෂය.

Full Photo set here