යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් කිරීම(End Impunity )ය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරායට ඒවා අමතක වී ඇතුවාක් මෙන්ම යහපාලනය වසර 3 කින් මහලු වී ඇත්තේ ඒ කිසිදු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියකට සාධාරණයක් ඉටු කරමින් නොවේ.

ඒ වෙනුවට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීමට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති හමුදා නිලධාරින් නිදහස් කල යුතු යයි අධිකරණ ආයතනවල අඩව් අල්ලන, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත අධිකරණ සංකීර්ණ තුළදීම තිත්ත කුණුහරුප කියා බැන වැදීම් කළ ඇතැම් චීවරධාරීන් මහේස්ත්‍රාත් උසාවියකින් වරෙන්තු නිකුත් කොට තිබියදී රටේ ජනපතිවරයා නිල සංචාර කරමින් සිටින විට අමතන රැස්වීම් වල අහඹු ලෙස ඉදිරි පෙළ අසුන්ගෙන සිටිමින්ද , නැවත පෙරළා ගුවන් තොටුපලින් මෙරටටම පැමිණ , ජාතිවාදී නායකයින් බැලීමට බන්ධනාගාරවලට ඇතුලු වී සුව දුක් බලමින්ද, ඉන් අනතුරුව නිල වශයෙන් රජයේ කාර්යාලවල තේ බොමින් ඇතැම් අමාත්‍යවරුන් සමඟ නිල සාකච්ජා පවත්වමින්ද, රාජ්‍ය වෙසක් උත්සවයට සෘධියෙන් වැඩමකොට බණ දේශනා කරමින්ද සිටින්නේ කෙසේදැයි අපි නොදනිමු.

ඡායාරූප සමග තවදුරටත් කියවන්න (පහත ඡායාරූපය මත Click කරන්න)

ශ්‍රීලංකාවට මාධ්‍ය නිදහස සඳහා වූ දිනය යනු කුමක්ද ?