සිංහල, Governance

ජවිපෙ කොයිබටද?


ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංදර්භය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය බොහෝ කතාබහට ලක්වෙන්නක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෙකුව සිටි නන්දන ගුණතිලක මහතා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ ජාතිකවාදී සුළුතරයක් හා පංති අරගලය වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් සහිත ජ.වි.පෙ අද මතවාදයන් දෙකක සිරවී සිටින බවයි. මෙම බරපතල විවේචනයත් සමග ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයත් එහි අතීතය, වර්ථමානය හා අනාගතය පිළිබඳවත් කතාකිරීමට විකල්ප කේලි සේනානායක මහතාට ආරාධනා කළා.

කේලි සේනානායක මහතා 1971 ජ.වි.පෙ කැරැල්ලේ දී මාතලේ දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ අතර කැරැල්ලේ මහ නඩුවේ 26 වන විත්තිකාරයා බවට පත්වුවා. ඉන්පසු 1977 -79 කාළ වකවානුවතුළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස ජවිපෙ නැවත නගා සිටුවීමට සුවිසේෂ කාර්‍යභාරයක් ඉටු කරනු ලැබවෙක්. වර්ථමානයේදී ඔහු සිවිල් සමාජ ක්‍රියාකාරීකයෙකු ලෙස සිය දායකත්වය මෙරට සමාජය වෙත ලබාදෙමින් සිටී.
ඉහත දැක්වෙන්නේ ඔහු විකල්පට දැක්වූ අදහස් ඇතුලත් විඩියෝ පටයයි