‘පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61 දෙනෙක් ඝාතනයට ලක් වී වසර 12කට පසුත් තවමත් යුක්තිය ඉටූ වී නැති බවට’ සදහන් කරමින් ‘විකල්ප‘ වෙබ් අඩවියේ ලිපියක් පළවිය. ‘දකුණට බොහෝ දේ අමතක කළ හැකිය [‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ වසර 12කට පසු!]’ ශීර්ෂයෙන් යුතු එම ලිපිය ‘ට්විටර්’ හි ප්‍රසිද්ධ වන වාත් සමගම එම ලිපියේ අන්තර්ගතයට මෙන්ම රචයකයාට ද දැඩි ප්‍රහාරයන් එල්ල වූ අතර ඒවා බොහෝමයක් වෛරී මෙන්ම අශිලාචාර ලියැවිලි ද විය.

අනෙක් අතට එයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් වසර ගණනාවක් අසන ප්‍රශ්ණයක් වන ‘සිංහලයාට නැති දෙමළාට ඇති ප්‍රශ්ණය කුමක්ද?’ වැනි ප්‍රශ්ණද අසා තිබිණි. ‘දකුණේ පිපිරුණු බෝම්බ ගැන ලියන්නේ නැත්තේ ඇයි’, ‘එ්වා හරිද?’ වැනි තවත් නරුම බවින් පිරි ප්‍රශ්ණද අසා තිබිණි. ‘යුද්ධයට විරුද්ධ වූ අපි පිපුරුණු සියලු බෝම්බ වලට විරුද්ධයි’ ‘එය දකුණද උතුරද කියා නැත’ අප ලීවෙමු. ‘ඔබ කියන්න සෙන්චෝලේට බෝම්බ දාපු එක වැරදියි කියලා’ බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්ණය ආ විගස අතරුදහන් විය.

ඒ බොහෝ දෙනෙක් පළ කල අදහස් සහ අනෙකුත් සාධනීය විවේචන මෙන්ම ඉතාමත් නග්න, වෛරී සහ නරුම විවේචනද අඩංගු එම ට්වීට් නැවත මෙහි පළ කරනු ලබන්නේ වසර මින්සුන් දහස් ගණනක් ඝාතනය කලායින් පසුවත්, අවදි නොවූ හෘද සාක්ෂීන් ගැන නැවත වරක් කල්පනා කරන්නන් සදහා පමණක් මෙය නැවත කියැවීම වැදගත් වන හෙයිනි. එසේම ‘ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදය’කරපින්නා ගත් ඇතැමුන් තවමත් සිංහල නොවන මිනිසා දෙස බලා සිටින්නේ ඊනියා යුදජයග්‍රහණයෙන් හිරි වැටී ගිය මෙන්ම ජාතිවාදය කරපින්නාගත් මානසික තත්ත්වයකින් බව නැවත වරක් උදාහරණ සහිතව පෙන්වා දීමටය.

ඒ අතරතුර අප මෙසේ ලීවේමු.

එසේම ඉතාමත් සාධාරණ සහ මානුෂවාදී සිතමින් සිය අදහස් පළ කල පාඨකයන් ද ඒ අතර වීම බලාපොරොත්තු දනවන කරුණක් බව ලියා තැබිය යුතුමය.

##

ඉහත ප්‍රසිද්ධ කරන ලද්දේ ට්වීටර් කිහිපයක් පමණි. සම්පූර්ණ ට්විටර් සදහා පිවිසෙන්න