iMAGE : Vikalpa

බංගලාදේශ රජය ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටිනවා නම් ඔවුන් වහා #ShahidulAlam නිදහස් කල යුතුයි!

https://www.facebook.com/Vikalpasrilanka/videos/1152402398271266/

 

අත්තනෝමතික ලෙස බංගලාදේශ රජය විසින් සිරගත කොට සිටින ලොව ප්‍රකට එරට සේයා මාධ්‍යවේදීයකු වන ආචාර්ය ෂහිදුල් අලාම් නිදහස් කර ගැනීම උදෙසා  ලොව පුරා කෙරෙන විරෝධතාවට ශ්‍රී ලංකාවේ සහයෝගිතාවය පළකරමින් අද දින දහවල් 12 ට ශ්‍රී ලංකා බංගලාදේශ මහකොසාරිස් කාර්යාලය ඉදිරිපිටදී   පළකරමින් මානව  හිමිකම් ක්‍රියාකාරීන්, ක්‍රියාකාරිනියන්, මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීයන්  පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරිණි. අද දිනට  ඔහු සිරගත කොට දින 58 ක් ගත වී  තිබේ.

අද දින පැවති විරෝධතාවයේ අරමුණ පැහැදිලි කරන  විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් 

https://www.facebook.com/Vikalpasrilanka/videos/163059087956705/

විශේෂයන්ම ලොව පුරා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය හා සමාජ  ක්‍රියාකාරීන් රැසක් ඇතුළු බොහෝ දෙනෙකු ඔහු නිදහස් කර ගැනීම වෙනුවෙන් ව්‍යාපාර ගණනාවක් මේ වන විට දියත් කොට තිබේ.

53 හැවීරිදි සේයා මාධ්‍යවේදී  ආචාර්ය ෂහිදුල් අලාම් පසුගිය අගෝස්තු 5 වන දා බංගලාදේශ රජය විසින් මෙලෙස අත්තනෝමතික ලෙස සිර භාරයට ගනු ලබන්නේ ජුලි මස අගදී  මාර්ග නීති නිසි ලෙස ක්‍රියාත්මක කොට මාර්ග අනතුරු අවම කරන මෙන්  බංගලාදේශයේ සිසුන් විසින් රජයට බලකරමින් කළ සාමකාමී උද්ඝෝෂණයක් පොලිසිය හා මැර කල්ලි යොදා  දරුණු ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ ඔහු විසින් ජාත්‍යන්තර ලෝකයට කරුණු අනාවරණය කිරීම හේතුවෙනි.

https://www.facebook.com/Vikalpasrilanka/videos/254009215287481/

අද දින පැවති ව්රෝධතාවය අතරතුර

 

 

 

එරට තොරතුරු තාක්ෂණ පනත යටතේ සිරභාරයට ගෙන ඇති ෂහිදුල් අලාම් මුලිකව දින කිපයකට  එනම් සැප්තැම්බර් මස 11 වන දින තෙක් පරීක්ෂණ අවසන් තුරු  බන්ධනාගාර ගත කරන බව පැවසුවත් මේ වන විට  ඉතාම නින්දත ලෙස ඔහුගේ  ඇප අයැදුම විභාගයට ගැනීම බංගලාදේශ අධිකරණය විසින් දිගින් දිගටම පැහැර හරිමින් තිබේ.  පොලිසිය විසින් ඔහු වෙත නගා තිබු චෝදනාව වුයේ “මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා රට අපරික්තියට පත්වන ආකාරයේ ප්‍රකාශ කිරීම යන්නයි”

එහෙත් ෂහිදුල් අලාම් යනු ලොව ප්‍රකට දක්ෂ සේයා ජනමාධ්‍යවේදියකු,මානව හිමිකම් ක්‍රියාධරයෙක්, නව  තාක්ෂණය හා එහි ප්‍රවණතා සම්බන්ධ ප්‍රමානිකයෙක් හා  වඩා සංවේදී හදවතක් ඇත්තෙකී. 2004 වසරේදී  ශ්‍රී ලංකාවට බල පෑ සුනාමී තත්වය හමුවේ  වහා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු  හානියට පත් ප්‍රදේශ වල සංචාරය කරමින් මිනිසුන්ගේ ජිවිත වල ඇවිදිමින්  ඒවා යතාර්ථවාදීව තම ජායාරූප  වල සටහන් කිරීමට මහන්සි ගත්තේය.

අප ජිවත් වන රටෙහි හා සමාජයෙහි අර්බුදකාරී අවස්ථා වල මුවින් නොබැන අපේ වෘත්තිය හා කලාව පමණක් ප්‍රගුණ කිරීම කිසිසේත්ම සෑහෙන්නේ නෑ. සේයා මාධ්‍යවේදියකු ලෙස මම නම් සෑම විටම යුක්තිය හා සාධාරණත්වය උදෙසා කෙරෙන අරගලයන්ට සෘජුව සම්බන්ධ වෙනවා. එසේ කරන විට අපේ මාධ්‍ය ජීවිතය තුළ වන වෘත්තියභාවය හා පුරවැසි වගකීම යන දෙක සියුම්ව තුලනය කර ගැනීමට සිදුවෙනවා. දුෂ්කර වුවත් මගේ චාරිකාව මා යන්නේ මේ මාර්ගයේ. සමාජ අරගල වල පෙරමුණේ සිටීමේ අවධානම අපට දරාගන්න සිදුවෙනවා

මේ ෂහිදුල් අලාම්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කළ වචනය.  සැබෑ අරගලය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම  ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීම හේතුවෙන් බලහත්කාරී ලෙස බන්ධනාගාර හගත කොට සිටින  ආචාර්ය ෂහිදුල් අලාම් කඩිනමින් අයුක්තිසහගත ලෙස නීතිය පමා නොකරමින්  වහා නිදහස් කරන ලෙස බල කරමින් හා එය නැවත අවධාරණය කරමින් පැමිණ සිටි ක්‍රියාකාරීන් විසින් ඒ අනුව අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ පිහිටි බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය වෙත අත්සන් සහිත පෙත්සමක් භාරදෙන ලදී.

https://www.facebook.com/Vikalpasrilanka/videos/952355638279817/

පෙත්සම භාරදෙමින් 

කෙසේවෙතත් පෙත්සම භාරගත් නිලධාරියා විසින් නියමිත ක්‍රියාපටිපාටිය ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත්, රජය ඒ සඳහා ඇඟිලි ගැසීම් නොකරන බවත් පැවසුවද ලොව දන්නා සත්‍ය නම් එය එසේ නොවන බවයි.යළි යළිත් දිග් ගැසෙමින් තිබෙන නඩුවාර හා අප අයැදුම් මෙන්ම ලොව තුළින්ම කෙරෙන සියලු ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙමින් සිටින රජයක් කිසිවිටෙක නිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවට පිළිගැනීමට අප නම් කිසිවිටෙකත් සුදානම් නැත.

ඒ නිසාම ෂහිදුල් අලාම්  කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා සහයෝගිතාවය වෙනුවෙන් හා ප්‍රකාශනයේ නිදහස අගයන මිනිසුන් ලෙස  බංගලාදේශ රාජ්‍ය මේ සම්බන්දව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය පිලිබඳ අපි නිරන්තර අවදියෙන් සිටිමු.

සංස්කාරක සටහන- ෂහිදුල් අලාම් සම්බන්ධ වැඩිදුර  සවිස්තරාත්මකව කියවීමට  නාලක ගුණවර්ධන විසින් මිට පෙර සම්පාදනය කොට විකල්ප විසින් පළ කළ “ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්” ලිපිය කියවන්න.

 

Petition – බංගලාදේශ් මහකොමසාරිස්වරයාට බාර දුන් පෙත්සම