iMAGE: The National

මේ දිනවල  අප රට තුළ පවතින  උණුසුම් දේශපාලන වටපිටාව හේතු කොට ගෙන අන්තර්ජාලයේ සැරිසරන  ඔබ ඇතුළු බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට නිකුත් වෙන  විවිධ පුවත්, ජායාරූප, වීඩියෝ, ගොසිප්  ආදිය සම්බන්ධයෙන් විමසිලිමත් වන නිසාම ඒ අලුත් තොරතුරු ලැබුණු විගස ඒවා ඉක්මනින්ම ඔබේ සමාජ මාධ්‍ය ඇසුරේ සිටින මිතුරු මිතුරියන් හා බෙදා හදා ගැනීමට උත්සුකවනවා විය හැකියි.

එහෙත් ඔබ ඔබේ ගිණුමේ හෝ ඔබේ මිතුරන්ගේ අතරේ බෙදා ගන්නා මේ අන්තර්ගතයන්ගේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට ඔබේ කාලයෙන් තතත්පරයක් හෝ වැය කොට තිබේද?

අසත්‍ය පණිවිඩ බෙදා හරින වාහකයෙකු ලෙස සමාජය ඔබ හඳුනා ගන්නවාට ඔබ කැමතිද?

ඊට වඩා  සමාජ වගකීමක් හා වගවීමක් ඇති  නිවැරදි තොරතුරු සමාජ ගත කිරීමේ වගකීම ගත හැකි බුද්ධිමත් සමාජජාල පරිශීලයෙකු හෝ පුරවැසියෙකු වනවාද?

ඔබේ එක් පියවරකින් අසත්‍ය, හානි දායක, ව්‍යාජ මෙන්ම බොරු තොරතුරු වලට තටු ලැබෙනවාදැයි දෙවරක් සිතන්න.

අන්තර්ජාලයේ සැරිසරන ඔබටම දැන් ඔබ දකින දේ සත්‍ය දැයි දෙවරක් නොව සියවරක් තහවුරු කර බලන්නට  මේ උපකාරක යොදා ගත හැකියි.

(1) ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

(2) අසත්‍ය තොරතුරු හා බොරු ප්‍රචාර හඳුනා ගන්නේ කෙසේද?

(3) ජායාරූපයක නිරවද්‍යතාවය තහවුරු කරගන්නේ කෙසේද?

(4) වීඩියෝවක නිරවද්‍යතාවය තහවුරු කරගන්නේ කොහොමද?

ඉහත රූප සටහන්  බා ගත කිරීම  ( To download) සඳහා මෙම Google Drive  ලිනික් එක මත ක්ලික් කරන්න.

මෙහි ඉංග්‍රීසි භාෂා රූ සටහන් groundviews වෙබ් අඩවියෙන් ද දෙමළ භාෂා රූ සටහන් Maatram වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.