iMAGE: Vikalpa 

ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ, විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප ඔස්සේ මෙම ලිනික් එක මත ක්ලික් කොට  adobe Spark හරහා නරඹන්න.

ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් නැගී සිටි ඉරිදාවක් !

මේ ගෙවී යන්නේ ලාංකේය ඉතිහාසයේ අවාසනාවන්ත පරිච්ජේදයන්ගෙන් එකකි. ඉතිහාසය, වර්තමානය හා අනාගතය නැවත අවිනිශ්චිත කොට තිබේ. දැන් ලියවෙමින් ඇත්තේ, මකා දැමිය යුතුව යුතුව තිබු ප්‍රජාතාන්ත්‍රික හා සමාජවාදී ජනරජයකට එකතු නොවිය යුතු පරිච්ජේදයකි. එහෙත් ඒ කළු පැල්ලම සහිත අදුරු හා පරිච්ජේදය පාලකයන්ගේ අමනා ක්‍රියා හමුවේ ලියවෙමින් තිබේ.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු බරපතලම පහර එල්ලවී අද ( 2018.11.04) ඉරිදා දිනට දින 10 කි. පසුගිය සිකුරාදා දින ( 2018.10.25 ) සිට ව්‍යවස්ථා අර්බුධයකට හා දැඩි දේශපාලන අස්ථාවර භාවයකට පත් වී මේ රටේ රටේ පාලක පන්තිය විසින් අටවා ලන ලද ළිං වලේම වැටි මිය යන්නට පුරවැසියන්ට සිදු කරමින් සිටින මේ මොහොතේ එයට විරෝධය පාමින් පසුගිය 30 වන දා සිට අඛණ්ඩව දින 4 ක් පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් මේ රටේ පුරවැසියන් සවස 4.30 සිට 6.30 දක්වා අව් , වැසි, දුවිලි නොතකමින් කොළඹ කොල්ලුපිටිය මංසංධියේ කළ විරෝධතාවයේ 5 වන දිනය වන අද දිනයේ දහවල් 12 සිට සවස 7 දක්වා ඉතා විශාල ජන සහභාගීත්වයකින් මේ මොහොතෙත් පැවැත්වෙමින් තිබේ.

විශේෂයන්ම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති ස්වාධීන පුරවැසි උද්ඝෝෂණයක් ලෙස පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනා පුරවැසියන් ලෙස ඔබටත් තවමත් එක්විය හැකිය.