iMAGE: Vikalpa

ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල  නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද?

ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන ඔබේ ගමේ, නගරයේ අපේක්ෂකයා, ඔබේම  ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තීරණාත්මක මොහොතක පැත්තෙන් පැත්තට පනිමින් ගෙම්බකු වෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

මේ පැති මාරුවට ලංසු තබන්නේ කාගේ ජීවිතද?

මේ පැති මාරුව සිද්ධ වෙන්නේ නිකන්මද?

ඔක්තෝම්බර් 29 වෙනිදා එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තම ටුවිටර් ගිණුමේ මෙලෙස දක්වා තිබුණේ මෙසේයි.

පක්ෂ නායකයෙකුට රු. මිලියන 500ක් !

පක්ෂ සාමාජිකයෙකුට රු. මිලියන 300 ක් !

මෙහෙම විකිණෙන මන්ත්‍රීවරුනට කවුද ගෙවන්නේ ?

ඇත්තටම එහෙම කරන්න මන්ත්‍රීවරුනට සදාචාරාත්මක අයිතියක් තියෙනවද?

මේ ගන්නේ අල්ලසක් !

එතකොට ඔවුන් වෙනුවෙන් නීතිමය රාමුව තුළ දඬුවම් නැද්ද?

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අල්ලස් පනතේ එන වගන්ති උපුටා දක්වමින් මෙසේ කියා තිබුණේ එසේ කරන මන්ත්‍රීවරුන්ට රතු එළි වැටිය හැකි බව ද  තහවුරු කරමිනි.

ඉතින් ඔබ නිහඩ විය යුතුද?

ඔබේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න.

කවුද මේවා ගෙවන්නේ?

ඉහත සකස් කොට ඇති පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ දුරකථන නාමාවලියේ ඔබේ නියෝජිතයාගේ අංකය තිබේදැයි බලන්න. අංකනය කරන්න. ප්‍රශ්න කරන්න. ඔබම  අහන්න.මහජන ඔබේ අයිතිය භාවිතා කරන්න.

Text file  ODT PDF  හෝ EPUB  ලෙස දුරකථන අංක  නාමාවලිය  ඔබට මෙම ලින්ක් හරහා බා ගත කර ගත හැකිය.

සිංහල  භාෂාවෙන් නිර්මිත ඉහත රූප සටහන විකල්ප වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුව හරහා බා ගත කිරීමට පිවිසෙන්න මන්ත්‍රී මිල කීයද?

ඉංග්‍රීසි  භාෂා පරිවර්තනය සහිත රූප සටහන සඳහා Groundviews වෙබ් අඩවියේ  Inforgraphic: Cost of an MP -Who pays the Price වෙත පිවිසෙන්න