iMage by: Time

2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි.

(අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ නිවේදනය;
(ආ) මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස දිවුරුම්දීම. සහ
(ඇ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරණු ලැබ ඇති බව ජනාධිපතිවරයා විසින් ඔහුට දැනුම්දී ඇතිබවට වන නිවේදනය.

කි‍්‍රයා පටිපාටියෙහි නීත්‍යානුකූලභාවය සහ අදාළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයන්හී පැහැදිලි බව සහ අර්ථය යනාදිය පිළිබඳව විවාද කළ හැකිය. එනමුදු සිදුවීම පූර්ණ රහස්‍යභාවයකින් යුතුව සැලසුම් කර තිබීම, පාර්ලිමේන්තුවේ මතය විමසීමක් සිදු කිරීමට හෝ කි‍්‍රයාමාර්ගය ප‍්‍රසිද්ධ කිරීමට පෙර අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙත කෙටි හෝ දැනුම්දීමක් කිරීමට කටයුතු නොකිරීම, සිකුරාදා සැන්දෑවක හදිසියේ එය කි‍්‍රයාවට නැගීම සහ රට සම්පූර්ණයෙන් මවිතයට පත්වන ආකාරයට එය සිදු කිරීම යනාදිය මගින් පෙන්වා දෙන්නේ අතිශයින්ම ප‍්‍රශ්නකාරී අභිප‍්‍රායයන් ඒ හා සබැදී තිබූ බවය. සැබවින්ම මේ සියලූ තත්ත්වයන් විසින් ඇඟවෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුවක් වෙනස්කිරීම සිදුවිය යුතු ආකාරයක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් හා සබැඳි තියුනු භාවිතයන්ය.

මේවායේ ප‍්‍රතිඵලය විය හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදධකි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් වන්නේ නව අගමැතිවරයකු පත් කිරීමට පෙර වර්තමානයේ අගමැති ධූරය දරන්නාගේ ධූරකාලය නීත්‍යානුකූල ලෙස අවසන් වීමක් සිදුවී නොමැති බැවිනි. මෙය පෙර නොවු විරූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුධයකට හේතුවනු ඇත්තේ දැන් එකිනෙකා හා තරඟ වදින අගමැතිවරුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පක්‍ෂයන් විසින් බලය, අධිකාරීත්වය හා සුජාත භාවය උදෙසා රාජ්‍යයෙහි හරිමැද්දෙහි ම පොරකන තත්ත්වයක් ඇතිවී තිබෙන බැවිනි. මේ පුද්ගලයන් දෙදෙනාගෙන් – මහින්ද රාජපක්‍ෂ හෝ රනිල් වික‍්‍රමසිංහ – එක් අයෙකු විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් බහුතරයේ සහයෝගය දිනා ගැනීම මගින් පාර්ලිමේන්තුවේ විශ්වාසය තමා වෙත ඇති බව පෙන්වාදී පාර්ලිමේන්තුවේ කැමැත්ත පිළිගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත බලපෑම් කිරීමට සමත්වන තෙක් මෙම අර්බුධය නොවිසඳෙනු ඇත. ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහයට මෙමගින් සිදුවනු ඇති දීර්ඝකාලීන හානිය කුමක්දැයි පෙනී යාමට තවත් කාලයක් ගතවනු ඇත.

2015 වසරෙහිදී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කළ පසු අගමැතිවරයෙකුගේ ධූරය අවසන්විය හැක්කේ මරණය, ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරය අහිමිවීම, අයවැය හෝ රාජාසන කථාව පරාජය වීම මගින් මුළු රජය වෙතම පාර්ලිමේන්තුවේ ඇති විශ්වාසය අහිමිවීම හෝ විශ්වාස භංග යෝජනාවක් (ව්‍යවස්ථා 46(2) සහ 48) මගින් පමණකි. 19වන සංශෝධනයට පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අගමැතිවරයාට ධූරය අහිමිවන මෙම ආකාරයන් නිෂ්චිතව දක්වන බැවින් මෙන්ම ජනාධිපතිවරයාට තම කැමැත්ත පරිදී අගමැතිවරයා ඉවත් කිරීමට හැකිවූ පෙර තිබූ බලය ගම්‍යාර්ථයෙන් ඉවත් කර ඇති බැවින් ඉන් අදහස් වන්නේ එය සිදුවිය හැකි වෙනත් ආකාරයන් නොපවතින බවයි. විශේෂයෙන්ම, ජනාධිපතිවරයාට වෙනත් අගමැතිවරයෙකු පත්කල හැක්කේ දැනට ධූරය දරන අගමැතිවරයාට මේ ආකාරයන් ගෙන් එක් ආකාරයකින් තම ධූරය අහිමිවූවිට පමණකි.

දැනට ධූරය දරණ අගමැතිවරයාට මේ ආකාරවලින් කිසිඳු ආකාරයකින් තම ධූරය අහිමිවී නොමැති බව පැහැදිලිය. එපමණක්ද නොව, අගමැතිවරයා ධූරයෙන් අපේක්‍ෂිත ඉවත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් උපයෝගී කොටගෙන ඇතිබව පෙනී යන්නේ ව්‍යවස්ථා 42(4) හී ප‍්‍රතිපාදනයන් ය. මෙම ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම විශ්වාසය අත්කරගෙන ඇතැයි පෙනී යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කි‍්‍රයාකරණු ඇති බවය. ජනාධිපතිවරයා විසින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ලෙස පිළිගත හැකි මට්ටමට වඩා බොහෝ වැඩි වචනාර්ථයකින් මෙම වචන උපයෝගී කොට ගෙන ඇති බව පෙනී යයි. මෙම ප‍්‍රතිපාදනය විසින් ජනාධිපතිවරයාගේ මතය යන්න සඳහන් කරනවිට එයින් අදහස් කරන්නේ කුමන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අගමැතිවරයා වීමට සුදුසුද යන්න පිළිබඳව වන ජනාධිපතිවරයාගේ පෞද්ගලික හා මනෝමූල මතය නොවේ. එහි සැබෑ අරුත වන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය අත්කර ගැනීමට සමත්වන්නේ කවුද යන්න පිළිබඳව වන විෂයමුල සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය මතයයි. සියලූ අවස්ථාවන්හීදී නොවුව ද, සාමාන්‍ය ලෙසින් මේ පුද්ගලයා වන්නේ පාර්ලිමේන්තුවේ විශාල ලෙසම නියෝජනය වන පක්‍ෂයේ නායකයායි.

රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වසර මුලදී විශ්වාස භංග යෝජනාවකට මුහුණ දී සැලකියයුතු තරම් විශාල බහුතරයකින් එය ජයගැනීමට සමත්විය. ඒ කාලයේ සිට හෝ අද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂා කරනු ලැබූ පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගැනීම පිළිබඳව වන වෙනත් උත්සාහයක් සිදු කරනු ලැබ නොමැත. එබැවින් පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමිවී නොමැති අගමැතිවරයා ඉවත්කිරීමට හෝ ඔහු වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල ලෙස, ජනාධිපතිවරයාට නොහැකිය.

එමෙන්ම 42(2) ව්‍යවස්ථාව මගින් කියැවෙන්නේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත්කිරීම පිළිබඳව පමණක් වන අතර එමගින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත්කිරීම පිළිබඳව කිසිවක් නොකියැවේ. 2015 ට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීමේ බලය ගැන කියැවෙන විට ඉවත් කිරීමේ බලයද ඊට ඇතුළත් වන බව අදහස් වූවද අගමැතිවරයෙකු ඉවත් කළහැකි නිෂ්චිත ආකාරයන් පැහැදිලි ලෙසම දක්වා සිටීම මගින් (මුලින් සඳහන් කළ 46(2) සහ 48 ව්‍යවස්ථාවන් යටතේ) 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම තත්ත්වය දැන් වෙනස් කොට ඇත. මෙම කි‍්‍රයා පටිපාටීන් අනුගමණය නොකර සිටීම මගින් එදින රාති‍්‍රයේ ජනාධිපතිවරයා සිදු කිරීමට අපේක්‍ෂා කළ කි‍්‍රයාවන් නීති විරෝධී සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන් බවට පත්වේ.

මේ අපේ‍්‍රල් මාසයේ දී වික‍්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කළ අවස්ථාවේ සිට ඔවුන් සිතන පරිදි දැන් බහුතරයක් රාජපක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසය පළ කරන තත්වය දක්වා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවන් වෙනස් වී ඇතැයි මොහොතකට සිතමු. වෙනත් හේතූන් ද සමග, එදින(27/10) රාතී‍්‍ර ජනාධිපතිවරයාගේ කි‍්‍රයාවන් හට පදනම සැපයූ වේ යැයි සිතිය හැකි එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයෙන් ඉවත් වීම ද සැළකිල්ලට ගත් කළ, පළමුව පාර්ලිමේන්තුවේදී වික‍්‍රමසිංහ මහතා පරාජය කොට ඔහු ඉවත් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල මාර්ගය තෝරාගැනීමට සිරිසේන සහ රාජපක්‍ෂ මහත්වරුන් කි‍්‍රයා නොකළේ ඇයිදැයි යන්න ද ප‍්‍රශ්න කළ හැකිය. ඉක්මනින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වා සිටීමට රාජපක්‍ෂ මහතා අසමත් වුවහොත් අර්බුදය දිග්ගැස්සෙනු ඇත. නමුත් ඔහු සහ සිරිසේන මහතා එදින(10/27) රාතී‍්‍ර අනුගමනය කළ උපක‍්‍රමය බව පෙනී යන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තුවේ සියුම් අලංකරණයන් හට අනුගතවීමට පෙර, සති අන්තය තුළ විශේෂයෙන් පොලීසිය සහ හමුදාව ඇතුළු රාජ්‍ය යන්ත‍්‍රය වෙත වන තම බලය තහවුරු කරගැනීමේ අරමුණ ඇතිව, දේශපාලන ආරම්භක ශක්තිය සහ ජවය සූදානම් නැති මොහොතක ග‍්‍රහණය කොට ගැනීම බව පෙනේ. තාක්‍ෂණික නීති විරෝධිකම් ප‍්‍රායෝගික ලෙස ගත්කළ අධිකරණමය කි‍්‍රයාවලීන් හට බඳුන් නොවෙතැයි ද ඔවුන් ඉතා නිවැරදි ලෙස නිගමනය කරන්නට ඇත. කවර හෙයින්ද යත් මෙවැනි ඉහළ මට්ටමක පරදුවට තැබීම් සහිත දේශපාලන තරඟයක් තුළට ගමන් කිරීමේ අනතුරුදායක අන්තයට ශී‍්‍ර ලාංකීය අධිකරණයන් යොමුවීමේ ඉඩකඩ බෙහෙවින් මද බැවිනි.

සැබවින්ම මෙවැනි හැසිරීම් රාජපක්‍ෂ මහතාට ඉතාම සාමාන්‍ය වන අතර ඔහුගේ කීර්තිය පිණිස කිව යුතුව ඇත්තේ බනානා ජනරජයක ජනපි‍්‍රයවාදී ජනාධිපති කෙනෙකුගෙන් ඔබ්බට වූ කිසිවක් පිළිබඳව ඔහු කිසිදිනෙක බොරු හැඟවීම් කර නොමැති බවයි. නමුත් සිරිසේන මහතා 2015 දී තෝරාපත් කරගනු ලැබුවේ ශී‍්‍ර ලාංකීය දේශපාලනයේ මෙම සැක කටයුතු සහ විනාශකාරී නැඹුරුව අවසන් කිරීම සඳහා වන වෙනස්කම් සිදුකරමින් එයට උදාහරණයක් බවට පත්වීම සඳහාමය. ඉහළ පරමාදර්ශීත්වයක ධජ පතාක දරන්නෙකුගේ සිට පහත් දේශපාලනයේ පහත්ම ආකාරයේ ගර්හාවට පත් වූ දුෂ්ඨ භූමිකාවක් වෙත වූ ඔහුගේ පහල බැසීම සත්‍ය වශයෙන්ම මිල්ටෝනියානු(Miltonian) අරුතකින් දැකිය යුත්තක් වෙයි.

*මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් Groundviews වෙබ් අඩවියේ පළවූ අතර මෙය එහි සිංහල පරිවර්තනයයි.[VIKALPA]

ආචාර්ය අසංග වැලිකල | Dr Asanga Welikala