සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

2018 නොවැම්බර් මස 07 වන දින
අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන
ජනාධිපති
ශ‍්‍රී ලංකාව

අතිගරු ජනාධිපතිතුමනි,

2017 වර්ෂයේ මාර්තු මාසයේදී ඔබතුමාගේ දැක්ම අනුව මා වෙත ප‍්‍රදානය කළ ”දේශමාන්‍ය” ශ්‍රේෂ්ඨතම ගෞරව නාමයේ සාඩම්බර හිමිකරුවෙකු ලෙසත්, ශ‍්‍රී ලංකාවට පක්ෂපාත පුරවැසියෙකු ලෙසත් මම මෙසේ ඔබතුමන් වෙත ලියමි. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය වෙනුවෙන් මා සිදුකළ සේවය උදෙසා ජනාධිපතිවරයාගේ පිළිගැනීමට සහ සම්මානයට පාත‍්‍ර වීම සැමරීම සඳහා මහද්වීප තුනක සිටි මාගේ දරුවන්, මුණුපුරු මිණිපිරියන්, වෙනත් නෑදෑයන් හා සමීපතම මිත‍්‍රයින් එකට එක් වූහ.

මම ඔබ පිළිබඳව මීට පෙර සුළු වශයෙන් දැන සිටියත් ඔබ ජනාධිපති ධූරයට තේරී පත්වීම පිළිබඳව මා අැතුළු මාගේ පවුලත්, මිත‍්‍රයන්ද අතිශය සතුටට පත් වුණෙමු. එම අතිශය සතුට හා අභිලාශය, පසුගිය සති කිහිපය තුළ අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කිරීම මත සුන් වී යන ලදි.

පක්ෂපාතී හා දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයෙකු ලෙස, ඔබතුමන් විසින් මා වෙත ප‍්‍රාදානය කරන ලද ”දේශපේ‍්‍රමී” පදක්කම හා සහතික පත‍්‍රය ඉමහත් කණගාටුවෙන් ආපසු භාර දීම විනා වෙනත් විකල්පයක් මා සතුව නොමැත. මා මේ වන විට විදේශගතව සිටින අතර නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි පසු අදාළ පදක්කම හා සහතිකය නැවත භාරදීමට කටයුතු යොදනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ මෙම තීරණය සැහැල්ලූවෙන් හෝ ඉතාමත් ඉක්මණින් ගත් තීරණයක් නොවන්නේය. තවද, මාගේ මූලධර්මයන්ට අනුකූලව සෑම විටම ක‍්‍රියා කිරීමේ භාරය පළමුව, මා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සේවයට ඇතුළත් වූ දින සිට මෙන්ම හැට වසරකට ආසන්න කාලයක් මා සිදුකළ සාඩම්බර සේවයෙන් උගත්තෙමි.

මාගේ දීර්ඝ කාලීන සිවිල් සේවය තුළ දී, මාගේ වටිනාකම් ප‍්‍රතික්ෂේප කිරීම සඳහා වන පිළිගැනුම් හා බාධා කිරීම් එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන පාලන තත්න්ත‍්‍රයන් ද්විත්යම යටතේ නිතරම පාහේ සිදුවිය.

එබැවින් ඔබතුමන් විසින් මා වෙත ප‍්‍රදානය කළ ”දේශමාන්‍ය” ගෞරව නාමය මා හට තවදුරටත් ආඩම්බරයකින් යුතුව තබා ගැනීමට කිසිඳු විකල්පයක් ඉතිරිව නොමැති බැවින් ඊට අදාළ පදක්කම හා සහතිකය මම ආපසු භාර දෙමි.

මීට විශ්වාසී,
ආචාර්ය දේවනේසන් නේසයියා