iMAGE- Women & Media Collective 

” අසික්කිත දේශපාලන කුමන්ත්‍රණ හෙළා දකිමු”

අද දින කාන්තා සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක් දක්වා තිබුණේ අත්තොනොමතික බලයෙන් වැජඹී සිටම වෙනුවෙන් වන බල ඒකාධිකාරයක් ගොඩ නගා ඇති ජනපතිවරයාගේ “විධායක” ජනපති ධුරය අහෝසි කරන ලෙසත්, නිහීන බල අරගලයක ඉත්තන් බවට ජනතාවගේ ජිවිත පත් කොට අසාධාරණ වෙන්දේසියක ඔවුන්ගේ පරමාධිපත්‍යයේ බලය විකිණීමටත් එරෙහිවය.

පවතින දේශපාලන වාතාවරණය වෙනුවෙන් වන තම දැඩි පිළිකුළ ප්‍රදර්ශනය කිරීමටත්, වෙසෙසින්ම මේ රටේ කාන්තාවන් අමතක කර දමා බල ලෝහි පිරිමින් විසින් ගෙන යනු ලබන මේ වියරු වී ගිය සියලු ව්‍යායාමයන් වෙත තම විරෝධය කාන්තාවන් විසින් පලකරනු දක්නට ලැබුණි.

2018.12.04 වන දින ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණි කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියන්ගේ විරෝධතාවයේ Adobe Spark ජායාරූප සටහන සඳහා පිවිසෙන්න.

 

ඉවසුවා ඇති ! නිහින දේශපාලන ක්‍රියා හා විධායකයේ බලාධිකාරියට එරෙහිව කාන්තාවන් පෙරට