ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වනදා සිට, ඒ අනුව රටේ නීතිය මායිම් නොකර, හිතේ නීතියෙන් පාලනය ගෙනයමින් සිටින මේ ජනපතිවරයාගේ ක්‍රියාකලාපයත්, සමරිසි ප්‍රජාවට එරෙහිව කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමක් ලෙසත් අද(7) සවස 4 සිට සවස 6 දක්වා ලිප්ටන් වටරවුමේදී සමරිසි ප්‍රජාව විසින් මානව හිමිකම් ක්‍රියාධරයින්, සමාජ හා සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු රැසකගේ සහභාගිත්වය ඇතුව දේදුනු පැහැයෙන් වර්ණවත් වූ විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු’ කණ්ඩායමයි. මේ එම විරෝධයේ දී සමරිසි ප්‍රජාව ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් දැක්වු අදහස්..

‘අපිත් මිනිස්සු, අපිටත් ඡන්දය තියනවා, කරුණාකර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න’

Full Photo set here