සිංහල, Governance, Human Rights

ක්‍රිෂ්නාට වු හදිය සහ තැපෑල ….

දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි ක්‍රිෂ්ණ මට විස්තරේ කිවුවේ.

ක්‍රිෂ්ණ හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා එයාගේ රත්තරන් මාලය බැංකුවට උකස්කෙරුවේ ගිය වසරේ. නොදැනීම වසරක් ගෙවිල ගිහින් නියමිත දිනට මාලය බේරා ගත්තෙ නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසියෙ දානවා කියලා බැංකුවෙන් ලිපියක් එවල තිබුනෙ මාසෙකට විතර කලින්.

හැබැයි ක්‍රිෂ්ණට මේ ලිපිය ලැබුනේ ඊයෙ. බැංකුවෙන් දන්වලා තියන විදිහට මේ සදුදා තමයි අවසාන දිනය. දැන් හදිසියේම මුදල් සොයන්නත් සිද්ධ වෙලා. මේ ලිපි ප්‍රමාදවීම පිළිබදව මම තව තොරතුරු ටිකක් සොයා බැලුවා.

ක්‍රිෂ්ණ ජීවත් වෙන්නේ මොරතැන්න කියන ගම්මානයේ. මේ ගමේ බහුතරයක් ද්‍රවිඩ අය. මේ අයට යවන ලිපි ලැබෙන්නේ මුවන්කන්ද වතු කාර්යාලයට. මෙතන ඉඳල මොරතැන්න ගමට කිලෝ මීටර් 4ක් විතර තියෙනව. මුවන්කන්ද වතු කාර්යාලයෙන් කවුරු හරි මොරතැන්නට ගියොත්, නැත්නම් මොරතැන්න ගමේ කවුරු හරි මුවන්කන්ද වතු කාර්යාලයට ආවොත් තමයි මොරතැන්නට ලියුම් ලැබෙන්නෙ.


ලිපියක් අයිතිකාරයට ලැබෙනකොට මාසයකට වැඩිය කාලය ගතවෙනවා. මේ ලිපි ප්‍රමාදය නිසා අසරණ වුනේ ක්‍රිෂ්ණ විතරක් නෙවෙයි. රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට සහභාගි වන අය, විභාග වලට පෙනී සිටින අයත් ඒ අතර ඉන්නව. ඒ වගේම පෞද්ගලික අවශ්‍යතා මත හිතවතුන් නෑදෑයින් එවන ලිපිත් ලැබෙන්නේ මාසයක් විතර ප්‍රමාද වෙලා.

මොරතැන්න ගමට ලිපි ප්‍රමාදයට හේතුව ජීවත් වෙන වැඩි පිරිසක් දෙමල වීමද? කොහොම වුනත් මේ කුරුණෑගල ප්‍රදේශයේ එක ගම්මානයක සිදුවන සිදුවීමක්. මෙවැනි තව ගම්මාන කොතරම් අපේ රටේ ඇත්ද මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්නේ කවුද ?

සුසන්ත – දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, ඉබ්බාගමුව
[email protected]