iMAGE:Maithreepala Sirisena FB page 

රාජපක්ෂලාගේ ආණ්ඩු සමයේ උන්මාදය හා යමින් සිරිසේන ජනාධිපතිවරයාත් සුපුරුදු ලෙස අපගේ පෞද්ගලික දුරකථනයන්ට සුභපැතුම් පණිවිඩයක් එවා ඇත. එහි කියැවෙන්නේ ‘සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුතු පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුභ නව වසරක් වේවා! ජනපති මෛත්‍රීපාල සිරිසේන’ යනුවෙනි.

ලැජ්ජාවක් ඇත්නම් මේ වචන ඔහුට ලියවෙන්නට නොහැකිය. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපතිවරයෙක් ‘පිරිපුන් යුගයක අරුණලු’ ප්‍රාර්ථනා කරනවා… ලැජ්ජයි…!

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපතිවරයෙක්, ‘සතුට සාමය’ ප්‍රාර්ථනා කරනවා….ලැජ්ජයි…!

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපතිවරයෙක්, ‘සෞභාග්‍යය’ ප්‍රාර්ථනා කරනවා…. ලැජ්ජයි….!

ජනපතිතුමනි ! අපේ ප්‍රාර්ථනය මෙයයි ..

ඔක්තෝබර් 26වනදා ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කල වරදට නීතියෙන් දඩුවම් ලැබෙන වසරක් අප ප්‍රාර්ථනා කරමු. එසේම ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රාජ්‍ය ආයතනවලට අනීතිකව රිංගා ගත් ශරීරවලට ද දඩුවම් ලැබෙන වසරක් අප ප්‍රාර්ථනා කරමු. 

එසේම, ඔබ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිළිබද කෙසේ කීවත්, නැවත වරක් ඔහු සමග ඩීල් දමා, ඔක්තෝබර් 26 සිදුකල වරදින් බේරීමට උපක්‍රමකිව උත්සහයක් ගන්නේ නම්, එක්සත් ජාතික පක්ෂය සහ අගමැති වික්‍රමසිංහ පිළිබදව ද තීරණයක් ගැනීමට ජනතාවට වරම් ලැබෙන වසරක් වේවා..!

අනෙක, රාජපක්ෂලාගේ දූෂණ, ඝාතන මෙන්ම මේ රටේ අපරාධකාරයින් ව සලුපිලිවලින් වසා ආරක්ෂාකර ඔවුන් නිදොස් කිරීමට සිරිසේන ජනපති නම් ඔබ, ගන්නා ලද උත්සහය නැවත වරක්, අගමති සමග එක්ව ගන්නට උත්සහ කරන්නේ නම්, ඒ පිළිබදවත් යුක්ති සහගත තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්ථාව උදාවන වසරක් වේවා..!

නැවත වරක් ඔබට කියන්නට ඇත්තේ, සිරිසේන ජනපතිතුමනි!! ලැජ්ජයි!!!! අවුරුද්දේ මුල් දිනයේම….! ලැජ්ජයි!!

සම්පත් සමරකෝන්