මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2019 වසරට සුභ පතා එවන ලද SMS පණිවිඩවලට අදාළ තොරතුරු ඉල්ලා, ‘විකල්ප’ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් පසුගිය ජනවාරි 2වනදා ජනාධිපති කාර්යාලය වෙත, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අදාලව අයදුම්පතක් ඉදිරිපත් කළේය.

ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් එම තොරතුරු ඉල්ලීමට අදාලව ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, ‘ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරියෙහි හෝ භාරයේ නොමැති වීමේ හේතුව මත ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි’ යනුවෙනි.

මේ එම ලිපියේ පිටපතයි.

අදාළ පනතට අනුව සම්පත් සමරකෝන් විසින් අභියාචනයක් මේ වන විටත් සිදු කර ඇති, අතර ජනාධිපති කාර්යාල විසින් දක්වා ඇති ‘හේතුව’ පිළිබද සංවාදයක් ගොඩනැගීමටත් අප බලාපොරොත්තු වෙමු. (යම් තොරතුරක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ පනතේ 5වන වගන්තිය නැවතත් කියවා ගැනීමට අප පාඨකයන්ට ආරාධනා කරමු. මෙන්න පනත)

පහත පළවන්නේ එම තොරතුරු ඉල්ලීමට අදාල අප විසින් පළකල ටව්ටර්(@vikalpavoices) සටහන් කිහිපයයි.