සිංහල, Badulla, Corruption, Human Rights, Stories from the silent

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ.

හැදුනුම්පත් ලබාගැනීම, උප්පැන්න සහතික ලබාගැනීම, බැංකුවට බඩු උකස් කිරීම, බැංකුවේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, ඒ අදාළ ආකෘති පත්‍ර පිරවීම වැනි කටයුතුවලදී තැරැව්කරැවෝවිශාල මිල ගණන් අය කරති.

තේ වතු කම්කරුවන් වෙනුවෙන් වාණිජ බැංකු අසල ආකෘති පිරවීමට ඇතැම් පුද්ගලයෝ කාර්යාල පවා ආරම්භ කර තිබේ.

සිරිල් සෙනෙවිරත්න

බදුල්ල