iMage: Fox News

මෙම ලිපියේ ප්‍රධානම අරමුණ නම්, මතුව ඇති නව දේශපාලන වාතාවරණය තුල සාමාන්‍ය පුරවැසියකු, තමන් ත්‍රස්තවාදියකු නොවන බවට අනන්‍යතාව සනාථ කරමින්, දෛනික ජීවිතය තුල කටයුතු කිරීමට පවතින අපහසුතාව සහ හිංසනයට ලක් වීම පිළිබඳ ප්‍රකාශ කිරීමටය.

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ව්‍යවසනය සමඟ දරුවන් ද ඇතුළුව 250 කට අධික ප්‍රමාණයකගේ ජීවිතය අහිමිවිය. වගකීම් විරහිත ආණ්ඩුකරණ යාන්ත්‍රණයක් තුල, මෙම ව්‍යවසනය වලක්වා ගැනීමට නොහැකි වීම පිලිබඳ දැඩි කම්පනයක් ශ්‍රී ලාංකිකයන් තුල වේ. එසේම ජානාධිපති, මෙම ව්‍යසනය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කරන ලද අතර, එහි වාර්තාව මේ වන විට ලැබී තිබේ. එසේම වාර්තාවේ සඳහන් කරුණු නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට ද ජානාධිපතිවරයා පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියේ දී ප්‍රකාශ කරන ලදී.(http://www.ft.lk/news/President-receives-interim-report-of-Commission-on-Easter-Sunday-attacks/56-677436). මෙම කමිටු සාකච්ඡා රැස්වීම් අතර සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ලෙස, පසුගිය අප්‍රේල් 23 වැනිදා ජනාධිපතිවරයා ගේ ගැසට් නිවේදනය අනුව, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින්, පොලිසිය සහ යුධ හමුදාව වෙත බලය මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙත බලය පවරා තිබේ. (http://www.colombopage.com/archive_19A/Apr23_1555994857CH.php).

මෙම පසුබිම තුල, මුලික අයිතිවාසිකම් සුරක්ෂණය නොවන අතර, අතිශය බලයක් විධායකය සහ එයට සම්බන්ද ආයතන වෙත හිමි වේ. (https://www.cpalanka.org/understanding-a-state-of-emergency-march-2018/)

මෙය ගැටළුකාරී ද? හදිසි නීතිය පැවතීම යටතේ, සෝදිසි මෙහෙයුම් කිරීම සිදුකල හැකි වුවද, එම නිතිය යට‍තේ, තම ජීවිතය සුරක්ෂිත වන බවට අප කිසිවෙකුට සිතිය නොහැකිය. එහි පවතින අතිශය බලය මගින් අදාළ ආයත වෙත, පුද්ගලයාගේ අනන්‍යතාව නිර්වචනය කිරීමට හැකිය. එය තවදුරටත් පැහැදිලි කිරීම වෙනුවෙන් මාගේ අත්දැකීම මෙසේ ලියා තබමි.

මා සේවය කරන විශ්ව විද්‍යාලයේ, ආරක්ෂක අංශය, 2019 මැයි 07 වන දින උදැසන සිදුකරන ලද ක්‍රියාව හේතුවෙන්, මාගේ අනන්‍යතාවය සහ රැකියාව වෙත ප්‍රවේශ වීමට පවතින නිදහස සහ හිංසනයට ලක් නොවී විශ්ව විද්‍යාල භුමිය වෙත ප්‍රවේශ වීමට තිබු අයිතිය සම්පුර්ණයෙන් ම අහෝසි වී ගියේය. ආරක්ෂක හේතුන් මත අදාළ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ විසින් ශ්‍රමික අනන්‍යතාව පරික්ෂා කිරීම පසුගිය පාස්කු ඉරිදා ව්‍යවසනය සමඟ ඇරඹුණි. එම ක්‍රියාවලිය වෙත සහයෝගය ලබාදෙමින් සියලුම විශ්ව විද්‍යාල ශ්‍රමිකයන් කටයුතු කරන ලදී. නමුත් මෙම ආරක්ෂක ක්‍රියාවලියේ, ප්‍රභූ වීබේදයන ගැටළු කාරීය. එනම්, වාහනයකින් පැමිණෙන හෝ, තමන් දන්නා පුද්ගලයන් හෝ බෞද්ධ ස්වාමීන්වහන්සේලා ගේ අනන්‍යතාව කිසිදිනක පරික්ෂා නොකිරීමය. හිටපු අගැමති, එස්. ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශ්‍රීමතානන් ඝාතනය කරනු ලැබුවේ, බුර්කාවක් හැඳ සිටි පුද්ගලයකු නොව, මහජනයාගේ නමස්කාරය ලත් බෞද්ධ ස්වාමීන්වහන්සේ කෙනෙකු බවත් (http://dbsjeyaraj.com/dbsj/archives/33515), එයම ඇඳුමේ ස්වහාවය, ජාතික ආරක්ෂාව නිර්ණය කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීමේ ප්‍රඥයෙන් හින බව පෙන්වා දීමක් ලෙස මා මා ලියමින් සිටි කාලෙයේ දී, ඉහත සඳහන් දින මාගේ අනන්‍යතාවය සහ නිදහසේ රැකියාව කිරීමේ අයිතිය අභියෝගයට ලක්විය.

අදාළ දින, මා විශ්ව විද්‍යාලය වෙත ප්‍රවේශ වන විට, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ වෙත මාගේ ජාතික අනන්‍යතාපත ලබා දුන්නෙමි. එහිදී ආරක්ෂක නිලධාරියා මාගේ පිඨය විමසා සිටි අවස්ථාවේදී, එයට අදාළ නියමිත පිළිතුර ලබා දුනි. පිඨය විමසු ඔහු, පසුව,මා අයත් අධ්‍යන අංශයක පිලිබඳ විමර්ෂණය නොකර, මා හට කිසිදු ආදාලත්වයක් නොමැති අධ්‍යන අංශයක නාම ලේඛනයක් දිගහැර බලා (මා එම ස්ථානයේ ම සිටි හෙයින් නිරීක්ෂණය විය), මාගේ නම එහි නොමැති බව ප්‍රකශ කරන ලදී. එවිට මා අයත් අධ්‍යන අංශයක ද ඔහුට, මා විසින් ස්වේච්ඡාවෙනම ප්‍රකශ කරන විට, එවැනි අධ්‍යන අංශයක ලේඛනයක් නොමැති බව ප්‍රකාශ කරන ලදී. එසේම ‘call එකක් අරන් කියන්න’ යැයි එම ආරක්ෂක නිලධාරියා මට පැවසීය. එහිදී ඔහුට අවශ්‍ය වුයේ මා විසින්, දුරකථනයෙන් කතා කර, විශ්ව විද්‍යාල අධ්‍යන අංශයේ යැයි මා විසින්ම සහතික කළ පුද්ගලයකු ගේ නියමය මත, මා වෙත විශ්ව විද්‍යාලය වෙත ප්‍රවේශ වීමට ඉඩ සපයා දීමද? එසේම දුරකථනයෙන් අමතා මාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම මාගේ නොව ආරක්ෂක අංශයේ කාර්ය භාරයකි.

මේ සමාන සිදුවීමක් මාගේ කාන්තා වැඩ සගයකුට එම කාර්යාලයේ දී මෙයට ආසන්න දිනක සිදුවී තිබුණි. එයින් පසු, මාගේ අධ්‍යන අංශ ප්‍රධානියා විසින් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය වෙත අවශ්‍ය තොරතුරු සියල්ල සපයා දී තිබුණි. කෙසේ නමුත්, මා වෙත වූ අංශ ප්‍රධානියා තහවුරු කල ලිපිය (අතිරේකව සියලුම දෙනා වෙත සපයා දී තිබු)වෙනත් ආරක්ෂක නිලධාරියා වෙත යොමු කිරීමෙන් පසුව, මා හට විශ්ව විද්‍යාලය වෙත ප්‍රවේශ වීමට ඉඩ ලබාදුන්න ද, ඉහත සදහන් නිලධාරියා නැවත මා විශ්ව විද්‍යාල ගේට්ටුවෙන් පිටව යන ලෙස බල කරන ලදී. ඉන් පසු ඔහුට ද මාගේ ඉහත සඳහන් අතිරේක ලිපිය යොමු කල විට, මාගේ ලිපිය ඔහු බලහත්කාරයෙන්යෙන් ඔහු වෙත රඳවා තබාගන්න ලදී.

විශ්ව විද්‍යාලය වෙත පැමිණ, මා මේ පිලිබඳ විශ්ව විද්‍යාල ආරක්ෂක ප්‍රධාන කාර්යාලය වෙත ද දැනුම් දුන් අතර, එහි සිටි එක් නිලධාරියෙකු අනෙක් නිලධාරියාගෙන් අසා සිටියේ , ‘මේ මිස් Permanent ද?‘ මා හට එක්වරම සිහියට නැගුනේ, සේවයේ ස්ථිර වීම හෝ නොවීම මෙම අනන්‍යතාව, මෙවැනි තත්වයක් යටතේ තීරණය වීම කොතරම් සම්බන්දවේ ද? එසේම මෙම සේවා ස්ථිරත්වය වෙනත් සන්දර්භයන් ගේ දී, මතු වන්නේ, වාර්ගිකත්වය, භාෂාව, ආගම, ඇඳුමේ ස්භාවය (බුර්කාව හෝ ඩෙනිම) මත නොවේද? මා වෙත පවතින තොරතුරු මත, විශ්ව විද්‍යාල තාවකාලික ශ්‍රමිකයන් මෙකි නව ආරක්ෂක අර්බුධකාරී අවස්ථාවේ දී නිරන්තර පීඩාවන්ට මුහුණ දෙමින් පවතී. මාගේ අංශ ප්‍රධානියා ද දැනුවත් කල අතර, ඔහු විසින් ද, මා මුහුණ දුන් ගැටළුව පිලිබඳව විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයෙන් විමර්ශනය කරන ලදී. නමුත් ඔහුගේ ප්‍රකශන ද නොසලකා, මාගේ ලිපිය ගෙවී ගිය මැයි 07 වන දින සවස 04 වන තුරුත් මා වෙත නැවත බාර දීමට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය කටයුතු නොකරන ලදී.

මෙම සිදුවීම සමඟ බැදෙන දේශපාලනය, බල පිඩාව සහ බල ආචාර්නකාමය (fetishism) බරපතල ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිකුත් කල, අනන්‍යතා පත්‍රයේ වටිනාකම නොසලකන ලෙස විවිධ ආයතනික ආරක්ෂක නිලධාරින්ට හැසිරීය හැකිද? එසේම මෙම ආයතනික ආරක්ෂක කාර්යාලය තුල ස්ත්‍රී නිලධාරින් ද නොවේ. එවිට ස්ත්‍රීන් පරික්ෂා කිරීමේ බලය හිමිවන්නේ කා හටද? එසේම සේවයේ ස්ථිර නොවූ වෘත්තීකයන්ගේ අනන්‍යතාව අභියෝගයක් වන විට, ආයතනික ආරක්ෂක නිලධාරින් ට, එය නොසලකා හැරීමය හැකිද? එසේම මුහුණ හුරු හෙයින්, විවිධ තලයන්ගේ වෘත්තීකයන් ත්‍රස්තවාදීන් නොවීමත්, මුහුණු නුහුරු හෙයින් වෘත්තීකයන් ත්‍රස්තවාදීන් වීමත් තීරණය කිරීමට ආයතනික ආරක්ෂක නිලධාරින්ට හැකියාවක් වේද? ආයතනික ආරක්ෂක නිලධාරින් පෙන්නුම් කරමින් තිබෙනුයේ , මේ මොහොතේ ආරක්ෂාව ලේබලය යටතේ පවතින ප්‍රජා පීඩාවය. මෙකි ආයතනික ආරක්ෂක නිලධාරින් විසින් අනුගමනය කරමින් පවතිනුයේ, ප්‍රජා පිඩාව තුලින්, ආරක්ෂාවට තර්ජනය වන ජනයා , තමන් විසින් ම හදුනා ගනිමින්, ත්‍රස්තවාදින් ලෙස නිර්වචනය කරමින්, අශ්ශීල ලෙස හැසිරුණු, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියාකුගේ උපාය මාර්ග නොවේද? එම උපාය මාර්ග තුල දී, තමා වින්දනියත්වයට පත් කරන පිරිස් ‘ත්‍රස්තවාදීන්’ නොවන බවත් එසේ නොවන පුද්ගලයන් ත්‍රස්තවාදින් හෝ දේශද්‍රෝහීන් ලෙස අර්ථ දැක්වීමම මෙකි ආයතනික ආරක්ෂක නිලධාරින් ද අනුගනය කරයි. එසේ ඔවුන්ගේ වින්දනය නොවන විට, මහා මාර්ගයේ දී මරා දැමීමට හෝබලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට වුද හැකියාවක් ඇත.

ජනතාව පිඩාවට පත්කරමින් ආණ්ඩුවක් කවරෙකු ආරක්ෂා කරන්නේ ද?. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනට (2009) අනුව, ‘රාජ්‍ය තාන්ත්‍රිකව, ආර්ථික, යුද්හැමුදාමය සහ දේශපාලන බලය සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වය, ජාතික රාජ්‍යයේ උත්වනය (survival) පවත්වා ගැනීම වෙනුවෙන් වන අවශ්‍යතාවයකි ’ (https://postconflict.unep.ch/publications/pcdmb_policy_01.pdf). රාජ්‍යට හුදෙක් භූමිය, ආණ්ඩුව සහ ස්වධිපත්‍ය සමඟ පමණක් පැවතිය නොහැකිය. පුරවැසියාද එහි අත්‍යවශ්‍ය කොටසකි. පුරවැසියා වෙත වන අපාදා, ප්‍රමාණාත්මක ව දැන සිටි පාලකයන් මේ මොහොතේ කරමින් සිටින්නේ පුරවැසි ආරක්ෂා ලේබලය යටතේ පුරවැසියාගේ අනෙකා පිඩාවට පත් කිරීමය. එම පිඩාවට පත් කිරීම මේ මොහොතේ ඕනෑම අවකාශයක දී සිදු වෙමින් පවතී. මුස්ලිම් ප්‍රජා විරෝධය එහි එක් අවස්ථාවක් පමණි. එසේම වටහා ගත යුත්තේ මගේ අනෙකා ත්‍රස්තවාදියකු කරන නිතිය, බල අධිකාරිත්වය මගින්ම මා ද ත්‍රස්තවාදියකු ලෙස නිර්වචනය කරනු ඇති බවය. මෙය, සුරක්ෂිත පානිය ජල අයිතිය වෙනුවෙන් වෙනුවෙන් නිරායුධව සිදුකළ ජනතා විරෝධයට, ජිව උණ්ඩයන්ගෙන් වෙඩි තැබීමට අණ දුන් පුද්ගයන් සමඟ එකට වේදිකාවේ සිට ගන්නා ඔවුන්ගේ යහපාලන නියෝජිතයන්, නිරායුධ අප යම් විරෝධයක් දක්වන්නේ නම්, වෙඩි නොතබන බවට ඔබට පවතින සහතිකය කුමක්ද?

අරුණි සමරකෝන් | Aruni Samarakoon