ශ්‍රී ලංකාවේ සයිබර්  ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම, සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයක් පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් සඳහා විධිවිධාන සැලැස්වීමට යනුවෙන් පවසමින් සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතක් ( Cyber Security Bill ) ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය  විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ.

එම පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපත පමණක්  www.mdiit.gov.lk හා www.cert.gov.lk යන වෙබ් අඩවිවලට පසුගිය මැයි 23 වනදා, මහජන මත විමසීම සඳහා ඇතුලත් කර තිබෙතත්,  සිංහල සහ දෙමළ භාෂාව පමණක් භාවිතා කරන මහජනතාවට මෙහි අන්තර්ගතය හොදින් ග්‍රහණය කර ගැනීමට ඇති ප්‍රමුඛ බාධකය බවට එය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ වී තිබීම පත්ව තිබේ. එ නිසා  ඉතා සංවේදී විෂයක් සදහා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතට මහජන අදහස් ලබා දීමේදී යම්  ගැටලු ඇති විය හැකි බව අපි විශ්වාස කරමු.

පනතේ ම 34 වන වගන්තියේ දක්වා ඇති පරිදි, සිංහල භාෂාවෙන් ඇති පනත බලාත්මක වන බව සඳහන් වුවත්, එහි සිංහල හෝ දෙමළ පනත් කෙටුම්පතක් තවමත් නොමැති හෙයින් විකල්ප වෙබ්වි අඩවිය විසින් අදාළ යෝජිත ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතේ’  ඉංග්‍රීසි පිටපත අනුව යමින්  කළ සිංහල  පරිවර්තනය මෙලෙස සිංහල භාෂිත පාඨකයෙන්ගේ පහසුව වෙනුවෙන් පළ කරමු. එහෙත් මෙය රජයේ නිල පරිවර්තන පිටපත නොවන බව  සලකන්න.

 ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’

ඒල් ඩී ඕ 14/2019

ශ්‍රී ලංකාවේ ජාතික  සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිණිසද, ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය පිහිටුවීම පිණිසද, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය  සහ ජාතික සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය සවිබල ගැන්වීම පිණිසද, ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම පිණිසද සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතකි .

ලුහුඩු නාමය හා බලාත්මක දිනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :

  1. (1)මෙම පනත 2019 අංක දරන  සයිබර් ආරක්ෂණ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ .
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව අනුව මෙම පනතේ VII කොටසේ විධිවිධාන හැර අනෙකුත් විධිවිධාන කතානායකවරයා විසින් මෙම පනතේ සහතිකය සටහන් කළ දිනයේ සිට බලපැවැත්වෙනු ඇත .
  • මෙම පනතේ VII කොටසේ විධිවිධාන, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ නියෝගයක් පළ කරනු ලබන දිනයේ සිට බලාත්මක වනු ඇත.

 

                                                     1වැනි කොටස

පනතේ අරමුණු

  1.  පනතේ අරමුණු විය යුත්තේ –
  • ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම පිණිස;
  • ඵලදායි සහ කාර්යක්ෂම ලෙස සයිබර් ආරක්ෂක තර්ජන හා සිදුවීම් වැළැක්වීම, අවම කිරීම හා ඒවාට ප්‍රතිචාර දැක්වීම පිණිස ;
  • ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයක් ස්ථාපිත කිරීම පිණිස සහ ආරක්ෂිත සයිබර් ආරක්ෂක පරිසරයක් සඳහා අනෙකුත් ආයතනික රාමුව සවිබල ගැන්වීම පිණිස ; සහ
  • තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම පිණිස.

 

විකල්ප විසින් සිංහලට පරිවර්තනය කරන ලද පනතේ සම්පුර්ණ සිංහල පිටපත බා ගත කිරීම සඳහා පිවිසෙන්න. ( මෙය රජයේ නිල පරිවර්තනය නොවන බව සලකන්න ) 

‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ ( සිංහල පරිවර්තනය ) Cyber Security Bill_ Sinhala