iMage: metronews

යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න.
– හිට්ලර්

මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු සංගිතය යන විශ්ව භාෂාවේ අපරිමත ගුණ කෙළෙසමින් වෛරී ප්‍රකාශ කරන්නෙක් බවට ද ප්‍රසිද්ධය. ඒ සියලු ඒවා මේ රටේ සහෝදර මුස්ලිම් ජනතාවට එරෙහිවය. ඊට අමතරව ශිෂ්ටත්වය, මනුෂ්‍යත්වය පිළිබද කවුරුන් හෝ ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් කලහොත් ඔහුට එය නයාට අදු කොල මෙන්ය. එයට ආසන්නම සිදුවීමක් වාර්තාවන්නේ පසුගිය දා ය. එනම් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේකෂක ගෝඨාබය රාජපක්ෂගේ, ශ්‍රී ලාංකිය ප්‍රරවැසි භාවය ගැන පැහැදිළි කිරීමක් ලබා ගැනීම සදහා ප්‍රවීන කලාකරුවෙක් සහ විද්වතෙක් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ප්‍රවීන සාහිත්‍ය වේදියෙක් වන ගාමිණි වියන්ගොඩ විසින් අධිකරනය ඉදිරියට යෑම පිළිබදව මදුමාධව නැමැත්තා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබුවේය. ඉන් කියැවුනේ, ‘වියන්ගොඩ වගේම තව නමක් තියෙනවා.. එක්නැලිගොඩ කියලා. සුභපැතුම් දෙපලටම‘ ලෙසිනි.

මෙය ඉතාමත් බරපතල ප්‍රකාශයක් වන අතර එය ෆේස්බුක් හී මාර්ගෝපදේශන අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. ඒ ප්‍රකාශ්‍ය සමාජ මාධ්‍ය තුළ සිටින ප්‍රගතිශීලි, ශිෂ්ට සම්පන්න ප්‍රජාවගේ බරපතල විවේචනයට ලක් වුනි. කෙසේ නමුත් දැන් ඔහුගේ ෆේස්බුක් ගිණුම දර්ශනය වන්නේ නැත. එයට හේතුව කුමක්දැයි අපි නොදනිමු. නමුත් හිතාමතා හෝ නොහිතා ෆේසුබුක් හී වෛරි ප්‍රකාශය සිදු කිරීම ෆේස්බුක් මාර්ගෝපදේශණවලට අනුව වැරදි ක්‍රියාවක් බව එම සමාජ ජාලය සිවිඥාණිකාව පරිහරණය කරන අය දන්නේය. (වෛරී ප්‍රකාශ යන්නට ශිෂ්ට සම්පන්න ලෙස සිදුකරණ දේශපාලන විවේචන ඇතුලත් නොවන බව සටහන් කරනු කැමැත්තෙමි) මධුමාධව විසින් සිදුකල එම ප්‍රකාශය තුළ තවත් ඉතා වැදගත් දෙයක් තිබේ. එනම්, 2010 ජනවාරි 24 වනදා රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩගේ සිදු වීම පිළිබද අප නොදන්නා දෙයක් මධුමාධව දන්නා බව එම ප්‍රකාශයෙන් ඉගි කරනු ලබයි. එය තව දුරටත් බරපතල වන්නේ එම ප්‍රකාශය සිදු කරන්නේ, එක්ණැලිගොඩ අතුරුදහන් කරන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරුවේ, දැන් ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වීමය. මධුමාධව ගෝඨාබය දිනවීමට අගු-පිල් ගානේ ගොස් ගෝඨාබය ගුණ වයන නිසාය. එබැවින් එක්ණැලිගොඩ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් පවතින විට සහ ඔහු පිළිබද සත්‍ය සෙවිමට අධිකරණය මෙන්, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාව උනන්දු වන අවස්ථාවක ඒ පිළිබද ඉගි සැපයීම අප ගත යුත්තේ ඉතාමත් බරසාරවය. එබැවින් එක්ණැලිගොඩ සම්බන්ධයෙන් අප කවුරුත් නොදන්නා දෙයක් මධුමාධව දන්නවා විය හැක. එමෙන්ම, ඔහුට අත් වූ දෙය, ගාමීණි වියන්ගොඩටත් කළ යුතු බවට ඉගි සපයන මධු මාධව කර ඇත්තේ ඉතාමත් බරපතල ප්‍රකාශයකි. එම නිසා දැන්වත් නොපමාව මධුමාධව නැමැත්තා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීම ‘යහපාලන’ යැයි කියන ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමකි. එයින්, ගාමීනී වියන්ගොඩට සාධාරණයක් ඉටු වෙනවා‌ මෙන්ම, ඇතැම් විට මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙලිදරව් කරගැනීමට හැකිය. ඒ එක්ණැලිගොඩ අතුරුදහන් කරනවිට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ධූරය දැරු ගෝඨාබය රාජපක්ෂ, අද ජනාධිපති අපේක්ෂකයා වීමත්, එම ජනාධිපති අපේක්ෂකයා දිනවීම සදහා වෙහෙසන මධුමාධව අරවින්ද ගෝඨාබය ගේ ප්‍රබල අනුගාමිකයේක් නිසාය.
(මේ පිළිබද මහාචාර්ය තේනුවර දැක්වූ අදහස් සදහා පිවිසෙන්න )

මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ සහ රාජපක්ෂවරු

පාස්කු ප්‍රහාරයෙන් පසු මධුමාධව අරවින්ද බොහෝ ස්ථානවලට ගොස් මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රකාශ සිදු කරමින් සිංහල ජනයා නොමග යැවීමට උත්සහා කරන අයුරු අප දැක ඇත්තෙමු. එසේම මිණුවන්ගොඩ ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනයාට විරුද්ධව සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා අවස්ථාවේදී එම ප්‍රදේශවල සැරි සැරූ මධුමාධව මුස්ලිම් ජනයාට විරුද්ධව, සිංහල ජනයා පෙළ ගැස්වීමට උත්සහා කළ බව රහසක් නොවේ. එසේම ඉතාමත් ආසන්න දිනයකදී, ගෝඨාබය රාජපක්ෂ දිනවීම සදහා සිංහලයන් එක්විය යුතු බව කියමින්, ‘හම්බයා… “හම්බයන්ගේ ෂරියා නීතිය ගලවන්න අපට හොඳ සිංහල නායකයෙක් අවශ්‍යයි….1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. මේවට විරුද්ධව කතාකරන්න බැහැ මේ ලංකාවේ දේශපාලනේට මුංගෙ මේ තියන කෙහෙම්මල් ඡන්ද ටිකට.” ආදී කියමින්, ගෝඨාබය වෙනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයන් නිරත වූ බව කියැවෙන වීඩියෝවක් ද ප්‍රසිද්ධ විය. ඒ වන විට ඔහු පිවිතුරු හෙළ උරුමය නම් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ය. කෙසේ නමුත් හිටි හැටියේම, මධුමාධව නැමති කුප්‍රකට චරිතය, එම සංවිධානයේ සියලුම ධුරවලින් ඉවත් වූ බවට ඊයේ(8) ප්‍රකාශයට පත් විය. (පිවිතුරු හෙළ උරුමය පොදු ජන පෙරමුණට සහය දෙන ප්‍රධාන සංවිධානයකි)
src=hash&ref_src=twsrc%5Etfw”>#VISUAL #SriLanka:
"හම්බයන්ගේ ෂරියා නීතිය ගලවන්න අපට හොඳ සිංහල නායකයෙක් අවශ්‍යයි"
-මධු මාධව අරවින්ද#lka #PresPollSL pic.twitter.com/QxnOY75NVU

— JBC Breaking|News™ (@JBCBreaking) October 8, 2019

මෙයට ආසන්නම හේතුව බව පැවසෙන්නේ, මධු මාධව විසින් දියත් කරගෙන යනු ලබන මුස්ලිම් විරෝධය යි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී, මුස්ලිම් විරෝධය නිසා ජනාධිපති අපේක්ෂක ගෝඨාබයට මුස්ලිම් ඡන්ද ලබා ගැනිම මෙයින් වැලකී යාමට බොහෝ දුරට ඉඩ ඇති හෙයින් පොදු ජන පෙරමුණේ නායකයින් විසින් ඉතාමත් බරපතල විවේචන එල්ල කරමින් මධුමාධව අරවින්ද ඉන් නෙරපා ඇති බව පැවසෙයි. එසේම පොදුජන පෙරමුණේ අනෙකුත් පක්ෂ ද පවසා ඇත්තේ මුස්ලිම්වරුන්ගේ ඡන්ද ලබා ගන්නේ නැතිව ගෝඨාබයට ජනාධිපති විය නොහැකි නිසා මධුමාධව වැන්නන් විසින් සිදුකරන ප්‍රකාශ මේ මොහොතේ කිසිදු අයුරකින්වත් සුදුසු නොවන බවයි. මේ නිසා සිදුවන එකම දෙය ගෝඨාභය රාජපක්ෂ අපේ අපේක්ෂකයා ගේ ඡන්ද ව්‍යාපාරයට ප්‍රභල පහරක් එල්ලවන බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාකල මදුමාධවට එරෙහිව රාජපක්ෂලා හෝ පොදු ජන පෙරමුණ කිසිවක් කීවේ නැත. තමන්ගේ ප්‍රභල ආධාරකරුවා ගැන කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් රාජපක්ෂලාගේත්, පොදු ජන පෙරමුණේත් පශ්චාත්භාගය උණු වී ඇත. දැන් මුස්ලිම් ජනයාගේ ඡන්ද මධුමාධව නිසා තමන්ගෙන් ගිලිහි යනු ඇතැයි රාජපක්ෂවරු බිය වී ඇත. ඒ බිය දුරු කර ගැනීමට දුන් බිල්ල ඊනියා දේශප්‍රේමී කුප්‍රකට මධුමාධව අරවින්දය. නමුත් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය අවසන් වූ වහාම නැවතත් මධුමාධවලා වැනි බිලි, ගෝඨා ඔඩොක්කුවේ හුරතල් වනු ඇත. මක් නිසා ද යත් ගෝඨාබය වැන්නන්ගේ රදා පැවැත්ම පවතින්නේ එවැනි පන්නයේ භාවිතාවන් මතින් වීමය. එම නිසා ඒවා කාලයට අනුව හැඩගස්වා ගැනීම යනු ඒ තක්කඩි දේශපාලන භාවිතාවේම තවත් කොටසකි. එය තේරුම් ගැනීම අද දවසේ පුරවැසියන්ගේ වගකීමකි.

මේ සිදුවීමේන් ලාංකීය ඡන්ද දායකයා ඉතාමත් වටිනා පාඩමක් උගත යුතුය. දේශප්‍රේමයේ සලුපිලි පොරවා සිටින මේ මුග්ධ වර්ගවාදීන් බලය ලබා ගැනීම සදහා නොකරන දෙයක් නොමැති බවය. එබැවින් මේ ජනාධිපතිවරණයේදී දේශප්‍රේමය වඩාත් උඩ දමන්නේ කවුද? තම ජාතිය, ආගම ගැන උදේ දවල් ගිරිය පුප්පන් කෑ ගසන්නේ කවුද? රටේ ප්‍රධාන ප්‍රශ්ණය විනයයි, විනයගරුක රටක් හදනවා යැයි කියන්නේ කවුද? වැනි ගෝෂා නගන අපේක්ෂයන්ගෙන් ප්‍රවේසම්වන්න.