iMage Credit: freepress

ෆේක් අගමැති කවුද? ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂයි. ෆේක් වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කාටත් හොරෙන් කුමන්ත්‍රණය කරමින්, ලංකාවේ උත්තරීතර ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංගනය කරමින් මහින්ද රාජපපක්ෂ අගමැති ලෙස පත් කලේය. නීතිඥ වරයෙක් ද වූ මහින්ද රාජපක්ෂ කිසිදු හිරිකිතයක් නැතිව ගොස් සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ පසුගිය වසරේ ඔක්තෝබර යේදීය. ඒ කාලකන්නි කාලය දින 52කි.

පසුව ලංකාවේ අධිකරණය විසින් එම පත්කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කල විට නැවතත් කිසිදු හිරිකිතයකින් තොරව ආපසු මැදමුලනට ගෑටුවෙිය. මේ සියල්ල රාජපක්ෂ හිතවාදීන් නැතිනම් බැතිමතුන් බලා සිටියේ ය. ෆේක් අගමැති දිවුරුම් දුන් පසු, රතිඥ්ඤා ලොරි ගනන් මහ මග පත්තු කලේය. තොරන් ගැසුවවේය. පසුව ඒවා නැවත වරක් හකුලා ගත්තේ ද සිය නායකයා මෙන් කිසිදු ලැජ්ජාවකින් තොරවය. ඒ වහල් බාවයේ තරමය. ඒ වහල් හිමියා ගේ තරමය. එදිනෙන් පසු ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට අලුත් වචනයක් එක් විය. එනම් ‘ෆේක් අගමැති’ යන්නය. එහි නම්බුනාමය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් උසුලනු ලබයි.

දැන් මැතිවරණ සමයේ අපූරු දේවල් වෙමින් තිබේ. එනම් ඒ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් අගමැති වූ රාජපක්ෂ හෙවත් ‘ෆේක් අගමැති’, ජනාධිපතිවරණ වේදිකාවේ ගිරිය පුප්පන් කෑ ගසන්නේ ය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ය. ඒ යුක්තිය සාධාරණත්වය ගැන ය. ඒ නිදහස් ලංකාවක් ගැන. ඒ ජාතික ආරක්ෂාව ගැන ය. ව්‍යවස්ථාව උල්ලංඝනය කල කෙනෙක් කෙසේ නම් එම රටේ ආරක්ෂාව සහතික කරන්න ද? ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නද? එය හරියට හොරෙක් ගෙන් ගෙවල්වල ආරක්ෂාව බලාපොරොත්තු වීමට සමානය. ගමේ කතාවක් ලෙස කිවහොත් නරියෙක් ගෙන් කුකුලන් ආරක්ෂා කිරීමක් වැනිය.

එම නිසා, පොහොට්ටුවට ඡන්දය දීමට සිටින අවංක රාජපක්ෂ බැතිමතුන් මේ තත්ත්වයන් ගැන කල්පනා කල යුතුය. ශරීරයේ හැඩයට, සුදු ජාතික ඇදුමට, උඩු රැවුලට, ඊනියා දේශප්‍රේමයට රැවටීමෙන් ඔබ විසින් සිදු කරනු ලබන්නේ, ඔබ විසින්ම ඔබේ නිදහස සහ ගෞරවය කෙලසා ගැනීමකි. එබැවින් රටේ මූලික නීතිය හෙවත් ව්‍යවස්ථාව උල්ලංගනය කල දේශපාලන පක්ෂයක නායකයෙක් ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය තියා, වතුර බිදක් බලාපොරොත්තු වීම තරම් නරුම ක්‍රියාවක් තවත් ඇත්තේ නැත.

එම නිසා එම නරුම ක්‍රියාවල කොටස්කරුවන් නොවී තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමේදී දෙවරක් නොව තුන් හතරවරක් සිතන්නට යැයි රාජපක්ෂලාට කතිරය ගැසීමට බලා සිටින බැතිමතුන්ටත් යෝජනා කරමු. එසේ නැති වුවහොත් ඔබේ ඡන්දය මගින්, ඔවුන් ඔබේ ජීවත් වීමේ නිදහසත් අහිමි කරනු නොඅනුමානය. එයට ඉඩ නොතැබීම රාජපක්ෂලාට කතිරය ගැසීමට සිතා සිටින ජනයා ගේ වගකීමකි. ඒ වගකීම ඉටු කිරීම යනු ‘බැතිමතුන්‘ නොවී අඩුම ලෙස ‘ජනතාවක්‘ ලෙස ඔබට සතුටු විය හැකිය. තව දුරටත් ඔබට අවශ්‍ය නම් ඒ අධිපති රාජපක්ෂ දේශපාලනයට සමු දී ‘ආඩම්බරකාර පුරවැසියෙක්‘ ලෙස ද ඉදිරියට යා හැකිය.