iMAGE : Vikalpa 

එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක් ලෙස පමණක් ද යන්න නැවත ආවර්ජනය එහෙයින්ම අපට වැදගත් වේ.

නව පාලනය විසින්  “සෞභාග්‍යයේ දැක්මේ”  පළමු වසර ලෙස මේ වසර නම් කොට තිබේ.  එහෙත් එය එසේමද ?

ඒ නිසා මේ වසර ආරම්භයේදීම  ගෙවී ගිය 2019 වසර පිලිබඳ කෙටි සමාලෝචනයක යෙදෙමින්, නව වසර තුළ අපට මුණ ගැසීමට නියමිත අභියෝග, අපගේ බලාපොරොත්තු  පිලිබඳව  විවිධ කේෂ්ත්‍රයන් හි නියැලෙන තරුණ වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුලු කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමට විකල්ප අපි තීරණය කළෙමු . එලෙස විමසන ලද අදහස් සම්පිණ්ඩනය කොට ජනවාරි මාසය පුරා අප විසින් සමාජ මාධ්‍ය අවකාශය තුළබෙදා ගත් අදහස් මෙලෙස එක් සටහනකට එකතු කරමු.

තරුණ නාට්‍යවේදිනියක සහ ලේඛිකාවක  වන නදීකා බණ්ඩාර නිර්මාණවේදිනියක ලෙස  ” මානව නිදහස” සම්බන්ධයෙන් වන තම අදහස් එකතු කරමින් පවසා සිටියේ සමඟ කියා සිටියේ මිනිසුන් තුළ සමාජ ගත වුණු සමාජ අනාරක්ෂාව සම්බන්ධ හැඟීම විසින් එතෙක් අපට තිබුණු මානව නිදහස සම්බන්ධ සාකච්ජාව වියැකීම හේතුවෙන් ඉදිරියට එළඹිමට නියමිතව ඇත්තේ බලා තීරණාත්මකව බලා සිටින්නට සිදුවන කාලයක් බවය.

නීතිය සහ සමාජ භාරය ආයතනයේ ජේෂ්ඨ පර්යේෂකයෙකු සහ ලේඛකයෙකු වන  විදුර ප්‍රභාත් මුණසිංහ මේ තත්වය තවත් විස්තරාත්මකව පැහැදිලි කරමින් ඊට ඌන පුර්ණයක් සපයමින් කියා සිටියේ  2020 වසරේදී  ආර්ථික කළමණාකරණය තුළ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, වගවීමක් හෝ විනිවිදභාවයක් නොමැති ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා වන ද්‍රෘෂ්ටිවාදී පෙරමුණක් ලෙස ජාතික ආරක්‍ෂාව, ස්වාධිපත්‍ය හා ආර්ථික ජාතිවාදය මුල් කොටගත් මානව හිමිකම් විරෝධී තර්කනයක් ලෝක පරිමාණයෙන් අප ඉදිරියේ අභිමුඛ කරවනු ලැබූ  පවතින විනාශයේ මාවත  වෙනුවට, පවතින ලෝකයට වෙනස් ලෝකයක්-ජීවිතයක් පිලිබඳ අපේක්‍ෂා සහිතව ක්‍රියා කරනවාද යන තීරණ දෙකින් එකක් අපට තෝරාගන්නට සිදුවන බවය.

ඒ වෙනුවෙන් වන පැහැදිලි අභිලාෂයන් ඉටු කර ගත හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව අපගේ හෘදය සාක්ෂියෙන් සහ මානුෂිය ක්‍රියාවෙන් පමණක් මිස දෙවියන් විසින් තිලිණ කරන දෙයක් ලෙස ඒ වෙනුවෙන් බලා සිටීමෙන් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අරුණි සමරකෝන් බව තම අදහස් දක්වමින් කියා සිටියාය.

කෙසේවෙතත් චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු, සමරිසි අයිතින් පිලිබඳ ක්‍රියාකාරිකයෙකු සහ කොළඹ  නිතී පිඨයේ කතිකාචාර්යවරයෙකු වන  ආචාර්ය  විසාකේස චන්ද්‍රසේකරම් නව පාලනය හරහා ඉහත් කි අපේක්ෂාවන් සේම  ජාතියට සෞභාග්‍ය ගෙන දෙනු  ඇතැයි යන බලාපොරොත්තුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් නව ජනාධිපතිවරයෙකු රටට පත් කොට ගෙන ඇති මොහොතක  දශක 4 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව ඒකාධිපති, විධායක ජනාධිපති ධුරයකින් වධ හිංසා කිරීමෙන් පසුව නැවත  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් කරා ආපසු යන වසර  2020  ලෙස සනිටුහන් කිරීමට යම් හෙයකින් හැකි නම් එය ජයග්‍රහණයක් බවය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනයේ සහ අයිතිය වෙබ් අඩවියේ සංස්කාරක නීතිඥ දුලාන් දසනායක එහිලා  ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් 19  වන ව්‍යවස්ථා  සංශෝධනය ආරක්ෂා කිරීමේත්, එය ශක්තිමත් කිරීමේත් අවශ්‍යතාව තදින්ම දැනෙන බව සදහන් කළේය.

විශේෂයන්ම මෙහිදී අප සමඟ අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයත්, එහි ක්‍රියාපටිපාටින්  සම්බන්ධයෙනුත් පැහැදිලි අදහසක් තවමත්  නැතිවීම තමන්ට සේම යුක්තිය අපේක්ෂාවෙන් සිටින අයට අභියෝගයක් බවය.

ඒ අභියෝගය එලෙසම මේ රටේ පරිසර යුක්තිය සහ සොභාදහම රැකගැනීමේ අරගලයටද එකලෙස වලංගු වන කාරණයක් බවට පත් ව ඇති ආකාරය විකල්ප වෙත  අදහස් දැක්වූ පරිසරවේදීයකු වන සජීව චාමිකර මහතා පැහැදිලි කොට තිබුණි. විශේෂයෙන්ම නව  ආණ්ඩුව විසින් නීතියේ ආධිපත්‍යට පිටින්, පාර්ලිමේන්තු අණ පනත් පවා උල්ලංඝණය කරමින් කළ ඇතැම්  ක්‍රියාමාර්ග තවදුරටත් පවත් වෙන යාම හරහා මුහුණ දීමට සිදුවන  අභියෝග මෙහිදී ඔහු විසින් පෙන්වා දී තිබුණි.

විශේෂයෙන්ම ගත වුනු කාලය පුරා ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම ගැනත් ඉදිරියේදී ඒ කෙරෙහි අපට ඇති අභියෝගයන් පිලිබඳ  ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු, ජනමාධ්‍ය පුහුණුකරුවෙකු සහ සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන  අමන්ත පෙරේරාගෙන් විකල්ප  විසින් අදහස් විමසිකමක් කළ අතර ජනමාධ්‍යවේදයේ වෘත්තීමයභාවය සෝදා පාළුවට ලක් වීමත්, ඒ හරහා  පැන නැගීමට නියමිත අභියෝගත් විශේෂයන්ම සමාජයක් ලෙස බෙදී වෙන් වී සිටින සමාජයකට එහි ඇති බලපෑමත් මේ පවතින දේශපාලන සහ සමාජ වටපිටාව ඇතුළේ දිගින් දිගටම ඇත විදීමට සිදු වීමේ අභියෝගය ඔහු විසින් එහිදී මතු කරන ලදී.

2020 නව දශකයට පා තබා ඇති මොහොතක ඉගෙනුම් ඉගැන්වීම්  අධ්‍යාපන ක්‍රමවේදයන් පිලිබඳ අත්හදා බැලීම් කරමින් සිටින තරුණ සමාජ ක්‍රියාකාරිනියක වන කාවින්ද්‍යා තෙන්නකෝන්ගෙන් මෙරට තුළ සමාජීය වශයෙන් ලිංගික  අධ්‍යාපනය සම්බන්දයෙන් ඇතිවී තිබෙන කතිකාව හේතූ කොට ගෙන ඒ ගැන සමාජීය ලෙස, රටක් ලෙස අපට ඇති  අභියෝගය සම්බන්ධව විමසිය. විශේෂයන්ම ඇතැම් බෞද්ධ භික්ෂුන්ගෙනුත්, සමාජයේ අනෙකුත් ගතානුගතික ස්ථර  වලිනුත් ලිංගික අධ්‍යාපනයට දක්වන ප්‍රතිරෝදය සහ ලැබුණු පසුගාමී අදහස් වල හානිය පැහැදිලි කරමින් ඇය එහිදී කියා සිටියේ යමෙක් ලිංගික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීමම පීඩකයාගේ පැත්තේ සිට ගැනීමකට සමාන බවය.

ඉහත විමසන ලද සියලු වපසරියන් හි එනම් කලාව, නීතිය, නීතියේ ආධිපත්‍ය, ජනමාධ්‍ය, පරිසරය, අධ්‍යාපන යන කේෂ්ත්‍ර වල අභියෝගයන්  එලෙසම තිබියදී 2020 වසරට මානව හිමිකම් රැකගනිමින් යාමට ඇති ගමන ඉතා අභියෝගාත්මක එකක් වනු ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දු අවධාරණය කළේ වෙසෙසින්ම ඒ අභියෝගයන්ට උපායශිලිව සංවිධානාත්මකව සහ නිර්මානශිලිව මුහුණ දීමේ අවශ්‍යතාවය අවධාරණය කරමිනි.

එහිලා ඔහු විසින් අවධාරණය කළ පහත අදහස නැවත මෙහිලා අවසන් වශයෙන් සටහන් කොට තබන්නේ 2020 වසරේ  මසක් අවසන්ව තව මාස 11 ක් අප අභිමුව ඇති මොහොතක 2020 කොතනටද යන්න තනි තනිව, එකිනෙකා ලෙස සාමුහික සමාජයක් ලෙස ද  අපට සිතන්නටද ඉඩ තබමිනි.

2020 දී වසරේදී ඇත්තටම ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම්, සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරීන්ට අලුත් වගේම පරණ අභියෝගයන්ට මුහුණ දෙන්න වෙන වසරක්. මේ සියල්ල කරන්න නම් අපේ අතීත ක්‍රියාකාරිත්වයන් සම්බන්ධ ස්වයං විග්‍රහයක් අපට තියෙන්න ඕනි. ඒ වගේම ජයග්‍රහණ, වැරදි මේ දෙකෙන්ම ඉගෙන ගන්න ඕනි. ප්‍රහාර, තර්ජන, බිය ගැන්වීම්, අපකීර්තීන්ට මුහුණ දීමට සූදානම් වන අතරේම නොපසුබට වීමත්, ධෛර්ය සම්පන්න වීමත් උපායශීලී හා නිර්මාණශීලී වීමත් ඒ නිසා වැදගත්.