පසුගිය වසර කිහිපය තුල රට තුල ඉතා ආන්දෝලනයක් ඇති කල එක් කරුණක් නම් විශේෂ අවස්ථාවලදී දෙමළ බසින් ඡාතික ගීතය ගායනා කිරීමය. ඒ නිසා ඉතිහාසය ආවර්ජනය කරීම මෙහිදී ඉතාම වැදගත් යැයි මම කල්පනා කළෙමි.

නිදහසින් පසු ශ්‍රි ලංකාවට ඡාතික ගීතයක් අවශ්‍යතාවය ඇති වුවත් 1948න් පසුවත් බ්‍රිතාන්‍ය ඡාතික ගීතය බොහෝ අවස්ථාවලදි ගායනා කර තිබුණි. ආනන්ද සමරකෝන් විසින් compose කරන ලද “ශ්‍රි ලංකා මාතා” යන ගීතය හා පී.බී ඉලගසිංහ විසිනා compose කරන ලද “ශ්‍රි ලංකා මාතා පල යස මහිම” ලෙස 1949
පෙබරවාරී 4 වන දින ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළ අතර මෙහිදි වඩා වැදගත් වන්නේ මෙම ගීතයන් හී දමිළ පරිවර්තන ගීතයන් ද එම දිනම ගුවන්විදුලි විසින් ම ප්‍රචාරය කිරීමයි. කෙසේ වුවද 1951දී මෙම ගීතයන් අතරින් “ශ්‍රී ලංකා මාතා” ඡාතික ගීය ලෙස නම් කෙරිණි. මෙහි දමිළ පරිවර්තනයක් වු “නම් ග්‍රී ලංකා තායේ” ද සිංහල ගීතය සමගාමීව ඡාතික ගීතය ලෙස නම් කෙරිණි. කෙසේ වුවත් පම්පෝරි ගසන මිනිසුන් නොදන්නා කරුණක් නම් 1948 දී ශ්‍රි ලංකාව නිදහස් රාජ්‍යක් බවට පත් වුවද, ඊට පසු අවස්ථා ගනණකදී බ්‍රිතාන්‍ය ඡාතික ගීය රාජ්‍ය උත්සව වලදී ගායනා කර ඇති බවය.

එක රටක ඡාති ගීතයන් දෙකක් තිබිය හැකිද? යන්න ඇතැමුන් මතු කරන තවත් ප්‍රශ්ණයකි. භාෂා දෙකක් නොව කිහිපයකින් තිබිය හැක. බෙල්ජියම (භාෂා 3), කැනඩාව (භාෂා 3), නවසීලන්තය (භාෂා 2), දකුණු අප්‍රිකාව (භාෂා 5), ස්විට්සර්ලන්තය (භාෂා 4) යන රටවල් බහු භාෂාවලින් ඡාතික ගීය ගයන රටවල් වලින් කිහිපයකි.

තවද ඡාතික ගීය රටේ ප්‍රධාන භාෂාවෙන් පමණක් ගායනා කල යුතුද? නැත. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වුවද ඡාතික ගීය බෙන්ගාලි වලින් ද, සිංගප්පූරුව මැලේ (15% ඡන ගහනය) භාෂාවෙන් ද ගායනා කරයි. පාකිස්තානය, චෙකොස්ලෝවැකියාව යන රටවල් වල එක ගීතයක විවිධ භාෂාවලින් පද රචනා කර ඇත.

තවද සයිප්‍රස් වල ඡාතික ගීතයක් නොමැත. ඔවුන් තුර්කි හා ග්‍රීක ඡාතික ගීතයන් ගායනා කරයි.

මෙවැනි ගෝලිය ප්‍රවණතාවක් ඇති තත්වයක, ලාංකීය ඡාතික ගීතය පමණක් දෙමළ බසින් ගැයීම ප්‍රශ්නයක් වන්නේ ඇයි? මෙයට හේතු කිහිපයක් දැකිය හැක. මෙයින් ප්‍රධානතම හේතුව නම් සිංහල භාෂාවේ අධිපතිවාදී බලයයි. එය සිංහල බෞද්ධ අනන්‍යතාවය මත හා බහුතර ජනයා සිංහල භාෂාව භාවිතා කරන නිසා ඇති වු මතවාදයකි. එය එලෙස තිබියදී දමිළ භාෂාවට විරෝධය දක්වන බොහෝ දෙනෙකුගේ අදහස නම් එය ප්‍රතික්ෂේප විය යුත්තේ දමිළ ජනතාවට ශ්‍රි ලංකාවේ ඔවුන්ගේ අනන්‍යතාවයට ඉඩ නොදෙනු පිණිසයි. ඔවුන්ට භාෂාමය අනන්‍යතාවය හා ඊට සමගාමී රාජ්‍ය අනුග්‍රහය දීම තුලින් ඔවුන්ට ලැබෙන සමානත්වය කුහකත්වයෙන් බලන මෙම කණ්ඩායම් තම අරමුණ ඉටු කර ගැනීමට යොදා ගන්නේ ජාතිවාදය හා ඡාති ආලය යන දෙකෙන්ම අන්ධ වු ජන කොටස් බව සදහන් කල යුතුයි.

තවද ඡාතිවාදය තුලින් පත් වු ගෝඨාභය රාජපක්ෂ හට දෙමළ ජනතාව සමග කෝන්තර නැතුවා නොවෙයි. ද්‍රවිඩ ඩයස්පෝරාව සමග වැඩ කිරීමට කැමති රටේ ජනපති රටේම කොටසක් වු දෙමළ ජනතාව කෙරෙහි දක්වන ආකල්ප කණගාටුවට කරුණකි. යුද්ධයේදී හමුදාවට භාර වු 20,000ක් පමණ පිරිසකට මරණ සහතික නිකුත් කිරීමට තීරණය කර ඇති ගෝඨාභය රාජපක්ෂ හට යුධ අපරාධ චොදනා ඇත. තවද හමුදාවට භාර වු 20,000ක් කෙසේ මැරුණේ ද යන ප්‍රශ්නයට තව පිළිතුරු නැත. යුද්ධයෙන් අනාථ වු, යුක්තිය සොයා යන දෙමළ ජනතාවගේ සියලු අයිතීන් උදුරා ගැනීමට වෙර දරණ ඡාතිවාදී බල වේග 2020 දී දෙමල බසින් ඡාතික ගීය ගායනා කිරීමට ඉඩ ලබා දෙන්නේද යන ප්‍රශ්නය අප හට ඇත.

රටක ඡාතික ගීතය ගායනා කල යුත්තේ රටේ ජනයා බෙදා වෙන් කර නොව ජාතිකාභිමානය හිතට දැනෙන අයුරෙනි. ණය බරින් පීඩිත, විවිධ රටවල් වලට උකස් වු රටක එක අභිමානය, ගීතයක් තුලින් මතු වේවිද යන්න තවත් ප්‍රශ්නයක්ය. කෙසේ වෙතත්, සිංහල බසින් ගයන ඡාතික ගීතයට තරම් අතීතයක් දෙමළ ගීතයට ද ඇත. එසේ තිබියදී මෙලෙස එක් ජන කොටසකට තම භාෂාව ට වාරණය පැනවීම ඉතාම කණගාටුදායක කරුණක්ය. එය ඔවුන්ට සිදු කරන අපහාසයක්ය.

තවද ශ්‍රි ලංකාවේ 27%කට පමණ වු ජනයා දෙමළ බස සිය මවු බස ලෙස සලකයි. (ද්‍රවිඩ15.4%, මුස්ලිම් 9.7% හා ක්‍රිස්තියානි ජාතිකයින් මෙහි ඇතුලත් වේ).. එසේ තිබියදී, එක් කොටසකට හිමි වරප්‍රසාදයක් තවත් කොටසකට අහිමි ඇයි?

එම නිසා රටේ එක ඡන කොටසකට ගායනා කල නොහැකි ඡාතික ගීය මගේ ඡාතික ගීතයයි. රටේ එක ජාතියකට පමණක් උරුමකම් කියන අනෙක් ගීතය මගේ නොවෙයි. කවදා මේ ගීතයන් දෙකම ගායනා කල හැකි ද? එදින ආඩම්බරයෙන් සිංහලින් හා දෙමළෙන් මමත් ඡාතික ගීය ගායනා කරමි.

ශිෆානා නියාස් | Shifana Niyas