‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප් මයිකල් කියන ඇමතිවරයා ලගට ගියාම ඒයා පිළිගන්නවා අරං ගියා මගේ ළග ඉන්නවා කියලා. තුන්වෙනි එක තමා, හමුදාවේ අංශ විසින් කියනවා මේක හොයන්න එපා කියලා. මෙන්න මේ කරුණු නිසා රාජ්‍ය තන්ත්‍රය සම්බන්ධයි. ඒ ගොල්ලො තමයි මේක කරේ

යැයි අශෝක ගුණතිලක ‘විකල්ප’ වෙබ් අඩවිය ට පවසා සිටියේ ය. ඒ පසුගිය 14වන දා, ආදරවන්තයින්ගේ දිනයේ දී, කොළඹදී පැවති වැඩසටහනක් අතරතුරය.

අතුරුදහන් වූවන්ට යුක්තිය ලබා ගැනීමත්, වන්දි ලබා ගැනීම් අතුලු කරුණු ගනනාවක් වෙනුවෙන්, ‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව‘ විසින් එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, දකුණේ දී අතුරුදහන් වූූ අයගේ පවුල්වල සමීපතමයින් විශාල ප්‍රමාණයක් එම වැඩටහනට සහභාගී වී සිටියේ ය.

පහත පළවන්නේ, අශෝක ගුණතිලක මහතා විසින් ප්‍රකාශ කල සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝවයි. YOUTUBE HERE