ජිනීවා, සංක්‍රාන්ති යුක්තිය සහ ලංකා රාජ්‍යයේ අපරාධවල 'දකුණේ සළකුණු'

(මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව’ විසිනි)

‘අපට අහිමි ආදරය ඔබට කිසිදා අහිමි නොවන්නට’ | ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයෙන් 2015 ඔක්තෝබර් මාසයේ දි 30/1 යෝජනාව සම්මත කළේය. 30/1 යෝජනාවෙහි මූලික හරය වූයේ සංක්‍රමණිය යුක්ති ක්‍රියාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි.

එම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රධාන කොටස් වන දැනගැනීමට ඇති අයිතිය, යුක්තියට ඇති අයිතිය, හානි පූර්ණයට ඇති අයිතිය සහ නැවත සිදු නොවන බවට සහතික වීම යන ප්‍රධාන සංඝටක වලින් එය සමන්විත වෙයි. එම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අනුව යාන්ත්‍රණ 4ක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විය. ඒවා නම්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය, හාණිපූර්ණ පිළිබද කාර්යාලය, සත්‍ය සෙවීම සදහා කොමිෂන් සභාව සහ යුක්තිය සෙවීමේ යාන්ත්‍රණ යන එම ක්‍රියාවළින්ය. මෙයින් මේ වන විට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව වන කාර්යාලය සම්පූර්ණයෙන්ම පිහිටුවා අවසන් අතර හාණිපූර්ණ පිලිබද කාර්යාලයත් යම් මට්ටමකින් පිහිටුවා තිබිණි.

නමුත්, දැන් තත්ත්වය වෙනස් වේ ගෙන එන්නේ යුක්තිය පිළිබද තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින්ය. මෙවර ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය සදහා, ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා ගිය දිනේශ් ගුණවර්ධන ඇමතිවරයා, පසුගිය 26වනදා, ජිනීවා හී 43වන සැසිවාරයේදී පවසා සිටියේ, 2015 ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කර ගත්, 30/1 යෝජනාවෙන් ලංකාව ඉවත් වන බවයි. යුක්තිය සම්බන්ධයෙන් වූ එම වැදගත් යෝජනාවලින් දැන් නිළ වශයෙන් ඉවත්වන බව වත්මන් ගොඨාබය ආණ්ඩුව පවසා තිබේ.

කෙසේ නමුත්, දැන් රාජපක්ෂ ආණ්ඩුව මේ සමස්ථ ක්‍රියාවළියෙන්ම ඉවත් වන්නේද? පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව වූ කාර්යාලය අහෝසි කර දමන්නේද? යුක්තිය සොයායෑමේ ක්‍රියාවලිය අවසන් කරන්නේද? අපරාධ කරුවන්ට නිදහසේ ක්‍රියාත්මක වන්නට හෙවත් අපරාධ සිදුකර දඩුවම් නොළඹා සිටිමේ සංස්කෘතිය තවදුරටත් පෝෂණය කරන්නේද? මේ, ලංකාව ශිෂ්ට රාජ්‍යක් සදහා සිහින දකින ඕනෑම පුරවැසියෙක් රාජපක්ෂ ආණ්ඩුවෙන් දැන් ඇසිය යුතු ප්‍රශ්ණවලින් කිහිපයකි.

සම්පූර්ණ ඡායාරූප සහ වීඩියෝ සටහන සදහා පිවිසෙන්න ‍