iMAGE:  Miguel Candela/SOPA Images/LightRocket via Getty Images

ලෝකය පුරා රටවල් 110 කට ආසන්න ප්‍රමාණයක මේ වන විට ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය  “Covid19”  හේතුවෙන් ලෝක ප්‍රජාව කැළඹී තිබුනද, ඊයේ දින ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ආසාධිතයෙකු ලෙස පළමු වරට හඳුනා ගැනීමෙන් පසු රට තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉතා විශාල කැළඹීමක්, බියක් ඇති වෙන බව ක්‍රමයෙන් නිරීක්ෂණය කළ හැකි විය. එහෙයින් බොහෝ දෙනා දකින දකින දේ ශෙයාර් කිරීමටත්, සොයා බැලීමකින් තොරව තොරතුරු හුවමාරු කර ගන්නටත් පෙළඹී තිබුණි.

ඒ අතර විශේෂයෙන්ම දුස් තොරතුරු, මිත්‍යා මත, නිල නොවන නිවේදන, සාවද්‍ය මාධ්‍ය වාර්තා, විදේශ ශ්‍රමිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පළ කෙරෙන අතිශය වෛරී සහගත සටහන් මෙන්ම වීඩියෝ හා රෝග නිවාරණය සඳහා කළ යුතු යයි කියවෙන උපදෙස් අඩංගු විවිධ හඬ පට (Audio Recordings) විශේෂයෙන්ම ෆේස් බුක් හරහාත්  වට්ස් ඇප් හරහාත් දී ලෙස හුවමාරු වෙනු අත්දකින්නට ලැබේ. ඇතැම් ඒවා බොරු බියක් මවා පාමින් ජනතාව කුල්ලපු කිරීමට දායක වීමෙන් අතිරික්ත භාණ්ඩ මිලදී ගැනීම, වෙළඳ පොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති වීම මෙන්ම එදිනෙදා ජන ජීවිතය දැඩි ලෙස අඩාල කිරිමද සමත් විය හැකිය.

ඒ අතර තවත් තැනෙක ආසාධිතයින් බවට දක්වමින් විදේශිකයින්ගේ පින්තූර සංස්කරණය කරමින් සංසරණය වනු දැකිය හැකිය. ඒ නිසාම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇසුරේදී ඔබ බෙදා හදා ගන්න දේ පිලිබඳ අවධානය යොමු කිරීම මේ සම්බන්ධව වන අනිසි බිය සහ මහජන කැළඹීම් අවම කිරීමටත්, නිවරදි තොරතුරු සමාජ ගත කිරීමටත් දායක වනු ඇත.

විශේෂයෙන්ම ඔබට  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “නව කොරෝනා වෛරසය” සම්බන්ධව තම වෙබ් අඩවිය හරහා කරන සියලු යාවත්කාලිං කිරීම්, තත්ත්ව වාර්තා ( Situation Reports) හා උපදෙස් මාලාවන්, ගුවන් ගමන් උපදෙස්, දරුවන් සහ පාසල් ආරක්ෂණය සඳහා මාර්ගෝපදේශ ආදිය නිරන්තරයෙන් පිරිසා බැලිය හැකිය.

එසේම යම් තොරතුරක් ලැබුණු විගස  වගකීමක් සහිතව විදිමත්ව කරුණු බෙදා ගන්නා සමාජ මාධ්‍ය පිටු, වෙබ් අඩවි පිරික්සා බලන්න.විශේෂයෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේදී මහජනතාවට ” සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ෆේස් බුක් පිටුවට සහ වසංගත රෝග විද්‍යා කාර්යාංශයේ වෙබ් පිටුවට පිවිසීමට හැකියාව තිබේ. 

https://www.facebook.com/hpbsrilanka/photos/rpp.626500691035511/1102420523443523/?type=3&theater

එසේම විශේෂයෙන්ම  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන නිල නිවේදන  ඔවුන්ගේ වෙබ් අඩවිය, ටුවිටර් ගිණුම සහ ෆේස් බුක් පිටුව ඔස්සේද ඔබට සෑම විටම නැවත පිරික්සීමේ හැකියාවක් තිබේ. හැමවිටම මුලාශ්‍රය සොයන්න උත්සාහ ගන්න. හැකි සෑම විටම ඔබ වගකීම් සහගත පුරවැසියෙකු ලෙස  සමාජ මාධ්‍යට නිකුත් වෙන  විවිධ පුවත්, ජායාරූප, වීඩියෝ, ගොසිප්  ආදිය සම්බන්ධයෙන් හැකිතාක් විමසිලි වෙන්න.

ඒ සඳහා අප විසින් නිර්මාණය කොට ඇති පහත දැක්වෙන මේ සරල උපකාරක හැකි සෑම විටම පාවිච්චියට ගන්න. හැකිතාක් මිතුරන් අතරේ බෙදා ගන්න.

කොරෝනා කාලේ  බොරු හා වෛරය පැතිරීම වෙනුවට  අත් සබන් දා හෝදන්න, විස නසන්න දායක වන වගකීම් සහගත පුරවැසියෙක් වෙන්න.

(1) ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

(2) අසත්‍ය තොරතුරු හා බොරු ප්‍රචාර හඳුනා ගන්නේ කෙසේද?

(3) ජායාරූපයක නිරවද්‍යතාවය තහවුරු කරගන්නේ කෙසේද?

(4) වීඩියෝවක නිරවද්‍යතාවය තහවුරු කරගන්නේ කොහොමද?

කෙසේ වෙතත් අද දින කොරෝනා වෛරසය ආසාදනය වීම් සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය මඟින් නිවේදනයක් ද නිකුත්  කොට තිබුණි.

https://www.facebook.com/626500691035511/videos/496038171070048/

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් පිටුවට – https://www.who.int/

මුලික ආරක්ෂණ උපදෙස් https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ෆේස් බුක් පිටුවට https://www.facebook.com/hpbsrilanka/

වසංගත රෝග විද්‍යා කාර්යාංශයේ වෙබ් පිටුවට http://www.epid.gov.lk/web/index.php?lang=si

එසේම විශේෂයෙන්ම  ලෝකය පුරා “කොරෝනා වෛරසය පිලිබඳ ” වාර්තා කරන ජනමාධ්‍යවේදීන්ට මාර්ගෝපදේශනයක් ද global investigative Journalism Network විසින් නිකුත් කළ ඇති  අතර , එය මාධ්‍යවේදීන්ට උපකාර කර ගැනීමේ හැකියාවද පවතී.