iMAGE: Vikalpa/ Ishara Danasekara 

ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම සහ සාම්ප්‍රදායික ආනයන රටවල ඒක පුද්ගල පරිභෝජනය පහත වැටීම ආමන්ත්‍රණය කිරීමට දරන උත්සාහයන්ට සහාය වීම සඳහා ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 21 වන දින ජාත්‍යන්තර තේ දිනය (International Tea Day) ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.තිරසාර තේ නිෂ්පාදනය හා පරිභෝජනයට පක්ෂව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ විශේෂයෙන්ම සාගින්න හා දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේදී එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම හා පෝෂණය කිරීම මෙම දිනය මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරෙන බව ඔවුන්ගේ අදහයි.

නිෂ්පාදන ක්‍රියාවලිය හා පරිභෝජනය කෙරෙහි අවධානය යොමු වී ඇතත් එහි වාසිය එම කර්මාන්තය ජිවන උපාය බවට පත් කොට ගෙන සිටින ජනයා වෙත නැවත සෘජුව හෝ වක්‍රව ලැබේද යන්න දිර්ඝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයකි.

“සිලෝන් ටී” නමින් ලොව පුරා සුප්‍රසිද්ධ  වසර 153 ක් පුරා තේ නිෂ්පාදනය කරමින් සිටින ශ්‍රී ලංකාවේ තේ වතු ආශ්‍රිතව තම ජීවිකාව පවත්වා ගෙන යන ජනයාගේ ජිවිතය මෙය හොඳින්ම අවධාරණය කරන කරුණකි.

සම්පුර්ණ ඡායාරූප සටහන සඳහා  Adobe Spark වෙත පිවිසෙන්න