සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛ මර්වින් ගස් බඳිනු, උමතු ඇමති බැඳ දමනු,’’ නි. ඇමති මර්වින්ට එරෙහිව සමෘද්ධිය උද්ඝෝෂණයේ.

උමතු ඇමති බැඳ දමනු, මර්වින් ගස් බඳිනු, මුන්ට ද අපි ඡන්දේ දුන්නේ… යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු රැගෙන අද(5) මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සමෘද්ධි නිළධාරින් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවිත්විය. පසුගිය 3දා මර්වින් සිල්වා නි. අමාත්‍යවරයා විසින් කැලණිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත් වූ අතර මෙය සංවිධානය කර තිබුණේ ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂි පර්යේෂණ නිළධාරින්ගේ සංගමය ඇතුලු සංවිධාන කිහිපයක් විසිනි.

එහිදී අදහස් දැක්වූ සමෘදධි නිළදාරියෙක් ‛‛මේ සම්ස්ථ රාජ්‍ය සේවකයොම අපහසයට පත්කරපු අවස්ථාවක්. මේක කරන්න දෙන්න බෑ. අපි ආණ්ඩු පත්කරලා, මංත්‍රිවරු පත්කරලා, ජනාධිපතිතුමා දක්වා බලයට පත් කරේ අපි. ගමේ ශක්තිය තිබුණේ අපිට. අපේ නිළධාරියෙක් ගස් බැන්දා කියන්නේ සමස්ථ රාජ්‍ය සේවකයොම ගස් බැන්දා කියන එකයි. අපි මේ පොළිස් නිළධාරින්ට කියන්නේ මර්වින් සිල්වාගේ කුඩු ජාවාරන්, ගණිකා මඩන්, ඒවා නවත්තන්න. එවා තියෙද්දි අපේ මේ සමස්ථ සමෘද්ධි නිළධාරින් ප්‍රාදේශිය ලේකම් කාරයාලය තුළ රජයේ නිළධාරින් ඉදිරියේ සමස්ථ රාජ්‍ය සේවකයොම ගස් බැන්දා. මේ මෝඩ අචාර්යවරයා පිළිබදව ඇක්ෂන් එකක් ගන්නකන් සමස්ත රාරජ්‍ය සේවයොම එකතු කරගෙන අපි පාර්ලිමේන්තුව වටලලා හරි, ජනාධිපතිතුමාට කියන්නේ මේ පිස්සු මර්වියාගේ වැඩ මෙතනින් නවත්තන්න. ආඩම්බරකාර තාත්තට කියන්නේ මේ ආඩම්බරය දුන්නේ මේ පුත්තු. මේ දුවලා. ඒකට නිගා කරන්න එපා.’’

කෙසේ වෙතත් උද්ඝෝෂනය ආරම්භ කිරීමට ප්‍රථම වෙනත් කණ්ඩායමක් සමෘද්ධි නිළධාරින්ගේ උද්ඝෝෂණයට මදක් දුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාට පක්ෂපාතීව උද්ඝෝෂණයක් පැවැත් වූ අතර පසුව සමෘද්ධි නිළධාරීන් එය අසලට යාමට උත්සහ කරද්දී පොළිසිය සමග උණුසුම්කාරී තත්වයක් මතු විය. පසුව උද්ඝෝෂණකරුවන් මහා මාර්ගයේ වාඩිලාගෙන තම උද්ගොෂණය පැවැත් වූ අතර පොලීසිය මැදිහත් වී ඔවුන් එක් පසකට ගැනිමට උත්සහ කලේය. පැය දෙකකට ආසන්න කාලයක් සමෘද්ධි නිළධාරින් මෙසේ නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව උද්ගොෂණයේ යෙදී සිටියෙ ය.

නි. මේ එහිදී ඇමති මර්වින් සිල්වාට එරෙහි උද්ඝෝසන කරුවන් කියූ සටන් පාඨ කිහිපයක්.

මර්වින් සිල්වට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය
මන්ද බුද්ධිකයට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය
සමෘද්ධියට අත තියලා – වැඩ වරද්ද ගන්න එපා
ජනපතිඳුනි මේ අහන්න – පිස්සු ඇමති අස් කරන්න
ජනපතිඳුනි මේ අහන්න – පිස්සු බල්ලා ගස් බඳින්න
සිල්වා සිල්වා මේ අහන්න – මෝඩ චූන් අපට එපා.

ඡායාරෑප සහ සටහන සම්පත් සමරෙකෝන්