Groundviews වෙබ් අඩවිය තුළ පළකෙරෙන අන්තර්ගතයන්, ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු ආදිය යාවත්කාලින කෙරෙන වේදිකාවක් ලෙස 2016 වසරේදී මෙම WhatsApp සමුහයන් (Groups) ආරම්භ විය.ආරම්භයේදී WhatsApp සාමූහිකයේ සාමාජිකයන්ට එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීමට අවකාශයක් පැවතුණු අතර;2018 වසරේ අග භාගයේ ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේදී පැන නැගුණු අවශ්‍යතාවයක් මත, සාමුහිකය තුළ ඇඩ්මින්වරුන්ට පමණක් පණිවිඩ හුවමාරු කිරීම හා බෙදා හැරීම කළ හැකිලෙස එය සීමා කිරීමට සිදුවිය.කෙසේ වෙතත් පෙර නොවූ  විරූ මෑත සිදුවීම්, ශ්‍රී ලංකාව තුළ  ද්වේෂ සහගත ආක්‍රමණයන් හා අවේක්ෂණයන්ට (surveillance)  ලක්වීමේ අවධානමට ඉඟි සපයන පෙර නිමිති ලෙස බැදී තිබෙන බැව් මා සළකන  හෙයින් සහ  ඒවායේ පවතින නවීනත්වය, වේගය සහ පරිමාණය වේගයෙන් ඉහළ යාම හේතුකොට ගෙන  මෙම සමුහ වසා දැමීම දැන් අවශ්‍යතාවයක්ව පවතී. .

මෙහි පසුබිම් සිදුවීම සම්බන්ධ සියලු විස්තර ගූගල් ලේඛනයක දක්වා ඇති අතර;  එය ක්ලෝනකරණය කරන ලද ජංගම දුරකථන අංකය( cloned mobile number) පිළිබඳව දැනගත් විගස මා විසින් එවන ලද ඊමේලයෙහිද දක්වා තිබේ. මා එහි සටහන් කළ පරිදි
ඉතා සුපරික්ෂාකාරීව සළකා බැලීමෙන්  අනතුරුව, මුල් Groundviews WhatsApp යාවත්කාලීන කිරීම් කෙරෙන  සමුහයේ  ඇතුළත් අංකයක් කොලොන කරන ලදුව , එම ක්ලෝන කරන ලද ජංගම දුරකථන අංකය හරහා සාමුහිකයේ අන් අයට පණිවිඩ යවා ඇති ආකාරයත් සැලකිල්ලට ගනිමින් මම මෙම සමුහිකයන්  වසා දැමීමට තීරණය කළෙමි.  මෙම කණ්ඩායම්වල සාමාජිකයින්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ ගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට වසර කිහිපයකට පෙර පැවති පළාත් සභා මැතිවරණයකදී කොළඹ (එස්එල්පීපී සමඟ) තරඟ කරන ලද අපේක්ෂකයෙකු  විසින් ග්‍රාහකයින්ගේ අංක වෙත පිවිසෙමින් ඔවුන්ගෙන් විමසීමකින් හෝ දැනුවත් කිරීමකින් තොරව ප්‍රචාරණයන් යවා තිබේ.  මා විසින් මැදිහත් වීමෙන් පසුව අදාළ  පුද්ගලයා විසින් ඒ සම්බන්ධයෙන්  සමාව අයැද සිටි අතර වහාම එය නතර කරන ලදී. එය අපහසුතාවයක් ලෙස ගන්නවා නම්, දැන් සිදුවී ඇති දේත්, ඉදිරියේදී  සිදුවීමට හැකි දේත්  ශ්‍රී ලංකාවේ  සාමාන්‍යයෙන් පවතින ආවේක්ෂණ ක්‍රියාදාමය හා සසඳා බැලු කළ වේගයෙන් වර්ධනය වන ආරක්ෂක අවදානමකට පාදමකි. ඒ අනුව අනාගතයේ දී ඇති විය හැකි  අනිෂ්ට හෝ අපරාධ ක්‍රියාකාරීත්වයන් සඳහා පහසු ප්‍රහාරක අවස්ථා ලබා නොදීමට සමුහයේ ඇඩ්මින්වරයා ලෙස මා වෙත දැන් යුතුකමක් සහ වගකීමක් පැවරී තිබේ.දැනට මෙම සාමුහිකය පවත්වා ගෙන ආකාරය අනුව, වෙනත් කිසිවෙකුට සාමුහිකයේ සමාජිකයින් වෙත පණිවුඩ යැවිය නොහැකි වුවද,සාමුහිකයේ සිටින සෑම කෙනෙකුටම අනෙත්  ග්‍රාහකයන් කවුදැයි යන්න දැකිය හැකිය.  දැන් මෙය අවදානමක් වන අතර පවතින එම අවධානම තවදුරටත් වැඩි කරගැනීමට මම උත්සාහ නොකරමි.
මා වෙත පවසා ඇති පරිදි විශේෂයෙන්ම දැනට ජනමාධ්‍යවේදීන් විසින් පාලනය කෙරෙන හා  පවත්වාගෙන යන සමුහ ඇතුලු  අනෙකුත් පොදු  WhatsApp සමුහ වල ඇඩ්මින්වරුන්ට වෙත ඒවාට පිවිසීම සඳහා වන අවසර ක්‍රියාවලිය පිළිබඳවත් ඒවාට කළ යුතු හදිසි සංශෝධනයන් කිරීමටත්, පවතින සන්දර්භය තුළ සත්‍යවශයෙන්ම ඒවා තවදුරටත් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යද යන්නත්, මුලික වශයෙන් එම සමුහ ආරම්භ කළේ ඇයිද යන්නත්, කවදාද යන්නත් පිලිබඳ නැවත සමාලෝචනයක යෙදීමට මම දිරිමත් කරමි.
විශේෂයෙන්ම තම අන්තර්ගතයන් බෙදා හැරීමට  WhatsApp භාව්තා කිරීමේ අවශ්‍යතාවයක් පවතී නම් එහි ඇතුළත්  Broadcast feature විශේෂාංගය හරහා එය කිරීමේ හැකියාව පවතී. උදාහරණයක් ලෙස වසංගත තත්වය තුළ පුවත්පත් මුද්‍රණය අත්හිටවූ අවස්ථාවේදී Daily FT & the Sunday Times  පුවත් පත් විසින් තම අන්තර්ගතයන් යැවීම සඳහා  මෙය අත්හදා බලන ලදී.

Groundviews  හි ඇති Digital Security Wiki  තුළ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධව මුලික මඟ පෙන්වීමක් ඇතුළත්ව තිබේ. කෙසේ නමුත් ඔන්ලයින්  ආරක්ෂාව යනු අන් සියල්ල අතරේ සංකීර්ණ, සන්දර්භීය, සමාජ-තාක්‍ෂණික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සබැඳි  ගැටලුවකි. එහි මතුවන කිසිදු අභියෝගයකට හෝ අවදානමකට කිසිවෙකු ඇත්තේ වත් හෝ පහසු පිළිතුරු ඇත්තේ වත් නැත. Groundviews Wiki  සේම එක්සත් ජනපදයේ ඇති වී ඇති Black Lives Matter  උද්ඝෝෂණ හමුවේ මේ වන විට යාවත් කාලීන වී ඇති අන්තර්ජාල සම්පත් හරහා සාමාන්‍ය මගපෙන්වීමක් ලබාදෙයි.

කෙසේ වෙතත් ඒවා මුළුමනින්ම පරිපූර්ණ ඒවා නොවන අතර ඒවායින් බොහොමයක් අර්ථවත් ලෙස යොදා ගැනීමට නම්  පුළුල් අනුගත කිරීමක් (දේශීයකරණයක්)  සහ මග පෙන්වීමක් අවශ්‍ය වේ. එහෙයින් කරුණාකර ඔබේ ආයතනික තොරතුරු තාක්ෂණ උපදේශකයින්, කාර්ය මණ්ඩලයේ හෝ විශ්වාසදායක පුද්ගලයින්ගෙන් මෙම අවකාශයන් හි සැරිසැරීමේදී උදව් ලබා ගන්න.

එසේම සංවිධාන, ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්,  රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම දැනට ශ්‍රී ලංකාවේ සිටින හෝ සේවයේ නියුතු නිලධාරීන් සේම  අන්තර්ජාලය භාවිතා කරන, සමාජ මාධ්‍යවල වල සිටින සියලු දෙනාටම තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකන ලෙස මම තවදුරටත්  දිරිගන්වමි.

අන්තර්ජාලයේ  දත්ත ගමනාගමනයේදී  සිදුවන අවහිරතාවන්  සම්බන්ධයෙන් අවෘතව සිදුකෙරෙන සෝදිසි කිරීම් සඳහා Deep Packet Inspection – DPI යොදා ගැනීම  මා විසින් පෙන්වාදී ඇති ආකාරයට මේ වන විටත් යාථාර්ථයක්ව පවතී. විදුලි සංදේශ සමාගම් විසින්  රටේ පවතින නීතියට එරෙහිව මෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව පවතින රජයන් විසින් ලබාදුන් නියෝග මත ක්‍රියාත්මක වීමේ අපකීර්තිමත් ඉතිහාසයක් ද ඇති හෙයින් (යහපාලන රජය යටතේද මෙය සිදුවූ අතර ලංකා ඊ නිව්ස් තහනම් කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු ඉල්ලීමක් මත බව තොරතුරු ලබාගැනීමේ ඉල්ලීමක් හරහා හෙළිවිය) මෙකි පරිමාණයෙන්  Deep Packet Inspection – DPI  යොදාගැනීම යාථාර්ථයක් මෙන්ම බිය ජනනය කරන්නකි. මා විසින් මාගේ දෙවන ඊමේල් පණිවුඩයේ  මේ සම්බන්ධයෙන්  ගාලු පාරේ තදබදය හා ප්‍රභූවරුන්ගේ වාහන ගමනාගමනය හා සම්බන්ධ උදාහරණයක් ගෙනහැර පාමින් පැහැදිලි කොට තිබේ.

වසර ගණනාවක් පුරා සිවිල් සමාජයේ සිට  ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දක්වා වුද  විශාල වපසරියක විහිදී ගිය  ඔබ සමඟ අප whatsapp හරහා හරහා සන්නිවේදනය කිරීමට හැකිවීම ඇත්තෙන්ම අප ලද භාග්‍යයකි.

සංජන හත්තොටුව | Sanjana Hattotuwa
ආරම්භක සංස්කාරක
සංස්කාරක සටහන: අප සහෝදර ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය වන Groundviews  වෙබ් අඩවියේ පළවන නවතම තොරතුරු සහ යාවත්කාලින කිරීම් ලබාගැනීම සඳහා තවදුරටත් ඔබට  @groundviews  ට්විටර් ගිණුම වෙත හෝ ෆේස් බුක් වෙත පිටුව වෙත පිවිසිය හැකිය.විකල්ප විසින් කළ මෙම පරිවර්තනයේ මුල් ඉංග්‍රීසි ලිපිය වෙත මෙතැනින්