iMAGE: Cartoon by Awantha Artigala 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට ඔහු විසින් යුද හමුදාවන්ගෙන් පිට විවිධ තනතුරුවලට පත් කර ලද මිලිටරි ප්‍රධානීන්ගේ සහ පොලිස් සේවයෙන් පිට තනතුරු සඳහා පත් කරන ලද පොලිස් ප්‍රධානීන් ගණන දැන් දුසිම් දෙකක්ට ආසන්නය. ජනමාධ්‍ය සහ ආණ්ඩුව මගින් ප්‍රසිද්ධ කර ඇති එම පත්වීම් ලද නිලධරයන් මෙසේය.

1. මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න
ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
සභාපති, විදුලි සංදේශ නියාමන කොමිසම
ප්‍රධානී, සුරක්ෂිත රටක්,විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය
ප්‍රධානී, නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණ සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය

2. හමුදාපති ලුතිනන් ජෙනරල් ශ්‍රවේන්ද සිල්වා- ප්‍රධානී, කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

3.මේජර් ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක
සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය

4. මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි
හිටපු ආණ්ඩුකාර, නැගෙනහිර පළාත,
සභාපති, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

5. මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ
අධ්‍යක්ෂක ජෙනරාල්, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

6. මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය
අධ්‍යක්ෂක ජෙනරාල්, ශ්‍රී ලංකා රේගුව

7. මේජර් ජෙනරල් (විශ්‍රාමික) එස්.ඩබ්.එල්. දවුලුගල
සභාපති, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව

8. මේජර් ජෙනරල් (විශ්‍රාමික) ඩී.එම්.එස්. දිසානායක
සභාපති, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

9. අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත කොළඹගේ
විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්

10. මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්ද මල්ලිමාරච්චි
අධක්ෂක ජෙනරාල්, බහුකාර්ය සංවර්ධන බලකාය

11.මේජර් ජෙනරල් සංජීව මුණසිංහ
ස්ථිර ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

12. මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා
ස්ථිර ලේකම්, මහවැලි අමාත්‍යාංශය

13. රියර් අද්මිරාල් ආන්නද පීරිස්
අධ්‍යක්ෂ ජෙනරාල්, සිවිල් ආරක්ෂක බලකාය

14. මේජර් ජෙනරල් කේ. ජගත් අල්විස්
ප්‍රධානී, ජාතික බුද්ධි අංශය. (පොලිස් දෙපාර්ථමෙන්තුවේ නිලයකි)

15. බ්‍රිගේඩියර් සාලි
ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය ( පොලිස් දෙපාර්ථමේන්තුවේ නිලයකි)

16. මේජර් ජෙනරල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ
ප්‍රධාන කළමාණාකරු, නෙළුම් කුළුන ව්‍යාපෘතිය

17. ගුවන් හමුදා මාර්ෂල්ඝ හිටපු ගුවන් හමුදාපති (විශ්‍රාමික) රොෂාන් ග්‍රණතිලක
ආණ්ඩුකාර, බස්නාහිර පළාත,
ප්‍රධානී, හමුදා කඳවුරු සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ කාර්ය සාධක බලකාය

18. වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම
මහ කොමසාරිස්, පකිස්ථානය

19. නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) එස්.එම්. වික්‍රමසිංහ
ඔම්බුඩ්ස්මන්, ජනාධිපති ලේකම් කාර්යාලය, (ව්‍යවස්ථා මණ්ඩලය විසින් පති කරන ලද විශ්‍රාමික ශේෂ්ඨාධිකරන විනිසුරුවරයකු පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා ලෙස සිටියදීය)

20. බන්ධනාගාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව
මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ලුතිනන් ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පෙලිස්පති සී.ඩී. වික්‍රමරත්න (බන්ධනාගාර දෙපාර්ථමෙන්තුවෙන් හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් කිසිවකු නැත)

කාර්ය සාධක බලකායන්:

01. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණයන්හි ප්‍රගතිය අධික්ෂන කාර්ය සාධක බලකාය ( මෙම බලකායට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජෙනරාල්, රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති, ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ පරීක්ෂන අංශයේ අධ්‍යක්ෂක සහ පොලිස් නීති අධ්‍යක්ෂක අතුළත්ය)

02. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපතිකාර්ය සාධක බලකායෙහි සාමාජිකත්වය දරන යුද හා පොලිස් ප්‍රදානීන්
ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පතිසී.ඩී. වික්‍රමරත්න, මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක, රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී. විජිත රවිප්‍රිය මහතා, මේජර් ජනරාල්(විශ්‍රාමික) සුදන්ත රණසිංහ,මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා

03. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි ප්‍රධානී ආරක්ෂක ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වන අතර පහත සදහන් අය එහි සාමාජිකත්වය දරති.යුද හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබල පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. වාසගේ, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ සිදුව ඇති මෙරට දේශපාලනය මිලිටරිකරණය ඉහත සදහන් සංඛ්‍යාත්මක කාරණා වලින් පමණක් මැනිය නොහැක. මතවාදී වශයෙන් සිදුව ඇති මිලිටරිකරණය ඉතා පුළුල් සහ ගැඹුරුය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීමට මිලිටරි බලවේග කැඳවීම මගින් සහ ඊට අදාළ ප්‍රචාරක ව්‍යාපාරයන්හි මූලිකත්වය යුද හමුදාපතිවරයාට ලබා දීම තුළින් සමාජය යම් තරමකට මිලිටරිමය වසඟයකට යටත් කර ගැනීමට ජනාධිපතිවරයා සමත් විය. මෙම මිලිටරිකරණයේ උච්චාවස්ථාව වූයේ සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීමයි.

මෙරට කිර්තිමත් පුරවැසියන්ගෙන් සැදුම්ලත් සිකුරාදා මණ්ඩපය නම් පුරවැසි එකතුව පසුගිය 11 දා ප්‍රකාශනයක් නිකුත් කරමින් මෙකී කාර්යා සාධක බලකාය පිළිබඳව බරපතල අනතුරු හැඟවීමක් කළේය. එය මෙසේ කියා සිටීයි .

“කාර්ය සාධක බලකායේ වරම විමසා බැලීමේදී, ආණ්ඩුකරණය සඳහා මෙයින් ඇති ඇඟවුම් මොනවාද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුය. කාර්ය සාධක බලකායට ඔවුන්ගේ පුළුල් වරම තුළ සියලු කරුණු විමර්ශනය කිරීමේ අතිවිශාල බලතල ඇත. ඔවුන්ට “සමාජ කණ්ඩායම්”, සියලු රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථාවලට උපදෙස් නිකුත් කළ හැකිය. එම නියෝග පිළිපැදීමට අපොහොසත්වීම් කෙලින්ම ජනාධිපතිවරයාට වාර්තා කරනු ලැබේ. මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, තොරතුරු දැන ගැනීමේ කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, රාජ්‍ය විශ්ව විද්‍යාල සහ රාජ්‍ය මාධ්‍ය වැනි ස්වාධීන කොමිෂන් සභා “මහජන” ආයතන වේ. මිලිටරි කාර්ය සාධක බලකාය විසින් ඒවාටද නියෝග ලබා දිය හැකි බවත්, මෙම නියෝග පිළිපැදිය යුතු බවත් පෙනී යයි.

රාජ්‍ය පරිපාලනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි අධිකාරී දාමය සඳහා මෙම මිලිටරි කාර්ය සාධක බලකාය විසින් ඇති කරන ඇඟවුම් මොනවාද? මැතිවරණ පැවැත්වීම, පත්වීම් හා රාජ්‍ය සේවයේ සහ පොලීසියේ ස්ථාන මාරුවීම් වැනි කාරණා සහ පුළුල් පරාසයක සංවර්ධන ක්‍රියාකාරකම් ද කාර්ය සාධක බලකායට ලබා දී ඇති බලතල තුළට ඇතුලත්විය හැකිය. මෙම කාර්ය සාධක බලකාය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකාවෙහි මිලිටරියක් රෙජිමයක් පිහිටුවෙනු ඇත.

කොරෝනා වසංගතය, පාස්කු ඉරිදා ප්‍රචණ්ඩත්වය හා සුනාමියෙන් ඉක්බිතිව සාර්ථකව කටයුතු කිරීමට සිවිල් ආන්ඩුකරණ ක්‍රමයකට හමුදාව සහයෝගය දැක්වීම නිසා අප සමත් වූ බව අමතක නොකරමු. මහජන ආරක්ෂාව පිළිබඳ මිලිටරි කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වනු ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ සිවිල් ආයතනවල තුලන සහ සංවරණයන් නොමැතිවය. එය මේ රටේ මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය.”

ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත් පතට දීර්ඝ කාලයක් පුරා මානව හිමිකම් කේන්ද්‍රගත කරගනිමින් තිරු ලිපියක් ලියන නීතිඥා කිශාලි පින්ටෝ ජයවර්ධනය පසු ගිය සති අන්තයෙහි සිය ලිපිය අවසන් කර තිබුණේ මෙසේය.

“යටත් විජිත සමය අවසන් කොට නිදහස් ලබා ගතවූ දශක ගණනාවකට පසු දක්නට ලැබෙන්නේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය සේවය වැනි ආයතන ද්විතීයක තැනකට පත් කැරෙමින් මිලිටරි පාලනයක් කරා තල්ලු කරනු ලැබීමකි. එළඹෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී ශ්‍රී ලංකාව මිලිටරිකරණය කිරීමට සෑම අන්දමකින්ම විරුද්ධත්වය දැක්වීම අපේ ප්‍රධාන මූලිකත්වය විය යුතුය. උතුරෙහි සිට දකුණ දක්වා නැගිය යුතු කාහල නාදය එයයි!”

ශ්‍රී ලංකාව එළඹෙමින් සිටින්නේ සමහර විට එහි තීරණාත්මකම මං සන්ධියකට විය හැකිය. දේශපාලන පක්ෂපාතීත්වයන් නොසළකා මෙම මිලිටරිකරණය පරාජය කිරීම සියලු විපාක්ෂික දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරයන්හි මූලිකත්වයක් විය යුත්තේ එනිසාය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya