iMAGE: Vikalpa 

ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නකි. නමුත් විශේෂයෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී ලෝකය පුරා ජනතාවට මුහුණ දීමට සිදු වූ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලොව පුරා කෙරෙන අභිමානි සැමරුම් වෙනත් ස්වරූපයක් ගෙන තිබේ. ඒ වෙනුවෙන් විකල්ප වෙබ් අඩවිය විසින් මෙවර #PrideMonth2020 නමින් විශේෂ වීඩියෝ පෙළක් නිකුත් කෙරිණි .

එහි දිගුවක් ලෙස නීතිමය තත්වයන්, සමාජ සම්මුති, සංස්කෘතික පිළිගැනීම් ආදියේ බලපෑම් මත තම අනන්‍යතාව හේතුවෙන් තමන්ට හිමි ගෞරවය, අයිතීන් මෙන්ම හිමිකම ලබා ගැනීමට ශ්‍රී ලංකා සමාජය ඇතුළේ අරගල කරමින් සිටින LGBT ප්‍රජාවට 2020 අගෝස්තු මාසයේදී එළඹෙන මහා මැතිවරණය විශේෂ වශයෙන් වැදගත් වන්නේ කෙසේද යන්න පිලිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා LGBT අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරිකයෙකු වන වරදාස් ත්‍යාගරාජාගෙන් විකල්ප විසින් විමසීමක් කරන ලදී.

මේ ඔහු විසින් අප වෙත දැක් වූ අදහස්

අපි දන්නවා ලංකාව කොරෝනා වසංගතය මධ්‍යයේ එළඹෙන අගෝස්තු මාසයේ මැතිවරණයකට මුණ දෙන යනවයි කියන එක. මේ වගේ අවස්ථාවක පහුගිය ජන්ද කීපයකම අපි ප්‍රජාවක් හැටියට විවධ කාරණා නිසා විවිධ පුද්ගලයින්ට ජන්දය පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ මොහොතේ අපි පැහැදිලි තීරණයක් ගන්න ඕනි රට ගැන වගේම සංක්‍රාන්ති ඇතුලු සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම්, ඒ වගේම ඒගොල්ලෝ කොන් කිරිමට එරෙහිව හඬ නගන්න පුළුවන් පුද්ගලයින් මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා පත් කරලා යවන්න මේක අපි හොඳ අවස්ථාවක් කරගන්න ඕනි, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා මේ රටේ අපිට එරෙහිව සිද්ධ වෙන කෙනෙහිලිකම්, කොන් කිරීම් පිලිබඳ පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න අවස්ථාවක් හැටියටයි මේක පාවිච්චි කරන්න ඕන

සම්පුර්ණ අදහස් දැක්වීම සඳහා

ෆේස් බුක් ඔස්සේ නැරඹීමට