iMAGE: GAIAAGE

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින් පරිසරවේදීන් කියා සිටියේ දැනට ආන්දෝලනයට තුඩු දී ඇති ඇමෙරිකානු සහශ්‍ර අභියෝගතා ව්‍යාපෘති ගිවිසුම (MCC) ඇතුලු අනෙකුත් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ආයෝජකයින්ට ඉඩම් පැවරීමේදී ඇති වීමට නියමිත ගැටලු මගහරවා ගැනීමට පෙර සුදානමක් ලෙස, ඉහත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට හදිසි සංශෝධන ගෙන ඒම සිදුවිය හැකි බවය.

විශේෂයෙන්ම මෙරට සමස්ත වන ආවරණය ලෙස සැලකෙන 17% භුමි ප්‍රමාණයෙන් වැඩිම කොටසක් ආරක්ෂා වී ඇත්තේ මෙම චක්‍රලේඛනය මඟින් ක්‍රියාත්මක ප්‍රතිපාදන නිසා බව පරිසරවේදීන්ගේ අදහසයි. 2001 වසරේ අගෝස්තු 10 වන දින එවකට වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි එන් .පල්මනාදන් මහතාගේ අතිසනින් මෙම චක්‍රලේඛනය නිකුත් කොට තිබේ.

මෙය වඩාත් වැදගත් වන්නේ එතෙක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත තම තනි කැමැත්ත මත විව්ධ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමට තිබු බලය මුළුමනින්ම අහෝසි කර එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හරහා එකී අමාත්‍යංශයේ, අමාත්‍යංශ කමිටුවකට ලබා දීමයි. වන සම්පත්, ඉඩම් , වන ජිවී යන ලෙස සියලු විෂයන් ආවරණය කෙරෙන අමාත්‍යංශ හා රජයේ ආයතන නියෝජනයක් සහිතව අදාළ කමිටුව පත් කොට තිබුණි. කෙසේ වෙතත් 05/2001 චක්‍රලේඛනයට ගෙන ඒමට නියමිත හදිසි සංශෝධන හරහා එම බලය නැවත ප්‍රාදේශය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මේ පිළිබඳ පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් විකල්ප වෙබ් අඩවිය විමසීමක් කළ අතර මේ එහිදී ඔහු අප වෙත දැක් වූ අදහස්

 

ෆේස් බුක් ඔස්සේ නැරඹීමට