අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව අමාත්‍යවරුන් ඊයේ දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍ය ධුර 25 ක් සහ රාජ්‍ය අමත්‍ය ධුර 39 ක් ඊට ඇතුළත්ව තිබේ.

ඉදිරි වසර 5 සඳහා බලයට පත්ව ඇති රජය කෙරෙහි විශ්වාසය තබා ඇති ජනතා අපේක්ෂා “සෞභාග්‍යයේ දැක්ම” හරහා ආමන්ත්‍රණය කැරෙනු ඇතැයි ඔවුහු ඒ අනුව බලාපොරොත්තු වෙති. මේ ඔවුන්ගේ හඬය. කොරෝන වසංගත තත්වය් හමුවේත්, ආර්ථික අභියෝග හමුවේත්, ජිවන අරගලයක කොටස් කරුවන් වී සිටින මහා පොළොවේ මිනිසුන්ගේ ආමන්ත්‍රණයට ඇහුන්කම් දීම එහෙයින් අතිශය වැදගත්ය.