iMAGE: Getty Images

සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනු ලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි.(රැල්ෆ් ලින්ටන්, 1940)

යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සාමාජිකයන්ගේ හැසිරිම් පිළිබඳව  අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ෂණ අනුව එකි සමාජයේ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගේ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිළිබඳව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් ඇසුරෙන් කරන ලද පරීක්ෂණය  හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

එම පරීක්ෂණයට අනුව එකම වනාන්තරයක් තුළ සමාන භුගෝලීය පිහිටිමක් ඇති පරිසරයක සිටින නමුදු  වෙනස් සංස්කෘතින් සමානුයෝජනය විම මත එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ෂණ පෙන්විමක් දක්නට ලැබුණි .මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන් ඉතා කලහකාරී ,ආක්‍රමණශීලී ,ආකාරුණික පිරිසක් වු අතර ඇරපෙශ් ග්‍රෝතිකයන් සාමකාමි,කාරුණික පිරිසක් විය.මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන් සිය දරුවන් හට කිරි ලබා දුන්නෙ තමන්ට හිතුන,කැමති වේලාවකය. ඒ බැවින් එම ළදරුවන් බොහෝ විට කුසගින්නේන් පෙලෙන්නට විය. එම දරුවන් කුඩා කලම දෙමාපියන්ගේ කෲර දඩුවම් වලට හිමිකම් කියු අතර ඔවුන් හට දෙමාපියන් ගේ හෝ වැඩිහිටියන් ගේ ආදරය,රැකවරණය ,අවදානයද හිමි නොවිය.ඔහුන් නිතරම දකින ලද්දේ දෙමාපියන් ගේ කෝලාහලය. නමුත් ඇරපෙශ් ග්‍රෝතිකයන් ගේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය.ඔහුන් තම දරුවන් හට බොහොසේ ආදරය කල අතර නිතර තම අවදානය ළමුන් හට යොමු කලේය. එහි ප්‍රතිඵලය ලෙස ඇරපෙශ් ග්‍රෝතිකයන්ගේ ළමුන් කාරුණික, සාමකාමි පිරිසක් බවටත් මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන්ගේ දරුවන් ආක්‍රමණශීලී ආකාරුණික පිරිසක් බවටත් පත් විය.ඉතින් මෙම තත්ත්වය  අපරාධ වලට හේතු කාරක වන්නේ කෙසේද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

2012 දෙසැම්බර් 16 දා ඉන්දියාවේ නි‍ර්භයා (සත්‍ය නම හෙලි නොකර මාධ්‍ය විසින් දැමු නමක්) නම් වෛද්‍ය තරුණිය සමුහ දුෂණයට ලක්ව මිලේච්ඡ වධහිංසාට ලක්ව දකුණු ඉන්දියාවේදී මරා දැමුනු සිද්ධිය ඔබට අමතක නැතැයි සිතමි.එහිදි එම අපරාධය සිදුකරන ලද අපරාධ කරුවන් වනුයෙ බස් රථ රියදුරු හා ඔහුගේ සහොදරයා, දකුණු ඉන්දියාවෙ මුඩුක්කු පැල්පත් වාසින් දෙදෙනෙක්, රැකියාවක් සොයා දිල්ලිය ආ තරුණයෙක් සහ අවුරුදු 17 වයසැති බාලවයස් කරුවෙක් ය. දුගී සංස්කෘතිය හට ඔහුන් උරුම කම් කියු අතර නිර්භයා හා ඇයගේ පෙම්වතාගේ ප්‍රේමය ඔහු දකින්නේ සංස්කෘතිය විනාස කරන අශිලාචාර හැසිරිමක් ලෙසය.ඉන් ඇති වු කතාව අවසානයේ නතර වුයේ මිලේච්ත්වයෙනි. ඉන්දියාවේ සාම්ප්‍රදායික මතදාරින් සිය සංස්කෘතිය ආරක්ෂා කිරිමේ නමෙන් මෙලෙස අපරාධ කිරිම ඉන්දියාවෙ අද ඊයෙක සිදු වුවක් නොවන අතර එය හෙටද නැවත සිදුවිය හැක.දැඩි කුලවාදයක් සහිත ඉන්දියාවෙ විරුද්ධ කුල අතර විවාහ,ප්‍රේම සම්බන්ධතා වලට පිළිතුරු ලෙස බොහෝ අපරාධ සිදුවි ඇත. කුල සංස්කෘතිය එපමණ බලපෑම් කිරිමට තරම්  ජිවිතයට සමිපය.

සමාජයක පුද්ගලයාගේ හැසිරිම් රටාවට පැහැදිලිවම එම සමාජයේ සංස්කෘතිය බලපෑම් කරයි.එය යහපත් හො අයහපත් ලෙසට බලපෑම් කරන්නේද යන්න තීරණය කරන්නේ එම සංස්කෘතියෙහි ලක්ෂණ හා එම බලපෑමට යටත් වන පුද්ගලයාගේ සිතුවිලිය.උදාහරණයක් වශයෙන් වර්තමානයේ අප රටේ ඇති සමලිංගික විරෝධය සැලකිමේදි එයට බොහෝ දුරට සංස්කෘතික ලක්ෂණ බලපෑ ඇති බව නිරික්ෂණය කල හැක. අප රටේ සංස්කෘතිය තුළ  සමලිංගිකත්වය පිළිකුල් කරන අතර ඒ හරහා සමාජයේ පුද්ගලයා සිය තීරණ ගැනීමේදී සමලිංගිකත්වය යන්න දකින්නේ පිළිකුලක් ලෙසය. සමලිංගිකත්වය  තහනම් නොවන සංස්කෘතියක් තුළ වුව සමලිංගිකත්වය කෙරෙහි දක්වන ආකල්පය  සමස්තයක් ලෙසම ධනාත්මක යැයි අපිට කිව නොහැක. වර්තමානයේ සමලිංගිකයින් හට එල්ලවන කායික හා මානසික හිරිහැර එයට හොදම උදාහරණයකි. එවැනි සමාජයක් තුළ වුවද සමලිංගිකත්වය යනු බරපතළ අපරාධයක්,දේව අපහාසයක් විම සාමාන්‍ය දෙයකි.

සෑම විටම සංස්කෘතිය යන්න එකතැන පල්වන දෙයක් නොවන බවද අප වටහා ගත යුතුය. යම් ලෙසකින් සංස්කෘතිය එකතැන පල් වෙන්නෙ නම් එම සංස්කෘතියහි,එම සමාජයේ පැවත්ම පිළිබඳවද ගැටලු පැන නගි. සංස්කෘතිය යන්න සෑම විටම නව අදහස්, නීති හො බාහිර සංස්කෘතික ලක්ෂණ නිසාවෙන් වෙනස් විම්වලට භාජනය වෙයි.යම් සංස්කෘතියක් තුළ පවතින සෘණාත්මක අංගයන් හා මිත්‍යා දෘෂ්ටිකත්වය සහිත අංගයන් නිරතුරුවම අභියෝගයට ලක්විමක් දක්නට ලැබෙයි. උදාහරණයක් වශයෙන් බටහිර රටවල් සමලිංගිකත්වය කෙරෙහි වර්තමානයේ දක්වන්නේ යහපත් ආකල්පයකි. නමුත් මීට පෙර; 1950 වැනි කාලයට පෙර එම රටවල් වලද සමලිංගිකත්වය සෘණාත්මකව සැළකු නමුදු  පෙර කී පරිදි එකී සෘණාත්මක ආකල්ප අභියෝගයට ලක් විය. නමුත් එකි වෙනස්කම,එකි සංස්කෘතික විතැන් විම එක්වරම කිසිවිටකත් සිදු නොවුණු අතර ඒ සදහා අතර සැලකිය යුතු කාලයක් ගතවිය.

1993 දි නෙබ්‍රස්කා ෆොල්ස් සිටි වෙත තරුණයෙක් අලුත් ආරම්භක් සදහා පැමිණෙයි .ඔහු නමින් බ්‍රැන්ඩන් ටීන් ය.ඔහු 1993 දෙසැම්බර් 19 අත් අඩංගුවට පත් වන්නේ වාහන සොරකම, ක්‍රෙඩිට් කාඩ් වංචාව නිසා සහ ඔහුගේ උපන් ගම වන ලින්කන් හි උසාවි මග හැරිමේ චෝදනාව මතය. ඔහුගේ පෙම්වතිය වන ලානා ට්ස්වේල් ඔහුව බේරගැනිමට පැමිණෙන විට ඇයට දැනගන්න ලැබෙන්නෙ තම පෙම්වතා බ්‍රැන්ඩන් ටීන් යනු  Transgender කෙනෙක් වන බවත් ඔහුගේ මුල් අනන්‍යතාවය  ටීනා බ්‍රැන්ඩන් නම් බවත්‍ ය.පසුව මෙම ටීනා බ්‍රැන්ඩන් (බ්‍රැන්ඩන් ටීන්) නිදහස් වන නමුත් බ්‍රැන්ඩන් ටීන් ගේ මිතුරන් වන ජෝන් හා ටිම් හට මෙකී ආරංචිය එසැනින් ලැබේ .එනම් තමන්ගේ මිතුරා තරුණයෙක් නොව තරුණියක්ව සිටි බව ඔවුන් දැනගනියි .ඉන්පසුව  ඇය මෙතුවක් කලක් ඔවුන්ව  රැවටිම පිළිබඳවත්, තමාගේ හිටපු පෙම්වතිය ලානාව රැවටිම පිළිබඳවත් උරණ වු ජෝන් ටිමි හා එකව ටීනා බ්‍රැන්ඩන්ව (බ්‍රැන්ඩන් ටීන් ) 1993 දෙසැම්බර්  19-31 අතර තුර වධහිංසා කරමින්,දුෂණය කරමින් මරා දමන ලදී .මෙම සංවේදී සිදුවිම Boys Don’t Cry නම් චිත්‍රපටයක් ලෙස පසුව නිර්මාණය විය. ප්‍රශ්න නම් ඇයි එසේ එය සිදුවුණේ ? සමලිංගිකත්වය එරෙහිව ඇමරිකන් සංස්කෘතිය තුළ තිබූ බලපෑම් එයට පිලිතුර නොවේද ?

ඇමරිකන් සංස්කෘතිය සමලිංගිකත්වය පිලිගත්තද එකී සංස්කෘතිය තුළ සුලු වශයෙන් හෝ සමලිංගිකත්වය හට විරුද්ධ පිරිස් සිටින බව ඉන් නිරුපණය නොවන්නේද ? මෙම සිදුවීම හා සමාන සිදුවීමක් පසුගිය මාසයේ පමණ ඔස්ට්‍රේලියාවේන්ද වාර්තාවිය. එනම් තම දියණියගේ සමලිංගික ලක්ෂණ නොරිසි වු පියා විසින් ඇයව සමලිංගිකත්වයෙන් මුදා ගනු පිණිස ඔහුගේ මිතුරන් සමඟ එක්ව දුෂණය කිරිමයි. මේ කරුණු කාරණා වලින් නිරුපණය කරන්නේ යම් සංස්කෘතියක පසුගාමී මතවාද ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉවත් කළ නොහැකි බව නොවේද? තව එම පසුගාමී මතවාදින් තම මතවාද මුදුන් පත් කරගැනිමට ප්‍රචණ්ඩත්වය මුදා හැටිමට පසුබට නොවන වග නොවේද ?

අප රටේ සංස්කෘතිය හා සමලිංගිකත්වය අතර ඇති ගැටුමට විසඳුම් සෙවිමේදි අප මෙම ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගත යුතුය.තවද කඩිනමින් සමලිංගික අයිතිවාසිකම් පිළිගැනීමට අවශ්‍ය නීති සැකසිමට අප පෙළඹිය යුතුය. අප සංස්කෘතිය සහ සමලිංගිකත්වය අතර ගැටුමට පිළිතුරු ලෙස සමලිංගිකත්වය පිළිගන්නා තැනට සංස්කෘතිය වෙනස් කිරිම මිස සංස්කෘතිය විසින් සමලිංගිකත්වය පිළිගන්නා තුරු බලාසිටිම නම් විහිලුවකි.අවශ්‍ය වන්නේ ඉදිරිපත් විම සහ නැගිසිටිමයි.

රියෝ සගාරොක්ස් | Rio Sagaarox