සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’‛අද මෙතන ඉන්නම ඕන කෙනෙක් අඩුයි මේ සභාවේ’’ අතුරුදහන් කළ මාධ්‍යවේදී ‛ප්‍රගීත් සොයමු’ සම්මන්ත්‍රණයේදී – එස්. ජී.

”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි එදත් එකතු උනේ. ඒ රුස්වීම්වල අනිවාර්‍යයෙන්ම හිටි කෙනෙක්. ඉතින් එයා නැති අඩුපාඩුව පේනවා මේ සභාවේදී, එයත් හිටියනන් හොඳයි. මොකද දිගින් දිගටම පුද්ගලයින් අතුරුදහන් කිරීමට විරුද්ධව ඔහු එදා හඬ නැගුවා. එදා එයා හඬ නැගුවේ එක්නැළිගොඩ වැනි අයත් අතුරුදහන් කිරීම වැරදියි කියන ප්‍රතිපත්තියේ ඉඳලා. ඉතින් ඔහු මේ සභාවේ නැති එක ගැන තියන කණගාටුව නිසාම ඔහුට ආරාධනා කරන්ට වෙනවා ඉන්නවානම් කොහේ හරි, අවිල්ලා මේ සභාවේ අසුන් ගන්නයි කියලා, මහජන උද්ඝෝෂණය විසින් අතුරුදහන් කිරීමට පෙර. ඒ මහින්ද රාජපක්ෂ.’’ නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා විසින් ප්‍රගීත් ඒක්නැළිගොඩ අතුරුදහන් කිරිමට විරැද්ධව පැවති සම්මන්ත්‍රණයේදී අද කොළඹ දී පැවසීය.

මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ අතුරුදහන් කිරීමට විරුද්ධව, ඔහු සොයා ගැනීම සඳහා, ‛‛දින 200යි, තවම නැහැ’’ යන තේමාවන් මුල් කර ගිනිමින් අද(9) දහවල් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතරුව පාගමනින් මහජන පුස්තකාලයට පැමිණි එම පිරිස එහිදී සම්මන්ත්‍රණයක් පැවැත්වූහ.

විශාල පිරිසක් එක්වූ එම සත්‍යග්‍රහය සහ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ මාධ්‍ය සංවිධාන එකමුතුවයි.

(මෙහි සම්පූර්ණ සටහන සහ වීඩියෝ පටය ඉතා ඉක්මනින් ‛විකල්ප’ තුළින් බලාපොරොත්තු වන්න)